ගල් අගුරු විදුලිය අවශ්‍ය නෑ කියා ජනපති-අගමැති තීන්දු කලා.. ඉන්දියාවට කේබල් ඇද වැඩි විදුලිය ඉන්දියාවට විකුණනවා..

October 18, 2016 at 10:40 am | lanka C news
ගල් අගුරු විදුලිය අවශ්‍ය නෑ කියා ජනපති-අගමැති තීන්දු කලා.. ඉන්දියාවට කේබල් ඇද වැඩි විදුලිය ඉන්දියාවට විකුණනවා..

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියොජ්‍ය අමාත්‍ය හැටියට පසුගිය රජය විසින් ආරම්භ කොට තිබුණ ත්‍රිකුණාමල සාම්පූර් ගල් අගුරු විදුලිබලාගාරයේ වෙන්කොට තිබූ අක්කර 500ක භූමිය බලාගාරය ඉදිකිරීම්අට අවශ්‍ය පරිදි සූදානම් කරමින් සිටින අවස්ථාවක ජනාධිපති හා අගමැති එක්ව ගත් ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත්තා අපේ රටේ ගල් අගුරු විදුලි බලාගාර ඉදි නොකිරීමට යයි විදුලිබල නියෝජ්‍යා ඇමති අජිත් පී පෙරේරා ඊයේ රත්‍රි හිරු රූපවාහිනියේ සලකුණ වැඩසටහනට සහභාගි වෙමින් පැවසීය.

එයට හේතුව කුමක්ද යන්න වැඩසටහන් මෙහෙයවන්නන් විමසූ විට නියොජ්‍ය අමාත්‍ය පවසා සිටියේ ලෝකයේ ඉතා දියුණු රටවල් ගල් අගුරු විදුබලාගාර මගින් විදුලිය නිෂ්පාදනයෙන් ඉවත් වී විකල්ප විදුලිය නිපදවාගැනිමේ ක්‍රමවේදයන් වලට අවතීර්න වී ඇති බවත් ජනාධිපති හා අගමැති එක්ව ප්‍රතිපත්තිමය තීන්දුවක් අරගත්තේ ඒ අනුව විය හැකි බවත් මෙයින් රටේ පරිසරය ආරක්ෂා වෙන නිසා මෙම තීන්දුවට එකගවෙමින් ත්‍රිකුණාමල සාම්පූර් ගල් අගුරු විදුලිබලාගාරයේ වැඩ කටයුතු නවතා දැමීමට අවශ්‍ය පියවර ගත් බවයි.

මේ නිසා ඉදිරියේදී රටේ විදුලිබල අර්බුදයකට මුහුණ දීමට සිදු විය හැකි නේද යයි වැඩසටහන් මෙහෙයවන්නන් විමසූ විට නියොජ්‍ය අමාත්‍ය පවසා සිටියේ ලගදීම ඉන්දීයාව සමඟ ඉන්දීයාවෙන් කේබල් මාර්ගයේන් චෙන්නායි මදුරෙයි නගරයේ සිට ලංකාවේ අනුරාධපුර නගරයට සම්බන්ධ කරන සැපයුම් මාර්ගයක් අනුව විදුලිබලය ලබාගැනිමට ගිවිසුමක් අත්සන් කරන බවත් ඒ අනුව අවශ්‍ය නම් අපේ රටේ විදුලිබලය අතිරික්ත ඉන්දීයාවට ව්කුනා මුදල් උපයා ගැනිමට හැකියාව ඇති බවයි.

එහෙත් මෙහිදී නියොජ්‍ය අමාත්‍ය වරයා පවසා සිටියේ රටේ දැනට විදුලිබලය අවස්ථාවයෙන් එනම් මෙගාවොට් 2300ක් පමණ දිනකට උපරිම අවශ්‍ය බවත් එයින් 900 ක්ම නිපදවන්නේ නොරොච්චෝලේ ලක්විජය විදුලිබලාගාරයෙන් බවයි, ඒ අනුව පැහැදිලි වනුයේ මෙම ගල් අගුරු විදුලි බලාගාරය රටේ විදුලිබල ඉල්ලුමෙන් 40% වඩා මේ වන විටත් සපයමින් සිටින බවයි. සාම්පුර් ගල් අගුරු විදුලි බලාගාරය ඉදිකිරීම් අවසන් කිරීමට පසුගිය රජය තීරණය කොට තිබුනේ 2017 වසරේදී වන අතර එය නිසියාකාරව ඉදිකලේ නම් තවත් මෙගාවෝට් 500k ජාතික විදුලි පද්ධතිය 2017 වසරේ එක් කිරීමට හැකියාව තිබුණ බව එහිදි නියොජ්‍ය අමාත්‍යවරයා පිලිගත්තේය.

නමුත් පසුගිය රජය විසින් 2008 වසරේ ලංකා විදුලිබල මණ්ඩලය සහ ඉන්දීය සමාගමක් වන Trincomalee Power Company Limited එකාබද්ධව පවත්වාගෙන යාමට ගිවිසගෙන තිබුණ අතර ත්‍රිකුණාමල සාම්පූර් ගල් අගුරු විදුලිබලාගාරයේ සම්පූර්ණ වියදම ඇමරිකානු ඩොලර් මිලියන 600කි.

361 views