ගරුතර මහා සංඝ රත්නයට ‘ගල් කොල්ලෝ’ කියා අපහාස කරමින් රට පුරා පෝස්ටර්..

January 27, 2017 at 10:40 am | lanka C news
ගරුතර මහා සංඝ රත්නයට ‘ගල් කොල්ලෝ’ කියා අපහාස කරමින් රට පුරා පෝස්ටර්..

හම්බන්තොට වරාය සහ ඉඩම් අක්කර 15000 ක් චීනයට බදු දීමට විරුද්ධව පැවති සාමකාමී උද්ගෝසනයට පිට පලාත්වලින් පැමිණි පිරිසඛ් විසින් මුලින්ම ගල් මුල් ප්‍රහාරයක් එල්ල කලහ. මෙයින් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ අතර එම සාමකාමී උද්ගෝසනයට සහභාගි මහා සංඝ රත්නයටද එලව එලවා පහරදීම ලොව පුරා මාධ්‍ය මගින් ප්‍රචාරය කරන ලදී.
මෙයින් ශ්‍රීලංකාව විශාල අපකීර්තියට ජාත්‍යන්තරව අත්වුන අතර විදේශ ආයෝජන කෙරෙහි ද බලපෑමක් කිරීමට එම සිද්ධිය බලපෑවේය.

එයින් පාඩමක් ඉගෙන නොගත් රජයේ සමහර නායකයින් එම සිද්ධියට මුවාවී මහා සංඝරත්නයට අපහාස වන අන්දමේ පෝස්ටරයක් අද දිවයිනේ නොයෙකුත් ප්‍රදේශවල අලවා ඇත. එයින් අදහස් කරනුයේ රටේ සංවර්ධනයට ගරුතර මහා සංඝයාවහන්සේලා විරුද්ධව කටයුතු කරන බව හැගවීමකි. මෙම පෝස්ටරය සම්බන්ධව එජා පක්ෂයට හිතවත් වෙබ් අඩවියක් වාර්තා කොට තිබුණි.

339 views
Main News