ගල්කිස්සේ මියන්මාර සරණාගත ගැටුමට බොදුබල සේනා සාමාජිකයෙක් අත්අඩංගුවට..
September 30, 2017 at 8:40 am | lanka C news
මියන්මාර සරණාගතයින් පිරිසක් රදවා සිටි ගල්කිස්ස රැදවුම් මධ්‍යස්ථානයක් ඉදිරිපිට කලහකාරීව හැසිරුණු පිරිසෙන් එක් පුද්ගලයෙකු කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ලගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.
මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ පදිංචිකරැවෙකු වන මෙම පුද්ගලයා පසුගිය මහ මැතිවරණයේදී බොදුජන පෙරමුණෙන් තරග වැදුනු අපේක්ෂකයෙකු යයිද පොලීසිය කියයි. බොදුජන පෙරමුණ යනු බොදු බල සේනා සංවිධානයට අනුබද්ද දේශපාලන පක්ෂය වෙයි.
මේ අතර මියන්මාර සරණාගතයින් පිරිස බූස්ස රැදවුම් කදවුර වෙත යොමු කර ඇති අතර ඒ ආසන්නයේ විරෝධතා පැවැත්වීම ගාල්ල අධිකරණය විසින් තහනම් කර ඇත.