ගල්කිස්සේ ව්‍යාපාරිකයෙකුට කොරෝනා.. ඔහු දරුවා ශිෂ්‍යත්ව විභාගයටත් එක්ක ඇවිත්..

October 15, 2020 at 3:50 pm | lanka C news
ගල්කිස්සේ ව්‍යාපාරිකයෙකුට කොරෝනා.. ඔහු දරුවා ශිෂ්‍යත්ව විභාගයටත් එක්ක ඇවිත්..

ගල්කිස්ස ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක පැවති ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට පැමිණි සිසුවියක් සමග ආ ඇයගේ පියාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ මෙම පුද්ගලයා ගල්කිස්ස ඉතුරු උයන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු බවයි.

මෙම පුද්ගලයා කටුනායක නිදහස් වෙළඳ කලාපයට ඇගලුම් අමුද්‍රව්‍ය සපයන ව්‍යාපාරිකයෙකි.

මේ වන විට ඔහු වැලිකන්ද ප්‍රදේශයේ රෝහලක් වෙත ප්‍රතිකාර සඳහා යොමු කර තිබේ.

ඔහුගේ පවුලේ සියලු දෙනා නිරෝධය සඳහා යොමු කර ඇති අතර අසල නිවෙස්වල පිහිටි පවුල් 12ක පුද්ගලයන් ස්වයං නිරෝධායනය කර තිබේ.

43,666 views

4 Comments to “ගල්කිස්සේ ව්‍යාපාරිකයෙකුට කොරෝනා.. ඔහු දරුවා ශිෂ්‍යත්ව විභාගයටත් එක්ක ඇවිත්..”

  1. "කොරෝනා-නීතිය"😷 says:

    ලංකාවේ නිරෝධායනයට දානවා කියන්නේ සමහරුන්ට විහිලුවකි…! ස්වයං නිරෝධායනය කරපු අය කොතරම් පාරේ ඉන්නවද..? හිටියත් හඳුනාගන්න පුලුවනිද..? චීනයේ දරුණුවටම කොරෝනා තියෙනකොට නිරෝධායන දාපු අයගේ දකුණු අතේ මුලු මාපට ඇඟිල්ලම ස්ථිර කලු තීන්තයකින් ලකුණු කලා ඒ අයව හඳුනා ගන්න..! හරියට අපි චන්ද දැම්මාම සුලඟිල්ල පාට කරනවා වගේ…! ඉතින් “දුටු තැන ඇල්ලුවා ”
    අපේ රටේ ගිය සතියේ දාස්ගානක් මාස්ක් නොදා පාරේ ඉඳලා අහුවුනා … ඉතින් හඳවතින්ම කතා කරන රටේ “නීතිය” ඒ අයගේ ඔලුවෙන් අතගාලා බබෝ ගෙදර පරෙස්සමෙන් යන්න කිව්වා … කොරෝනාවට උත්තමාචාර පෙන්නල…. ඉතින් ඒවගෙ ප්‍රතිඵල නොවෙද මේ….!!

    • Mage Rata says:

      ඔබ දැනුවත්ව ස්වයන් නිරෝධායනයට යොමු කල කී දෙනෙක් පාරෙ හිටියද ?දන්නවානම් කරන්න තිබුනේ පොලිසියට හෝ පී එච් අයිට කියන එක මිසක් මෙතන කොටන එක නෙමෙයි. ඇත්ත කියනවා නම් එහෙම කෙනෙක් එලියට ආවොත් අහළ පහළ අය කෝල් කරලා ඒබව දැනුම් දෙනවා.

  2. Ranga says:

    ගල්කිස්සෙ මුහුදු වෙරළ ලස්සනයි.

Main News