ගම හදන්න, බැංකු ගමට ගෙනියන්න…- ජනපති

July 3, 2020 at 8:02 am | lanka C news
ගම හදන්න, බැංකු ගමට ගෙනියන්න…- ජනපති

ගම ගොඩනැගීමට නම් ග්‍රාමීය ආර්ථිකය සහ ජනතා අවශ්‍යතා හඳුනාගනිමින් බැංකු සේවා ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

පිට රටවලින් පැමිණ කර්මාන්තශාලා අරඹන තෙක් නොසිට අපනයන කෘෂිකර්මාන්තය සංවර්ධනය කිරීම කාලීන අවශ්‍යතාවක් බව ජනාධිපතිතුමා කියා සිටී.

කර්මාන්ත බිහි වීම පමණක් සංවර්ධනය නොවන බව පෙන්වා දෙන ජනාධිපතිතුමා කෘෂිකර්මාන්තය කේන්ද්‍ර කරගනිමින් ග්‍රාමීය ව්‍යවසායකත්වය වර්ධනය කළ යුතු බව පවසයි.

ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ වත්මන් ක්‍රියාකාරීත්වය සහ ඉදිරි සැලසුම් පිළිබඳව ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී මේ අදහස් පළ කෙරිණ.

අවශ්‍යතා නිවැරදිව හඳුනාගෙන කෘෂිකර්මාන්තය දියුණු කිරීමෙන් ආර්ථික සංවර්ධනය අත් කරගැනීම රජයේ අරමුණකි. ඒ සඳහා ආර්ථිකය ගොඩනගන ආකාරය පහළ සිට බැලීමේ වැදගත්කම ද රාජපක්ෂ මැතිතුමා පෙන්වා දුන්නේය.

වාණිජ බැංකු ණය සම්පාදනයේදී නිෂ්පාදන ක්ෂේත්‍රයට වඩා වෙ‍ළෙඳ අංශ කෙරෙහි වැඩි අවධානයක් යොමු කරයි. සම්ප්‍රදායට සීමා නොවී ගොවීන් නිෂ්පාදනයට දිරිගන්වමින් ක්‍රියාකිරීම ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ වගකීමකැයි ජනාධිපතිතුමා සඳහන් කළේය.

කෘෂි භෝග ආනයනයට ඉඩ නොතබා උඳු, කුරක්කන්, මුං ඇතුළු ධාන්‍ය වගා දිරිගැන්වීමේ අවශ්‍යතාවද අවධාරණය කෙරිණ.

ඒ ඒ ප්‍රදේශයට ඉලක්ක නියම කරමින් ගොවියා දිරිගැන්වීමට අවශ්‍ය සහාය, බැංකුව ගමට ගෙනයාමෙන් තමා අපේක්ෂා කරන ඉලක්කය බව ද ජනාධිපතිතුමා පැවසීය.

දීර්ඝ කාලීනව ගෙවීමේ පදනම මත මහා පරිමාණ වශයෙන් ණය ගෙන ගෙවීම පැහැර හරින අයට එරෙහිව තදින් ක්‍රියාකළ යුතු බව සඳහන් කළ ජනාධිපතිතුමා රාජ්‍ය බැංකුවලට අයවිය යුතු ණය අයකරගැනීමේ ක්‍රමවේදයක් සැකසීමේ අවශ්‍යතාව ද අවධාරණය කළේය.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, මුදල් ලේකම් එස්.ආර්. ආටිගල, මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන්, ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සභාපති මහින්ද සාලිය, සමාන්‍යාධිකාරී ටී. කූහන් යන මහත්වරු සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

0 views

12 Comments to “ගම හදන්න, බැංකු ගමට ගෙනියන්න…- ජනපති”

  1. Neela says:

    කරනව නම් වැඩ…

    • ලංකාවෙ බැංකු වල ඉන්නේ කම්බ පිංගුත්තර හොරු says:

      ණය නෙමෙයි.., අපි බැංකු ගිනුම් වල දාල තිබුන සල්ලිවත් බැංකු ව්ලින් ආපහු ගන්න දෙන්නේ නෑ.. වේශිගේ පුතාලා කියනවා මාස 3ට විතර පස්සෙ ඇවිල්ලා ගන්න ලු… යකෝ අපි බැංකු වල සල්ලි දාන්නේ උන්ට ඔනේ ඔනේ වෙලාවට ගන්නද..?? මුලින්ම එහෙම කිව්ව නම් උන්ගේ ගුබ්බෑයම් වල දාන්නෙ නෑ නේ.. සති ගනන් රස්තියාදු කරනවා.. අද දෙන්නම් හෙට දෙන්නම් එන්න කියලා බැංකුවට ගියාම කියනවා අනේ සර් තව සතියක් දෙන්න බැංකුවේ සල්ලි නෑ කියලා.. වෙශිගේ නාකි සුත්තලා අපේ සල්ලි වලින් බඩු ගහලා පිං පඩි අරන් පිනට කකා බිබී අපේ සල්ලි විනාශ කරලා.. මෙවා BOC, People’s වගේ රාජ්‍ය බැංකු.. තූ නෙදකින්.. ලීසිං කාරයොන්ට කලින් උල තියන්න ඔනේ මහ බැංකුවේ වේශිගේ සුකන්නලා ව… තූ කම්බ හොරු.. පගා මරුවෝ…

  2. kamal says:

    අභිධර්මයේ තියන විදියට කරුණා චෛතිසිකය හා සම්මා දිට්ඨිය නැතිනම් ප්‍රඥාව කියන්නෙ කරුණාවටයි කියා දැනගැනිම තමයි සෝවාන් විම දියසෙන් කුමාරයා

    • ලංකාවේ සක්කිලි බැංකු ගිනුම් වල තැන්පත්කරුවන් says:

      ණයට , පිනට එපා බැල්ලිගේ පුතෝ.. අපිට අපේ ගිනුම් වල තියෙන සල්ලි ගන්න දීපියව්.. පිටරට ඉඳලා අපි මැරිලා මැරිලා එව්ව සල්ලිවත් මේ බැල්ලිගේ පුතාලා ගන්න දෙන්නේ නෑ.. යකෝ දැන් ගන්න බැරි නම් අපි මැරුනට පස්සෙද ගන්න පුළුවන්..?? තූ තොපි.. Central Bank , BOC, Peoples Bank වල පින්ගුත්තර වෙසිගේ නාකි සුකන්නලාව උල තියල පුච්චපන්.. උන් අපේ සල්ලි හොරා කාලා..

  3. බන්ඩා says:

    අපට රට කර්මාන්තකරණය කිරීමට තරම් industrial infrastructure base එකක් නැහැ. අපට ඇත්තේ agreacultural base එකක්. ජනාධිපති තුමා හරියට හරි. කලයුත්තේ කෘෂිකර්මාන්තය නවීකරණය කර එය නගා සිටුවීමය්. නමුත් බැංකු කෘෂි කර්මාන්තයට නය දෙන්න කැමති නැහැ.

  4. ගොවි පුතා says:

    කෘෂි දෙපාර්තමේන්තුවෙන් ලක්ෂ10 ක නයක් අනුමත කර තිබිය දීත් NDB ය මට නය නිකුත් කිරීමට මාස හයක් ගෙන දවස් පහකට වඩා මා රස්තියාදු කලා. බැන්ක් ට්‍රාන්ස්ෆර් එකකින් වාරිකය ගෙවන්න බැහැ. ශාකාවකට ගිහින් පොලිමේ සිට ගෙවන්න ඕනෑ. බැංකු ⁣නවීන ගොවි තැනට වත් නය දෙන්න කැමති නැහැ.

    • ලංකාවෙ බැංකු වල ඉන්නේ කම්බ පිංගුත්තර හොරු says:

      ණය නෙමෙයි.., අපි බැංකු ගිනුම් වල දාල තිබුන සල්ලිවත් බැංකුව් ආලින් ආපහු ගන්න දෙන්නේ නෑ.. වේශිගේ පුතාලා කියනවා මාස 3 ට විතර පස්සෙ ඇවිල්ලා ගන්න ලු. යකෝ අපි බැංකු වල සල්ලි දාන්නේ උන්ට ඔනේ ඔනේ වෙලාවට ගන්නද.. මුලින්ම එහෙම කිව්ව නම් උන්ගේ ගුබ්බෑයම් වල දාන්නෙ නෑ නේ.. සති ගනන් රස්තියාදු කරනවා.. අද දෙන්නම් හෙට දෙන්නම් එන්න කියලා බැංකුවට ගියාම කියනවා අනේ සර් තව සතියක් දෙන්න බැංකුවේ සල්ලි නෑ කියලා.. වෙශිගේ නාකි සුත්තලා අපේ සල්ලි වලින් බඩු ගහලා පිං පඩි අරන් පිනට කකා බිබී අපේ සල්ලි විනාශ කරලා.. මෙවා BOC, People’s වගේ රාජ්‍ය බැංකු.. තූ නෙදකින්.. ලීසිං කාරයොන්ට කලින් උල තියන්න ඔනේ මහ බැංකුවේ වේශිගේ සුකන්නලා ව… තූ කම්බ හොරු.. පගා මරුවෝ…

    • B. anthony says:

      ගොවි පුතේ මුං කරන්නෙ බොරු. දැන් ගිහින් ඉල්ලන්න බැංකුවකින් අඩු පොලී ණය . ඒවා දෙන්නෙ අඩුම සේවකයො පහක් වත් ඉන්න ආයතන වලටලු. වැඩි පොලී ණය දෙන්නත් ඇපේට ඉඩකඩම් තියන්න ඕනෙලු. කොරොනා නිසා ඇත්තටම හාණියට පත් උනාට ණය දෙන්නෙ නෑ. මහ බැංකුවෙන් නිකුත් කළා කියන මුදල් දේශපාළුවන්ගේ හිතවත් කොම්පැණි වලට දේවි. ඇප නැතිව. හැබැයි පොඩි එකාට ඇට පවා හූරගන්න බලාගෙන ගිණි පොළියටයි ණය දෙන්නෙ. ඒකනෙ කෝටි ගණන් ණය ගත්තු උන් පොලු තියල අය කරගන්න බැරුව ඉන්නෙ. උන්ගෙනුත් ඇප තියා ගත්ත නම් දැන් අයකරගන්න පුළුවන් වෙන්න ඔනෙනේ. දැනගනිල්ලා බැංකු දුවන්නෙ පොඩි එකාගෙ රීරි මාංසෙ උරාබීලා බව.

  5. යොවුන් රාණි says:

    සීමාසහිත ඉඩම් ඇති අපි වගේ රටක, වනාන්තර ප්‍රතිශතය 16% පමණ අඩු වී ඇති ත්තවයක, සංවේදී පරිසර පද්දති, වදවීමේ තර්ජනයට මුහුණ පා සිටින දුර්ලබ, අපේ රටට ආවේනික සතුන් සිටින වනාන්තර ඇති රටක හැටියට කෘෂිකර්මාන්තය දියුණු කිරීම කියන්නේ ඉතා පරිසමින් කල යුතු වැඩක්. ජපානය කොච්චර දියුණු උනත් වනාන්තර ප්‍රතිශතය 70% වගේ වෙනවා. ජනපනය කොච්චර දියුණු උනත් පරිසරය වන සතුන් උපරිමයෙන් ආරක්ෂා කරනවා. ඉතා ප්‍රබල දිර්ගකාලින මානවවාදී දේශපාලන සහ ප්‍රතිපත්ති ඇති රටක හැටියට කවුරු බලයට ආවත් රට ගැන තමයි හිතන්නේ. එත් ලංකාවේ වගේ අවුරුදු 5 න් 5 ට තට්ටු මාරු පක්ෂ දේශපාලනය තියන රටක මේ වගේ කෘෂිකර්ම ව්‍යාපෘති නිසා කැලේ ඉන්න සත්තු ඔක්කොම නැති වෙලා මේක මහා කාන්තාරයක් වෙනවා. අපිට ගොඩක් ආහාර අපේ රටේ නිෂ්පාදනය කරනවට වඩා ඉතා අඩු මිලකට ඉතා ඉහල ප්‍රමිතියකින් ඉනිද්යාවෙන් ගන්න පුලුවන්. එතකොට අපිට පරිසර ප්‍රශ්නත් නැහැ. උදාහරණයක් හැටියට එළකිරි, පලතුරු, ධාන්‍ය වගේ දේවල්. එකෙන් අපේ පරිසරය ගස් කොළ සත්තු ගංගා ආරක්ෂා වෙනවා. මම මේ කියන දේ වටිනාකම දැනෙන්නේ තව අවුරුදු 20-30 න් වගේ .

  6. ක්‍රිමිනල් says:

    කටිං බතලකොල කාටත් හිටෙව්වැහැකි ! අද බැංකු ණය නිකුත් වෙන්නේ දේශපාළුවන්ගේ හෙංචයියන්ටයි ,පට්ට හොරුන්ටයි , සල්ලිකාරයන්ටයි විතරයි. පැය විසිහතරම රටේ බැංකු නිලධාරින් රජගෙදරට ගෙනල්ලා , රෙදි ගැලවෙන පම්පෝරී මාධ්‍ය ඉස්සරහ දුන්නත් , වැඩක් නැහැ , රටට වැඩක් වෙන නිසි ප්‍රතිපත්තියක් හදලා , එවටා බැංකු එකරාශී කරගෙන ඵලදායිව ඒ ක්‍රියාමාර්ග නිසියාකාරව දියත් වනවාදැයි ,නියාමනය කරන කං ඔය ඔවර් ඇක්ටිං දගලානා දැම්මට වැඩක් නැහැ..

  7. Love nature says:

    රට ගොඩ ගැනීමට කළ යුත්තේ. රජදරුවන්ගේ කාලයේදී මෙන් වර්තමානයට ගැළපෙන අයුරින් ගමයි පන්සලයි, පාසලයි, බැංකුවයි, පොලිසියයි එක් කිරීම වහාම කළ යුතු වනවා. එහිදී විහාරස්ථානය මූලිකව කටයුතු කිරීම ඉතාම වැදගත් වනවා. සමාජ අර්බුද රැසකට එයින් විසැඳුම් ලබා ගැනීමටත් පුළුවන්.

  8. මහනුවර අක්‍රම් says:

    කලිං කට්ටිය කිව්වුවේ බැංකු ඔක්කොම අරලියගහ මන්දිරයට ගේන්න කියලා