‘ගම සමග පිලිසදර’ කියූ වැඩ නොකෙරුනැයි යූ ටියුබයට කියූ මීමුරේ වැසියන් පොලිසි කැදවයි..

January 11, 2022 at 3:50 pm | lanka C news
‘ගම සමග පිලිසදර’ කියූ වැඩ නොකෙරුනැයි යූ ටියුබයට කියූ මීමුරේ වැසියන් පොලිසි කැදවයි..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීමුරේ ප්‍රදේශයේ පැවති ‘ගම සමඟ පිළිසඳර’ වැඩසටහනට පැමිණ ලබා දුන් උපදෙස් මත නිලධාරීන් වැඩ කර නැති බවට එම ප්‍රදේශයේ වැසියන් කිහිප දෙනෙකු අන්තර්ජාල නාලිකාවකට ලබාදුන් තොරතුරු පිළිබඳව පොලිසිය විසින් ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

ගම සමග පිලිසදරේදී රාජ්‍ය නිලධාරීන්ට ජනාධිපතිවරයා යම් උපදෙස් ලබා දුන් නමුත් මේ දක්වා ඒවා ක්‍රියාත්මක නොවූ බව මීමුරේ වැසියන් විසින් අන්තර්ජාල නාලිකාවකට සඳහන් කර තිබිණි.

එය ප්‍රචාරය වූ පසුව මහනුවර දිස්ත්‍රික්ක නියෝජනය කරන අමාත්‍යවරයෙකුගේ ලේකම්වරයෙකු ඒ පිළිබඳව උඩුදුම්බර පොලිසියට පැමිණිල්ලක් කර තිබිණි.

එම පැමිණිල්ල අනුව ප්‍රකාශ ලබාදුන් මීමුරේ වැසියන් පොලිසියට කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

වැසියන් සඳහන් කරන්නේ තම ගමට සිදු වූ අසාධාරණය පිළිබඳව තමන් අන්තර්ජාල නාලිකාවකට මෙසේ ප‍්‍රකාශ ලබාදුන් බවයි.

84,520 views

31 Comments to “‘ගම සමග පිලිසදර’ කියූ වැඩ නොකෙරුනැයි යූ ටියුබයට කියූ මීමුරේ වැසියන් පොලිසි කැදවයි..”

  1. Laki says:

    කෑ ගහන අසූචි බයියෝ හිතං ඉන්නේ මේ රට චීනේ වගේ බලවත් කියලා. අනුරලා කොමියුනිස්ට් නිසා බැන්නොත් මරයිලු. (ලසන්තලට උනා වගේ වෙන්න ඇති). උන් දන්නෑ මොකා මොන වාදයට අනුව පාලනය කරන්න පටන් ගත්තත් මේ රටේ මානව හිමිකම් දිහා ලෝකෙම බලං ඉන්නවා විතරක් නෙමෙයි අතත් දානවා කියලා. මොකා මොක කිව්වත් ෆේල් වෙච්ච එකා ෆේල්ම තමා.ගොඩ ඒමක් නෑ.

  2. says:

    Sir Fail. Believe it. All the politicians get ready to get slap by people. In near future, if this government do not allow to make a peaceful election, this will end like a Libiya.
    Gotabaya you cannot manage even GN division. Your the people who need to take the responsibility of easter attack. You came to power by killing innocent people, and you and your family including all henchmen will receive its revenge very near in future.

Leave a Comment

Main News