“ගම සමග පිළිසඳර” ප්‍රගතිය බලන්න ජනපති හල්දුම්මුල්ලට යයි…

April 27, 2021 at 2:28 am | lanka C news
“ගම සමග පිළිසඳර” ප්‍රගතිය බලන්න ජනපති හල්දුම්මුල්ලට යයි…

“ගම සමග පිළිසඳර” පළමු වැඩසටහනේ ප්‍රගතිය නිරීක්ෂණය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා 26 පෙරවරුවේ බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල, වෙලංවිට ග්‍රාමයේ චාරිකාවක නිරත විය.

මෙතෙක් නිසි අවධානයට ලක් නොවූ නගරයෙන් බැහැර දුෂ්කර ගම්වල ජනතාව හමුවී ඔවුන්ගේ ගැටලු විමසා ඒ මොහොතේම නිලධාරීන්ගේ අවධානය යොමු කොට විසඳුම් දීමේ අරමුණින් පසුගිය සැප්තැම්බර් 25 වන දින “ගම සමග පිළිසඳර” වැඩසටහන ජනාධිපතිතුමා විසින් ආරම්භ කෙරිණ.

බදුල්ල දිස්ත්‍රික්කයේ දුෂ්කරතම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ලෙස හඳුනාගෙන තිබූ හල්දුම්මුල්ල වෙලංවිට ග්‍රාමය, වැඩසටහනේ පළමුවැන්න විය. ජනතාව පෙන්වා දුන් සහ එහිදී හදුනාගත් ගැටලුවලට කඩිනමි විසඳුම් දීමට ජනාධිපතිතුමා අදාළ බලධාරින් වෙත පවරනු ලැබීය. මාස 07 කට පසු එහි ප්‍රගතිය සොයා බැලීම ජනාධිපතිතුමාගේ අද (26) චාරිකාවේ අරමුණ විය.

‍ජනතාවගේ ඉල්ලීම පරිදි යුද හමුදාව ඉදි කළ කොටබෝගස්තැන්න ක්‍රීඩාංගණයෙන් ජනාධිපතිතුමාගේ නිරීක්ෂණ චාරිකාව ආරම්භ කෙරිණ.

හපුතලේ සිට වෙලංවිට දක්වා බස් රථ දෙකක් ධාවනයට එක් කිරීම අද සිට සිදු කෙරේ. දිනකට ගමන් වාර දෙක බැගින් ගම්මාන 08ක් ඔස්සේ බස් රථ දෙක ධාවනයෙන් මෙතෙක් පැවති ප්‍රවාහන දුෂ්කරතාවට විසඳුම් ලැබේ.

වන අලි පහරින් කැඩී ගිය, යුද හමුදාව ඉදිකළ නව නිවස ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් කෙරිණ. “ ගම සමග පිළිසඳරින්” ප්‍රතිලාභ අත්කරගත් ඉඩම් ඔප්පු ලාභීන් කිහිප දෙනෙකු සමග කථා කළ ජනාධිපතිතුමා වගා කටයුතුවල අඛණ්ඩව නිරත වන ලෙස උපදෙස් දුන්නේය.

වෙලංවිට ග්‍රාමයේ විදුලි අලි වැට වසර දෙකකට ආසන්න කාලයක් අක්‍රීයව පැවතිණ. එහි දිග කි.මි 6 කි. විදුලි වැට ප්‍රතිසංස්කරණය කර සක්‍රීය කර ඇත. අලි වැට ආරක්ෂා කර ගැනීම ගම්මානයේ ජනතාවටම පවරා තිබේ. එක් කිලෝ මීටරයකට එක් අයෙකු බැගින් මාසිකව රුපියල් 7500ක දීමනාවක් ලැබෙන සේ පුද්ගලයන් 06 දෙනෙකු ඒ සඳහා පත් කර සිටිති.

අක්කර සියය, කුමාරතැන්න සහ වෙලංවිට ගම්මානවල විදුලි සැපයුම සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 54කි. නිවාස 83කට තෙමසක් තුළ විදුලිය සැපයීමට විදුලි බල මණ්ඩලය පියවර ගෙන ඇත.

නිරීක්ෂණ චාරිකාවේ නිරත ජනාධිපතිතුමා මග දෙපස රැස්ව සිටී ජනතාවගෙන් තොරතුරු විමසා බැලීය.

වැඩ අවසන් හා ක්‍රියාත්මක වෙමින් පවතින සංවර්ධන ව්‍යාපෘති සහ මාර්ග සංවර්ධන කටයුතු නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා ඒවා කඩිනමින් නිම කර ජනතා අයිතියට පවරාදීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය.

ජනාධිපතිතුමාගේ පැමිණීම සමග ගමේ පොදු ජන ජීවිතය මුහුණ දුන් ගැටළු රැසකට විසඳුම් ලැබීම පිළිබඳව මහ සංඝරත්නයේ සහ ජනතාවගේ බලවත් ප්‍රසාදය රාජපක්ෂ මැතිතුමා වෙත පිරිනැමිණ.

බණ්ඩාරවෙල නගර සැලැස්ම සහ හපුතලේ නගරය සංචාරක ආකර්ශණයක් සහිතව සංවර්ධනය කිරීමට ජනතා නියෝජිතයන් කළ ඉල්ලීම කෙරෙහි ජනාධිපතිතුමාගේ අවධානය යොමු විය.

ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල්, රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුදර්ශන දෙනිපිටිය, චාමර සම්පත් දසනායක, තිස්ස කුට්ටිආරච්චි යන මහත්වරු, ප්‍රදේශයේ මහජන නියෝජිතයෝ සහ රාජ්‍ය නිලධාරීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

18,029 views

18 Comments to ““ගම සමග පිළිසඳර” ප්‍රගතිය බලන්න ජනපති හල්දුම්මුල්ලට යයි…”

  1. ගජමැන් says:

    හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති

    • ගජමෑන් සෑර් says:

      මේ ගජමෑන් තමයි රටේ ඉන්න ලොකුම ජෝකර්. මගුලටද රට්ටු බදු ගෙවාගෙන පලාත් සභා, ප්‍රදේශීය සභා නඩත්තු කරන්නේ.

      මගේ නෑයෝ බොහෝ දෙනෙක් ඉන්නවා වාද්දුව ප්‍රදේශීය සභාවට (කළුතර දිස්ත්‍රික්කය) අයත්. ඉන් පවුල් හයක වරිපනම් වල නම වරදවා ලියලා තියෙන්නේ. එහෙම බලනකොට ඔක්කොම වරිපනම් වාර්තාවල කොපමන වැරදි ඇද්ද? අනෙක් වැරදි. අවුරුදු කිහිපයක් තිස්සේ ඒවා නිවැරදි කරන්න ලිපි ලබා දීලා තියෙනවලු, ඒත් තවම හදලා නැහැ.

      එක නෑයෙක් ඉතාම හදිසි කරුණකට අනුමැතියක් ගන්න ගිහින් තියෙනවා ඒ කාර්යාලයටම. මාස එකහමාරක් තිස්සේ තවම එහාට මෙහාට ඇද ඇද ඉන්නවලු. කිහිප වරක් ගිහින් විමසුවහාම කියන්නේ “හරි මිස්, හෙට අනුමැතිය දන්වලා ලිපිය එවන්නම්” කියලා.

      සපෝටර්ලාට රැකියා දෙන්න අනවශ්‍යය පාළන ඒකක බෙදලා නිළධාරීන් පත් කරනවා, නමුත් උන්ට හරියට නමක්වත් ලියන්න තරම් සුදුසු කමක්වත් නැහැ.

      ගජමෑන් කරන්න ඕනේ ෂෝ එකට ගම් ගානේ යන එක නෙවෙයි. ඔය ඉළව් පාලාත් සභා ක්‍රමයම අහෝසි කරලා, අර බොහෝ ඉස්සර තිබුනා වගේ ක්‍රමයක් ඇති කරන එක.

      • JRJ says:

        ඔය විනාශකාරී ක්‍රමය රටට හඳුන්වල දුන්නු උගත කවු ද බන් ??

        ඉන්දියාව අත අඹරල කරවපු එක ,ඒ ලොකු උගතාගේ පක්ෂේ ආණ්ඩුව කරන කාලේ අහෝසි කරන්න කියල සිරිකොත ඉස්සරහ හෙළුවෙන් ඉන්න තෝ ලංකාවේ හිටියේ නැතෙයි !!??

    • Naughty Boy says:

      දැන් ලංකාවට කියන්නේ බැසීලය කියලා..මොකද මේකේ වැඩ වෙන්නේ බැසිල්ට ඕන විදියට.
      බ්‍රසීලයේ රැල්ලයි බැසීලයේ රැල්ලයි දෙකක්..මෙහේ නාලිකා දෙකකින් තමයි රැල්ල මවන්නේ.

    • kamal says:

      ගජමැන්වගේ ජෝකර්ලට මෙික විහිලුවක් උනාට රටෙි බහුතරයක් සගේ වැඩපිලිවෙල අගේ කරන බව පැහැදිලියිනේ. ඊයේ අපි දැක්කා ඒ ගමිවල අසරන මිනිස්සුන්ගේ සතුට. ඒවගේ දුස්කර පලාත් වලට මොන තරමි සහනයක්ද? ඇයි හැමදේම දේසපාලන කන්නාඩියෙන්ම බලන්නේ හොද දේ හොදයි කියන්ඩ කුහක වෙන්ඩ එපා බං. උඹ පුඑවන්නමි ඒ ගමකට ගිහින් ඔයවගේ කතාවක් කියහන්කෝ පුස් ඇට දෙක කටෙි ඔබලා එවයි

      • අකමල් says:

        දිගු දැක්මක් නැති කෙටි කාලීණ ආතල්. ඔහොම ජනාධිපතිම ගිහින් පහලම මට්ටමේ ප්‍රශ්ණ විසඳන්න ඕනේ නම්, ඒ දක්වා විහිදුනු රාජ්‍යය යාන්ත්‍රණයක් බම්බුවකටද? නිකන් මහජන මුදල් වලින් පඩි කන්න විතරයි.

        • kamal says:

          එතකොට පහුගිය අවිරැදු 70වක් විතර උඹ කියන ඔය දිග එකෙන් විසදා වෙන්ඩ අති රට සෝමාලියාවටත් පහලින් ඉන්නේ. වෙනස තේරැම් ගනින් කන්නාඩිය ගලවපං අගය කරන්ඩ පුරැදුවෙයන් ලිං ගෙමිබෙක් වෙන්නෙ නැතුව

  2. කෝ.. ඉන්දියාව දිහා දෙවිවරු බැලුවද ? says:

    ජනාධිපතිතුමනි…, මිත්‍යාදෘෂ්ඨිකයන්ගෙන් රටත් ජනතාවත් බේරා ගන්න. ඉන්දියාවට උනු විපත මෙහෙට වෙන්න දෙන්න එපා… කොරෝනා වසංගත අවධානම ඇති විට හයියෙන් ලවුඩ්ස්පීකර් දමාගෙන පන්සල් පල්ලි කෝවිල් වලින් කරන මුදල් හම්බ කිරීමේ කටයුතු නවත්වන්න !!!

    • අන්ධ දෙවියා says:

      ලොකුම මිත්‍යා කාරයෝ ඉන්නේ රාජපක්ෂ පවුලේ. ඒක රටම දන්නවා

    • හලාල් කෆීර් says:

      අපිලට අල්ල හු අක්බාර්.. කියලා ලවුඩ්ස්පීකර් එකෙන් කෑගහන්න ඔනේ නෑ සල්ලි හම්බ කරන්ඩ. අපි තොපිලට ගහලා තියෙන හලාල් ටැක්ස් එකෙන් සල්ලි තමයි එනවා. තොපි ජීවත් වෙනවට අපිට ටැක්ස් ගෙවපල්ලා. ඒක අපිට අල්ල දීල තියෙන අයිතිය.

    • Ranga says:

      පිරිත් බලයෙන් කොරෝනා වසන්ගතය දුරුවී සියලු දෙන්නා සුව පත්වේවා.!!! සාදු සාධු සාධු 😍😍

    • කෝ.. ඉන්දියාව දිහා දෙවිවරු බැලුවද ? says:

      බුද්ධගයාවේ තියෙන “ඔරිජිනල් ජය සිරිමා බෝධියේ පිහිටවත්”ලැබිලා නෑ ඉන්දියානු බෞද්ධයන්ට, වැඳුම් පිදුම් ලබලන හත්මුතු පරම්පරා බර ගණනක් ඉන්න ඉන්දීය හින්දු දෙවිවරුන්ට , ස්වර්ගයේ ඉන්නවයි කියන කතෝලික දෙවියන්ට සහ ශුද්ධ ආත්මයන්ට , ලෝකය මැව්ව අල්ලා දෙවියන්ට… කිසිම කෙනෙකුට බැරි වෙලා මිනිස්සුන්ව බේරා ගන්න.” ඉන්දියාවේ එහෙම උනත් මෙහෙ ඉන්න මෝඩ මරි හැත්ත තවත් විශ්වාස කරනවා වැඳුම් පිදුම් යාතිකාවලින් , ලවුඩ්ස්පීකර් පිරිත් වලින්කොරෝනා හොඳ වෙනවයි කියලා. “

      • Ranga says:

        එතකොට ඇයි බං මෙි ලෝකේ දුප්පත් පොහොසත් මිනිස්සු සතුටෙන් දුකෙන් ඉන්න මිනිස්සු විදියට වෙනස්. ඒවගෙම ලෙඩක් නැතුවත් මිනිස්ස්සු 60 70 වෙනකොට මැරෙන්නේ. උඹ වගේ උන් හැමාම අසහනෙන් කෝපයෙන් වෛරයේ පිචිචෙන කොට අනිත් මිනිස්සු හිතේ සංතෝසෙන් කාලේ ගෙවන්නේ. එහෙම වෙන්ේ කොහොමද????

  3. බයියන්ට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    ඇත්ත මෙයා අපේ සජි සර් වගේ රටපුරා ජංගම සේවා තියන්ඩ ඔීනේ 205න් පස්සේ රට හදන හැටි කියන්ඩ ඔනේ. ගොං බයියන්ට මෙිවා මැජික්

  4. Nayana says:

    ගම පෙරලන්ඩ කියලා ලක්ස 5 ගානේ වියදමි කරලා බොඩි ලැලි ගැහුවෙි නැති උනාට මෙිවා හොද වැඩ

  5. Antidora says:

    Lies lies utter lies
    Can’t coverup any more about covid19 best control (my foot)
    People are sick and dying
    The face of the government exposed …
    Do something or shut up and let us at least die in peace
    You travel and show your concern because you have got both doses of the vaccine …

  6. lotus says:

    අපේ රට පාලනය කරන අය නැ ……. “අපි මරු සමග පිළිසදරේ ‘ …… Man Gaththa 100 Acres Land eka Balalama enna.

  7. TNA says:

    Take care Mr. President and be aware of corona