ගල්යිපොසේට් තහනම ඉවත් කලේ යහපාලන උපදෙස් මතයි.. මා ධුරයෙන් යන්නේ නෑ..- පලිබෝධනාශක රෙජිස්ට‍්‍රාර්

November 24, 2021 at 12:00 pm | lanka C news
ගල්යිපොසේට් තහනම ඉවත් කලේ යහපාලන උපදෙස් මතයි.. මා ධුරයෙන් යන්නේ නෑ..- පලිබෝධනාශක රෙජිස්ට‍්‍රාර්

ග්ලයිෆොසෙට්, ප්‍රොපනිල්, කාබරිල්, ක්ලෝෆයිරිපොස්, කාබොෆියුරාන් තහනම් කරමින් නිකුත් කර තිබූ ගැසට් පත්‍රය අවලංගු කරුණු ලද්දේ පලිබෝධනාශක තාක්ෂණික හා උපදේශන කමිටුවේත් කැබිනට් මණ්ඩලයේත් උපදෙස් මත බව පලිබෝධනාශක රෙජිස්ටාර් ජේ.ඒ. සුමිත් මහතා සඳහන් කරයි.

තමන් ඒ අනුව නීති විරෝධී දෙයක් සිදු කර නැති බවත් තම ධුරයට ගැටලුවක් ඇති නොවන බවත් ඒ මහතා පැවසීය.

2014 වසරේ නිකුත් කරන ලද අදාළ ගැසට් පත‍්‍රය අවලංගු කරමින් පෙරේදා දිනයේ පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් වරයා විසින් නව ගැසට් පත්‍රයක් නිකුත් කරන ලදී.

ඔහු පවසන්නේ ග්ලයිෆොසේට් වල් නාශකය රබර් සහ තේ වගාවන් සඳහා යොදා ගැනීමේ තහනම ඉවත් කිරීමට 2018 වසරේ දී කැබිනට් මණ්ඩලය තීරණය ගෙන ඇති බවයි.

එමෙන්ම ප්‍රොපනිල් වල් නාශකය තහනම ඉවත් කිරීමටද නිර්දේශ ඇතැයිද ඔහු පැවසීය.

ඒ අනුව තමන් විසින් සිදු කර ඇත්තේ කලින් ගත් තීරණයක් නීත්‍යානුකූලව ප්‍රකාශයට පත්කිරීම පමණක් බවද ඔහු පැවසීය.

අදාල ගැසට් පත‍්‍රය 2018 වසරේ ප්‍රකාශයට පත්වීමට නියමිතව තිබුණත් නීතිපති දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය ලද්දේ ඉකුත් සතියේ බව ද ඔහු පවසයි.

නීති විරෝධී කටයුත්තක් සිදු කර නොමැති නිසා රාජ්‍ය නිලධාරියෙකු ලෙස තනතුරෙන් පහ කිරීමට කිසිවකුට නොහැකි බවද ඔහු තවදුරටත් කියා සිටී.

110,997 views

24 Comments to “ගල්යිපොසේට් තහනම ඉවත් කලේ යහපාලන උපදෙස් මතයි.. මා ධුරයෙන් යන්නේ නෑ..- පලිබෝධනාශක රෙජිස්ට‍්‍රාර්”

  1. Susantha says:

    ඔහු මොනවා කිව්වත් මූනෙන් පෙනවා කොහොම කෙනෙක්ද යන්න, මේවා ගේන කොම්පැනිවල පදේට නටන කෙනෙක් කියන එක ආයෙ බලන්න දෙයක් නෑ, කොහොම වුනත් මේ පලිබෝද නාශක හා පොහොර වගාව කරගෙන යන්ඩ අත්‍යාවශ්‍යයි.

    • dev says:

      naa owa ona naa dan awrudu 7 kare owa natuwa

      • Covid18+ says:

        යහපාලන, ජවිපෙ කුක්කෝ තාම රඟනවා. මුන් තමයි රටේ වැඩක් කරන්න දෙන්නෙ නැත්තෙ. හයිවේ හදද්දි ඇඹුල්තියල් ගෙනියන්න කිව්වේ උන් තමයි. එදා ඒවා හැදුණෙ නැත්නම් තමයි ජවිපෙට පැවැත්මක් තියෙන්නෙ. කාලකණ්ණි.

    • පන්ඩිකුට්ටිආරච්චි says:

      දැන් කියන්න බලන්න මල්ලි එයාගේ මූණේ කොතනින්ද ඒක පේන්නෙ කියලා.

    • Ish says:

      2018 ගිය ආන්ඩුවෙ කැබිනට් තීරනයට 2021 ගැසට් එක නිකුත්කරන්නෙ …එච්චර කල් මෙයා හිටියේ කෝමා හැදිලද ?🙄🙄🙄 ඒ කෙන්ම පේනවා මේක යටින් යන්නෙ දේශපාලන game එකක් කියල

  2. fernando says:

    weligampola PISSU PADDA RATA WANASANAWA. MUGE WATHKAM BILLION 5000 WEDIYI RAJASANTHAKA KARAMU

  3. Gunaya says:

    cabinet decision cannot be validated after 06 months

  4. මෝ says:

    2018 අනුමත උනා නං බූරුවො තෝ 2021 වෙනකං කොහෙද හිටියෙ.මූ වගේ මෝඩ,මූසලයෙක්.තෝ හරි යන්නෙම නන්දසේනයා ට.

Leave a Comment

Main News