ගයන්ත රජයේ වාහනයක් හොරෙන් අරන් ගිහින්.. රජයෙන් තෙල් ගහගෙන තවම පදී..

October 4, 2021 at 4:40 pm | lanka C news
ගයන්ත රජයේ වාහනයක් හොරෙන් අරන් ගිහින්.. රජයෙන් තෙල් ගහගෙන තවම පදී..

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේ වාහන අවභාවිතා කරන බවට චෝදනාවක් එල්ල විය.

ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා කියා සිටියේ 2020 සැප්තැම්බර් මාසයේ සිට අදාල වාහනය පාර්ලිමේන්තු වාහන සංචිතයෙන් ගෙන ගොස් මන්ත්‍රීවරයා විසින් පාවිච්චි කරන බවයි.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාට වෙන්වු වාහනයක් වුවද මේ දක්වා පාවිච්චි කරමින් සිටින්නේ ගයන්ත කරුණාතිලක මහතා බව පැවසූ මුසම්මිල් මන්ත‍්‍රීවරයා මෙම වාහනයට මසකට රුපියල් එක් ලක්ෂ දාහක් දහසක පමණ ඉන්ධන රජයේ මුදලින් ලබාගෙන ඇති බවත් ටයර් ඇතුළු සෙසු නඩත්තු කටයුතු ද රජයේ වියදමින් සිදුකර ඇති බවත් පැවසීය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වන ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට වෙන්වූ වාහනයක් වෙනත් මන්ත‍්‍රීවරයෙකුට මෙසේ පාවිච්චි කිරීමට කිසිදු අයිතියක් නැතැයිද ඔහු කියා සිටී.

ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු මන්ත්‍රීවරයා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

20,817 views

9 Comments to “ගයන්ත රජයේ වාහනයක් හොරෙන් අරන් ගිහින්.. රජයෙන් තෙල් ගහගෙන තවම පදී..”

  1. පොඩි එකා says:

    කථානායකගේ පිලිතුරු විය යුත්තේ බොහොම ස්තුතියි නෙවෙයි… හරි.. මං ඒ ගැන සොයා බලන්නං කියලා…

    • ලොකු එකා says:

      අයි යයි යෝ , පොඩි එකෝ උඹ තාම හිච්චි නිසා තේරෙන්නෑ . ඉස්තූති නොකර ම බෑනෙ ඒකට , විරුද්ද පස්සෙ එකා හොරා කනකොට හයියෙං හයියෙං කෑ ගැහුවාම , හරි පස්සෙ එවුං ගෙ හොරා කෑම වහගත්තෑකි නේ . ඉතිං ඉස්තූති කොල්ල මදි , බදං ඉඹින්නත් ඕන . උඹ ලොකු වෙනකොට ඔව්ව අගේට තේරෙයි . එතකං ඔහොම යං .

  2. 3% ට බය බයියා. says:

    රටේ ජාතික ප්‍රශ්නයක් උත්තරීතර තැන කතා කිරිම ගැන 69ලක්ෂයේ බයියන් ගේ උත්තමාචාරය පුද කරන්නෙමු!

  3. COOL says:

    මේ වගේ එවූන්ටනේ අපේ හරක් කතිරේ ගහන්නේ.

  4. 3ත් නැති ජෙප්පා says:

    විපක්ශෙ එවුන් පැරදිලත් තාම හොරා කනවනෙ

    • 3% ට බය බයියා. says:

      ඉස්සර විපක්ෂයේ හිටපු කට්ටිය දැන් ආණ්ඩුව අරං හොරා කනවා.69 ලක්ෂය කිරිබත් කනවා.

  5. පැන්ඩෝරා පේපර්ස් says:

    දැවෙන ප්‍රස්න මෙව්වා ! 😂😂😂

  6. යහපාල​නය නිසා කමක් නැහැ නේද​????????????

  7. Mahendra Jayasinghe says:

    why are you worry about this vehicle?. it is allocated to the opposition, then they will decide that who is using this?
    how many malpractices in the use of government vehicles, even senior government officers are displaying government logos on government vehicles?.
    why?
    think wisely