ගල් අගුරු විදුලිය අවශ්‍ය නෑ කියා ජනපති-අගමැති තීන්දු කලා.. ඉන්දියාවට කේබල් ඇද වැඩි විදුලිය ඉන්දියාවට විකුණනවා..

October 18, 2016 at 10:40 am | lanka C news
ගල් අගුරු විදුලිය අවශ්‍ය නෑ කියා ජනපති-අගමැති තීන්දු කලා.. ඉන්දියාවට කේබල් ඇද වැඩි විදුලිය ඉන්දියාවට විකුණනවා..

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියොජ්‍ය අමාත්‍ය හැටියට පසුගිය රජය විසින් ආරම්භ කොට තිබුණ ත්‍රිකුණාමල සාම්පූර් ගල් අගුරු විදුලිබලාගාරයේ වෙන්කොට තිබූ අක්කර 500ක භූමිය බලාගාරය ඉදිකිරීම්අට අවශ්‍ය පරිදි සූදානම් කරමින් සිටින අවස්ථාවක ජනාධිපති හා අගමැති එක්ව ගත් ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත්තා අපේ රටේ ගල් අගුරු විදුලි බලාගාර ඉදි නොකිරීමට යයි විදුලිබල නියෝජ්‍යා ඇමති අජිත් පී පෙරේරා ඊයේ රත්‍රි හිරු රූපවාහිනියේ සලකුණ වැඩසටහනට සහභාගි වෙමින් පැවසීය.

එයට හේතුව කුමක්ද යන්න වැඩසටහන් මෙහෙයවන්නන් විමසූ විට නියොජ්‍ය අමාත්‍ය පවසා සිටියේ ලෝකයේ ඉතා දියුණු රටවල් ගල් අගුරු විදුබලාගාර මගින් විදුලිය නිෂ්පාදනයෙන් ඉවත් වී විකල්ප විදුලිය නිපදවාගැනිමේ ක්‍රමවේදයන් වලට අවතීර්න වී ඇති බවත් ජනාධිපති හා අගමැති එක්ව ප්‍රතිපත්තිමය තීන්දුවක් අරගත්තේ ඒ අනුව විය හැකි බවත් මෙයින් රටේ පරිසරය ආරක්ෂා වෙන නිසා මෙම තීන්දුවට එකගවෙමින් ත්‍රිකුණාමල සාම්පූර් ගල් අගුරු විදුලිබලාගාරයේ වැඩ කටයුතු නවතා දැමීමට අවශ්‍ය පියවර ගත් බවයි.

මේ නිසා ඉදිරියේදී රටේ විදුලිබල අර්බුදයකට මුහුණ දීමට සිදු විය හැකි නේද යයි වැඩසටහන් මෙහෙයවන්නන් විමසූ විට නියොජ්‍ය අමාත්‍ය පවසා සිටියේ ලගදීම ඉන්දීයාව සමඟ ඉන්දීයාවෙන් කේබල් මාර්ගයේන් චෙන්නායි මදුරෙයි නගරයේ සිට ලංකාවේ අනුරාධපුර නගරයට සම්බන්ධ කරන සැපයුම් මාර්ගයක් අනුව විදුලිබලය ලබාගැනිමට ගිවිසුමක් අත්සන් කරන බවත් ඒ අනුව අවශ්‍ය නම් අපේ රටේ විදුලිබලය අතිරික්ත ඉන්දීයාවට ව්කුනා මුදල් උපයා ගැනිමට හැකියාව ඇති බවයි.

එහෙත් මෙහිදී නියොජ්‍ය අමාත්‍ය වරයා පවසා සිටියේ රටේ දැනට විදුලිබලය අවස්ථාවයෙන් එනම් මෙගාවොට් 2300ක් පමණ දිනකට උපරිම අවශ්‍ය බවත් එයින් 900 ක්ම නිපදවන්නේ නොරොච්චෝලේ ලක්විජය විදුලිබලාගාරයෙන් බවයි, ඒ අනුව පැහැදිලි වනුයේ මෙම ගල් අගුරු විදුලි බලාගාරය රටේ විදුලිබල ඉල්ලුමෙන් 40% වඩා මේ වන විටත් සපයමින් සිටින බවයි. සාම්පුර් ගල් අගුරු විදුලි බලාගාරය ඉදිකිරීම් අවසන් කිරීමට පසුගිය රජය තීරණය කොට තිබුනේ 2017 වසරේදී වන අතර එය නිසියාකාරව ඉදිකලේ නම් තවත් මෙගාවෝට් 500k ජාතික විදුලි පද්ධතිය 2017 වසරේ එක් කිරීමට හැකියාව තිබුණ බව එහිදි නියොජ්‍ය අමාත්‍යවරයා පිලිගත්තේය.

නමුත් පසුගිය රජය විසින් 2008 වසරේ ලංකා විදුලිබල මණ්ඩලය සහ ඉන්දීය සමාගමක් වන Trincomalee Power Company Limited එකාබද්ධව පවත්වාගෙන යාමට ගිවිසගෙන තිබුණ අතර ත්‍රිකුණාමල සාම්පූර් ගල් අගුරු විදුලිබලාගාරයේ සම්පූර්ණ වියදම ඇමරිකානු ඩොලර් මිලියන 600කි.

251 views

15 Comments to “ගල් අගුරු විදුලිය අවශ්‍ය නෑ කියා ජනපති-අගමැති තීන්දු කලා.. ඉන්දියාවට කේබල් ඇද වැඩි විදුලිය ඉන්දියාවට විකුණනවා..”

  1. neela says:

    අනේද කියන්නෙ….මේකගේ කට විතරයි….කයිවාරැව හැතැප්මයි…වැඩ අගලයි….

    • sunimal says:

      මුට ඇත්තටම පිස්සු
      ලගදීම ඉන්දීයාව සමඟ ඉන්දීයාවෙන් කේබල් මාර්ගයේන් චෙන්නායි මදුරෙයි නගරයේ සිට ලංකාවේ අනුරාධපුර නගරයට සම්බන්ධ කරන සැපයුම් මාර්ගයක් අනුව විදුලිබලය ලබාගැනිමට ගිවිසුමක් අත්සන් කරන බවත් ඒ අනුව අවශ්‍ය නම් අපේ රටේ විදුලිබලය අතිරික්ත ඉන්දීයාවට ව්කුනා මුදල් උපයා ගැනිමට හැකියාව ඇති බවයි.
      ඉන්දියාවෙන් අපි විදුලිය ගත්තම … ඉන්දියාවට විකුනන්ට අපේ අතිරික්තයක් ඇති වෙන්නේ කොහොමද ගොනෝ

    • Amda says:

      Extra power ?????? Moron, then why do you cut power for Sri-lankans ?
      Big mouth but no work !

  2. sidu says:

    නොරොච්චෝලේ කැඩෙනවා කියන එක තමා ජනප්‍රියත ම කතාව. ජනප්‍රියත ම කතාව ඇත්ත ම කතාව විදියට පිළිගැනීමට යාමේ විනාශකාරිබව ජනවාරි 08 වෙනිදා ඉඳල අපි ඉගෙන ගන්නවා. නොරොච්චෝලේ කැඩෙනවා නෙමෙයි වෙන්නෙ. ඒක ස්වයං අක්‍රියවීමකට යනවා. ඒක හදල තියෙන්නෙම ‍එහෙම වෙන්න. මේක ඔටෝ වැහුනේ නැත්නම් බලාගාරයට වන හානිය හිතාගන්නවත් බැරි තරම්. අකුණු ගහනකොට ගෙදර ට්‍රිප් එක ඕෆ් වෙන විදියටමයි හා ඒ අරමුණින්මයි නොරොච්චෝලෙ අක්‍රිය වෙන්නෙ. මුළු ලංකාවෙම විදුලි ග්‍රිඩ් එක එකට සම්බන්ධ වෙලා තිබෙන නිසා එක්වරම එක තැනකින් විශාල රික්තයක් ඇති වුනාම පද්ධතියට ඒක දරාගන්න බැරි වෙනවා. එවිට පද්ධතිය පුපුරා යන්න පවා පුළුවන්. එහෙම වීමට පෙරයි නොරොච්චෝලේ තමන් විසින් ම ෂට්ඩවුන් කර ගන්නෙ. කොත්මලේ සිට අනුරාරාධපුර දක්වා යන විදුලි ධාරාවක් මෙවර අක්‍රිය වෙලා. ඇමරිකාව වැනි රටවල මෙවැනි ක්‍ෂණික කම්පන දරාගන්න විශාල බැටරි තිබෙන බව අසා තිබෙනවා. රික්තයක් ඇති වීමේ අනතුරක් ආ සැණින් බැටරිවලින් විදුලිය සපයලා පද්ධතිය සමබර කරගන්නවා. හැබැයි ඒක වියදම් අධික ආයෝජනයක්. කොහොමහරි අක්‍රිය වුනු බලාගාරය නැවත සක්‍රිය කරන්න එක පැහැර බැහැ. පියවරින් පියවර කරන්න තියෙන්නෙ.
    මහින්දගේ කාලෙත් මේක ඕන තරම් ෂට්ඩවුන් වුනා. ඒත් විදුලිය කැපුවේ නැහැ. රටට නායකත්වයක් හා ඍජු අණක් තිබුණු නිසා සියල්ල කළමනාකරණය කරගෙන රටට විදුලිය දුන්නා. දැන් තියෙන ප්‍රශ්නය මේ කළමනාකාරිත්වය හා නායකත්වය නැතිවීම. නොරොච්චොලේ අද හා එදා අතර වෙනස ඒකයි.
    -මහින්ද පතිරණ –
    https://www.facebook.com/SriAvTvNetwork

  3. Notthischange says:

    Komada Wipakshe nayakage tharama. Demalata baye lankawa indiyawata pawadena me sakkili anduwa handigawila pala…

  4. Asoka says:

    ජනාධිපති සහ අගමැති තීරණය කළා නම් අහන්න දෙයක් නැහැ රටට වින කරන තීරණයක්.

  5. ඉoජි. සුසන්ත says:

    අද ලෝකයේ දියුණුම රටවල් ගල් අගුරුවලින් විදුලිය නිපදවයි , සමහරුන් මේ බව නොදැන කථා කිරීම රටට කරන ලොකු අපරාධයක් . ගල් අඟුරු වලින් විදුලිය නිෂ්පාදනය කරමින් අදටත් තම ජාතික විදුලිබල පද්ධතියට එකතු කර ගන්නා රටවල් ,
    ඕස්ට්‍රේලියායාව 64.7 % කැනඩාව 10% , ඩෙන්මාර්කය 41.1% ජර්මනිය 46.8% පින්ලන්තය 15.7%, ග්‍රීසිය 46.2% අයර්ලන්තය 18.6%, ඉතාලිය 16.8%, ජපානය 32.4% , කොරියාව 41.4% නෙදර්ලන්තය 27.3% මැලේසියාව 38.6%, ඉන්දුනීසියාව51.2%, ඊශ්‍රායලය 53.5%. හොන්කොo 74.8%. චීනය 75.4% සහ අපිට විදුලිය ඉන්දීයාව හරහා දෙන්න හදන රට 72.8% ,

    මීට අමතරව දියුණුයි කියන රටවල න්‍යෂ්ටික විදුලිබලාගාර හරහා විදුලිය ලබා ගන්නවා, එහෙව් එකේ අපි තව ඒ රටවල් තත්ත්වයට ඇවිත් නැතිවම පරිසරය ගැන කියමින් සාම්පුර් ගල් අගුරු විදුලි බලාගාරය හදන එක නවතා දැමීම හෙන ගහන අපරාධයක් වගේම අනාගතයේ අඩු මිලට විදුලිය ජනතාව දෙන්න තිබුන අවස්ථාවක් අහිමි කිරිමක් ,

  6. ගාමිනි says:

    මූ නම් නියම වැඩ බැරි ටාසන් කෙනෙක් විතරක් නෙවී, ලෝකයේ නවීන තාක්ෂණය ගැන අවබෝධයක් නැති මී හරකෙක්, නැත්නම් ලෝකයේ ජල විදුලියට පසු අඩුම මිලට අපි වගේ රටකට විදුලිය නිපදවා ගැනිමට හොඳම අවස්ථාව ගල් අගුරු විදුලි බලාගාර ආරම්භ කිරිමයි.

  7. නිව්ස් එල් කේ says:

    Norochcholai Coal Power Plant, Sri Lanka’s largest profitable entප්නො
    http://www.news.lk/news/business/item/7628-norochcholai-coal-power-plant-sri-lanka-s-largest-profitable-entity

  8. මලත් UNP says:

    ගල්අඟුරු කළු පැහැතිය එම නිසා ගල්අඟුරු වලින් තනන විදුලිය එතරම් එළිය නැත. මහින්දයා අපට දුන්නේ එම බාල විදුලියයි.

  9. ඩොක්ට පූසො says:

    ඉංදියාවෙන් විදුලිය ගත්තොත් උන්ට ඕන ඕන වෙලාවට අපේ විහුලිය විසංදි කරලා ලංකා ආණ්ඩුව අල්ලෙ නට්වන්න පුළුවන් කියන සරල ඇත්ත මෙ ගොබිලයන්ට තේරෙන්නෙ නැති හැටි….. තුහ් නොදකින්…..!!

  10. ගම කන්නා says:

    මෙහෙ පැය ගානක් විදුලිය කපනව​.මේ ගල් අඟුර ඉන්දියාවට විදුලිය විකුනන්න හදනව​.බලපල්ල මුගෙ ප්ලග් එක ගැලවිලාද කියල​.

Main News