ගල් අගුරු තොග අවසන් වෙමින්.. දැවැන්ත විදුලි අර්බුදයක් ආසන්නයේ..
June 20, 2022 at 3:00 pm | lanka C news
මෙරට විදුලි උත්පාදනය සඳහා අවශ්‍ය ගල් අඟුරු තොග පවතින්නේ සැප්තැම්බර් මස දෙවැනි සතිය දක්වා පමණක් බවත් ඉන් ඉදිරියට අවශ්‍යද තොග මිලදී නොගත හොත් එළැඹෙන වසරේ දැඩි විදුලි අර්බුදයකට මුහුණදීමට සිදුවනු ඇති බවත් මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරයි.
එහි සභාපති ජනක රත්නායක මහතා පෙන්වා දෙන්නේ සැප්තැම්බර් සිට අප්‍රේල් මාසය දක්වා අවශ්‍ය ගල් අඟුරු ගෙන්වා ගත යුතුව ඇති බවත් ඒ සඳහා ඩොලර් මිලියන 600 ක් පමණ වැය කිරීමට සිදු වනු ඇති බවත් ය.
එම කාලයේදී ගල් අඟුරු තොග ගෙන්වා නොගතහොත් එළැඹෙන වසරේ විශාල විදුලි අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇති බවත් හෙතෙම කියා සිටියේය.
වැටී ඇති රටට නැගී සිටින්නට රුසියාවේ මිත්‍රත්වයේ හස්තය :
මේ ජාතික ආපදා අවස්ථාවේ රුසියාවෙන් ඉතා අඩු මිලට ලංකාවේ ජනතාවට අඛන්ඩව ලබා දීමට සූදානම් බොර තෙල් යොදාගෙන සපුගස්කන්ද තෙල් පිරිපහදුව ක්‍රියාත්මක කෙරෙන්නේ නම් පෙට්‍රල් හා ඩීසල් ඇතුලුව ඛනිජ තෙල් ආශ්රිත නිශ්පාදන 8ක් නිපදවේ.
ගෑස් ඉන් නිපදවෙන ප්‍රධාන ඵලයකි.
මුරණ්ඩු හොර දූෂිත වලල්ල පරදවා, ලංකාවේ ජනතාවට පිදෙන රුසියාවේ මිත්‍රත්වයේ හස්තය පිලිගෙන සපුගස්කන්ද තෙල් පිරිපහදුව නැවත පණ ගන්වා වැටී ඇති රටට නැගී සිටින්නට උර දෙමු – PB
ඉස්සර කාලේ විදිහට අපි කොහොම හරි , කොච්චර අමාරුවෙන් හරි ජීවත්වෙලා ගෝඨාභය සමගම නැවතත් නැගිටිනවා.
යකෝ මුන්ට වැහි වතුර ටිකවත් රදවාගන්න බැරිද කාල කන්නි
ගල් අගුරු වෙනුවට පීබී ජයසුන්දර යි , මහින්ද රාජපක්ෂ යි පුච්චමු