ගල්පොසේට් යලි ගේන්න කැබිනට් පත්‍රිකාවක්.. සිරස රූපවාහිනියක් වල් නාශක විශාල ලෙස ගේනවා..- රතන හිමි
June 20, 2017 at 11:20 am | lanka C news
මෙරටට ගෙන්වීම තහනම් කර ඇති ග්ලයිපොසේට් වල්නාශකය නැවත මෙරටට ගෙන්වීම සදහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ මේ බව කියා සිටියහ.
එහිදී තව දුරටත් අදහස් පල කරමින් උන් වහන්සේ කියා සිටියේ ‘සිරස’ රූපවාහිනි ආයතනයද වල් නාශක විශාල වශයෙන් ගෙන්වනු ලබන ආයතනයක් බවයි.