ගයන්ත-කරූ-බෝපගේ ඉහලට.. ජනමාධ්‍ය අමාත්‍යංශය කණපිට ගහයි..
March 7, 2017 at 4:40 pm | lanka C news
මෙතෙක් කලක් ඇමති-ලේකම්-නියෝජ්‍ය ඇමති යන සියලු දෙනා වෙනස්වන බවට ජනමාධ්‍ය අමාත්‍යංශය තුල වරින් වර විවිධ මත පළ විය. නමුත් පසුගියදා ජාතික රූපවාහිනියේ නව අධ්යක්ෂ ජෙනරාල්වරයා වැඩ භාර ගැනීමේ උත්සවයට සහභාගී වෙමින් අමාත්‍යංශ ලේකම් නිමල් බෝපගේ මහතා ප්‍රකාශ කර සිටියේ තමන් ලේකම්ධූරයේ සිටින්නේ තවත් සුලු කාලයක් බව තමන්ට හැගී යන බවයි. ඉන්පසු ජනාධිපති ලේකම් කාර්යාල අරංචි මාර්ග පවසා සිටියේ ජනමාධ්‍ය ඇමතිධූරය ඇතුලු ඇමතිධූර රැසක් සංශෝධනය කිරීම සඳහා තීරණය කර ඇති බවයි.
මේ අනුව ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාට වරාය අමාත්‍යංශය හිමිවන බවට එම ආරංචිමාර්ග විශ්වාසය පල කර සිටී. අමාත්‍යංශයේ ලේකම් නිමල් බෝපගේ මහතාද වෙනත් අමාත්‍යංශයකට පත්කරනු ඇතැයිද එම අමාත්‍යංශය කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නැති බවද ප්‍රකාශ කර සිටියේය. ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන මහතාට කැබිනට් අමාත්‍යධූරයක් ලබා දීම කෙරෙහිද අවධානය යොමුකොට තිබෙන අතර මින් පෙර ඔහු නියෝජ්‍ය ඇමතිධූරය දැරූ පළාත් පාලන හා පළාත් සභා අමත්‍යවරයා ලෙස පත් කිරීමට බොහෝදුරට ඉඩ තිබෙන බවද ආරංචි මාර්ග විස්වාස කරයි.
කෙසේ නමුත් ඇමති-ලේකම්-නියෝජ්‍ය ඇමති යන තිදෙනාම වෙනස්වන එකම අමාත්‍යංශය ජනමාධ්‍ය අමාත්‍යංශය වන අතර මීට හේතුව වී ඇත්තේ අමාත්‍යංශයේ ඇතිවූ බලඅරගලය බවද පැවසේ. එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරයෙකු හා නියෝජ්‍ය ඇමතිවරයෙකු මෙම අමාත්‍යංශයේ සිටීම ඉතාමත් ගැටලු සහගත වූ බැවින් ද එලෙස සිටියදීත් එක්සත් ජාතික පක්ෂයට ඉන් කිසිදු වාසියක් ලබා ගැනීමට ඇමතිවරුන් දෙදෙනාම අපොහොසත් වූ බැවින්ද පක්ෂ දෙකෙන් මේ සඳහා ඇමතිවරුන් පත් කිරීම පිණිස ජනාධිපතිවරයා, අගමැතිවරයා සමග සාකච්ඡා කල බවද එම ආරංචිමාර්ග සදහන් කර සිටියේය. කෙසේ වෙතත් අමාත්‍යංශ ලේකම්වරයාගේ හා නියෝජ්‍ය ඇමතිවරයාගේ ගැටුමද මෙතෙක් අවසන් වී නොමැත.
මෙම සංශෝධනයෙන් පසු ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය හා රජයේ මුද්‍රණාලය හැර අනෙක් සියලුම ආයතනවල සභාපතිවරුන් අධ්යක්ෂ ජෙනරාල්වරුන් වෙනස් කිරීමද සිදු කිරීමට නියමිත බවත් ජනාධිපති කාර්යාල අරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.
– සේනක
For how long ? Now the days are numbered for this mega roughs.
rogues not roughs
අයි ටි එන් එක ටිකක් හැදිලා ආවා විතරයි , ආයමත් එක කන්න වගේ හදන්නේ . අම්මප රටේ දියුණුවට කරන්න වෙන වැඩ ගැන දන්නෙම නැද්ද ?
විෂයට අදාළව කිසිදු වැඩක් බැරි මෙම අය මළ ගෙවල්වල නිදි වැරීමට අගනේය.