ගල්ගුහාවක නිති විරෝධි මත්පැන් ස්කාගාරයක්..

May 12, 2020 at 2:06 am | lanka C news
ගල්ගුහාවක නිති විරෝධි මත්පැන් ස්කාගාරයක්..

හැටන් පොලිස් කොට්ඨාශයට අයත් ගිනිගත්හේන පොල්පිටිය ප්‍රදේශයේ පුද්ගලකි ඉඩමක ගල් ගුහාවක ඉතා සුක්ෂම ලෙස පවත්වාගෙන ගිය නිති විරෝධි මත්පැන් පෙරිමේ ස්කාගාරයක් වටලා සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනිමට හැටන් පොලිස් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් (11) දින සමත්විය.

ගිනිගත්හේන හිටිගේගම කොස්වත්ත ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක නිති විරෝධි මත්පැන් පෙරා ප්‍රදේශය පුරා අලෙවි කරන බවට හැටන් පොලිස් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින්ට ලද තොරතුරක් මත එම නිලධාරින් වැටලිමක් සිදු කර සැකකරුවන් , නිති විරෝධි ලෙස පෙරා තිබු මත්පැන් සහ උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන ඇත.

ගිනිගත්හේන හිටිගේගම ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් දෙදෙනා ඇදිරි නිතිය පැනවු මුල් කාලයේ සිටම නිති විරෝධි මත්පැන් පෙරිමේ ජාවාරමේ නිතරව සිට ඇති බව වැටලිම සිදු කල නිලධාරින් පැවසිය.

මෙම වැටලිමේදි ගොඩා ලිටර් 100 ක් පෙරා තිබු නිති විරෝධි මත්පැන් ස්ප්‍රිතු ලිටර් 10 ක් ඇතුළු මත්පැන් පෙරිමට උපයෝගි කරගත් උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරිම සදහා ගිනිගත්හේන පොලිසිය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

– හැටන් රංජිත් රාජපක්ෂ

114 views
Main News