ගල් අගුරු සැපයුම් නවතී.. නොරොච්චෝල දුවන්න බෑ.. දැවැන්ත විදුලි කප්පාදුවක්..?

November 9, 2021 at 9:20 am | lanka C news
ගල් අගුරු සැපයුම් නවතී.. නොරොච්චෝල දුවන්න බෑ.. දැවැන්ත විදුලි කප්පාදුවක්..?

නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු ටොන් ලක්‍ෂ හයක් පමණ මෙරටට ගෙනඒමට නොහැකිවීමෙන් ලබන වසරේ මුල සිට රටතුළ බරපතළ විදුලි අර්බුදයක් නිර්මාණය වී විදුලි කපාහැරීමට සිදුවනු ඇතැයි ලංවීම කියා සිටී.

මේ සම්බන්ධයෙන් ලංවීම සභාපති එම්. සී. සී. ප‍්‍රදිනාන්දු මහතාගෙන් කළ මසීමේදී ඒ මහතාද කියාසිටියේ ගල්අඟුරු මිල ඉහළ යෑම සහ ක්‍ෂණික මිලදී ගැනීමට අදාළව කැඳවූ ටෙන්ඩරය අවලංගු වීම නිසා ගල්අඟුරු නෞකා හයක් මෙරටට නොපැමිණි බවයි.

නමුත් නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ සමස්ත විදුලි නිෂ්පාදනය වන මෙගාවොට් 900 න් මෙගාවොට් 300 බැගින් වන උත්පාදන යන්ත‍්‍ර එකක් හෝ දෙකක් නතර කර ඉන්ධන භාවිත කොට විදුලිය නිපදවිය හැකි විකල්ප විදුලි බලාගාර වලින් විදුලිය ජනනය කරන බවද ඒ මහතා කීය.

එලෙස ඉන්ධන මගින් විදුලිය ජනනය කිරීමේදී අතිවිශාල පිරිවැයක් දැරීමට සිදුවීම ඊළඟ කාරණය බවත් ගල්අඟුරු මගින් නිපදවන විදුලි ඒකකයක නිෂ්පාදන වියදම රුපියල් 15 ක් පමණ වනවිට ඞීසල් බලාගාරයකින් නිපදවන විදුලි ඒකකයක මිල රුපියල් 30 ඉක්මවන බවද ලංවීම සභාපති එම්. සී. සී. ප‍්‍රනාන්දු මහතා සඳහන් කළේය.

නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයට වසරකට ගල්අඟුරු ටොන් ලක්‍ෂ 20 ක් පමණ අවශ්‍යය.

මේ අවස්ථාවේ යළි ටෙන්ඩර කැඳවූවත් ගල්අඟුරු ගොඩබෑමේ ගැටලූව මෙන්ම ගල්අඟුරු මිල ඉහළයෑම හා හිඟය නිසා එයද ගැටලූකාරී වී ඇති බවද ඒ මහතා කීය.

ලබන වසරේ අපේ‍්‍රල් මාසයෙන් පසු ඔක්තෝබර් දක්වා කාලයේදී වාරකන් නිසා ගල්අඟුරු ගොඩබෑම කළ නොහැකිවීමෙන් දැනට බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු ටොන් ලක්‍ෂ හයක් අපේ‍්‍රල්වලට පෙර ගෙන්වා ගැනීමට සිදුව ඇත.

නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු මිලදී ගන්නා ක‍්‍රමවේදය වන්නේ බලාගාරයට අවශ්‍ය ගල්අඟුරුවලින් සියයට පනහක් වාර්ෂික ටෙන්ඩර් කි‍්‍රයා පටිපාටියට අනුව මිලදී ගැනීමය. ඉතිරි සියයට පනහ මිලදී ගන්නේ ක්‍ෂණික මිලදී ගැනීම් යටතේය.

ඉකුත් දින පනහක කාලයේ දී මෙරටට ගෙන්වා ගැනීමට නියමිතව තිබූ ගල්අඟුරු ටොන් ලක්‍ෂ හයක් මිලදී ගැනීමට අදාළව කැඳවූ ක්‍ෂණික මිලදී ගැනීම් ටෙන්ඩරය අහෝසිවීම නිසා මෙම ගැටලූව නිර්මාණය වී ඇත.

ගල්අඟුරු හිඟය, මිල ඉහළ යාම, ඩොලර් හිඟය හා ටෙන්ඩර් වලට මිල ගණන් ඉදිරිපත් නොකිරීමේ ගැටලූ මත ලබන වසරේ සිට මෙරට විදුලිබල අර්බුදය උග‍්‍ර අතට පත්වනු ඇතැයි විදුලි ඉංජිනේරු සංගමය ද අනතුරු අඟවා සිටී.

ශිරාන් රණසිංහ
– divaina

124,380 views

15 Comments to “ගල් අගුරු සැපයුම් නවතී.. නොරොච්චෝල දුවන්න බෑ.. දැවැන්ත විදුලි කප්පාදුවක්..?”

  1. ඩයස් හොරා says:

    ඇමරිකන් කුමන්ත්‍රණය හිතුවාටත් හොඳින් ක්‍රියාත්මක වෙනවා වගේ.

  2. Citizen says:

    ………රට වලපල්ලට…. ජනතාව කනත්තට……

    • LION says:

      පවිත්‍රා දේවියගේ , චම්පිකගේ දේපල රාජසන්තක කරලා මුදල් ලබා ගන්න ඔවුන් තමයි ඒකාලේ නොරොච්චෝල විනාශ කලේ ..දැන් ඔවුන් එයට වගකිව යුතුයි

  3. Sarath says:

    දේශිය කොම්පෝස්ට් වලින් බැරිද🤯

  4. Sealoan says:

    ගෝඨා කියවන දේවල් වලිං මම එකගවන එකම දේ තමා 2035 වන විට රාජ්‍ය විදුලි අවශ්‍යතාවයෙන් 60% පුනර්ජනනීය බලශක්තයෙන් සපයා ගැනීම.2050 වන විට සම්පූර්ණයෙන් ඒ තත්ත්වයට ගැනීම.ලෝකයේ සෑම රටක්ම ඒ ඉලක්කය කරා යන්න කටයුතු කරනවා.මේවයින් පාඩං ඉගෙනගෙනවත් අපි ඒ ඉලක්කයට ගමන් කලයුතුයි.

    • harsha says:

      පුනර්ජනනීය බලශක්තිය සෑම විටම නිෂ්පාදනය කළ නො හැකි අතර විචලනයවීම්වලට යටත් ය. ඒවා ගබඩා කිරීමට ලාභදායී ක්‍රමයක් දැනට නැති අතර බැටරිවල ගබඩා කිරීම වියදම් අධිකය. එමෙන්ම ඉවතලන බැටරි ප්‍රතිචක්‍රීකරණය කිරීමට ක්‍රමවේදයක් නැති වුවහොත් දැඩි පරිසරික ප්‍රශ්න ඇතිවිය හැක.

      • CAT says:

        ලගදීම MCC කළු තරුව පායයි එවිට මුළු රටම ඇමරිකාවේ කොළණියක් වේවි , රටටම විදුලිය වෙනුවට වහල් භාවයේ ආලෝකය ලැබේවි ‘
        පොහොට්ටුව ජනතාව රවට්ටනවා ..බැසිල් අපේ රට ඇමරිකාවට විකුනනවා ,,බලාගෙන සිටපල්ලා …නිවටයෝ වගේ ,උබලට සිතන්න මොළයක් නැද්ද ?
        මිනිසුනේ ,පාලකයෝ කරන්නේ රටට විනාශයක් නම් ඔවුන්ව නෙරපා රට බේරාගනිව් …ජනතාව පත් කල පාලකයෝ නෙරපා දැමීමට රටේ ජනතාවට පුළුවන් මේක සිංහල අපේ එකම මාතෘ භුමිය බොලව්

  5. SeaLoan says:

    2035 වන විට රාජ්‍ය විදුලි අවශ්‍යතාවයෙන් 60% පුනර්ජනනීය බලශක්තයෙන් සපයා ගැනීම අපේ රටට ඉතාම අවශ්‍ය දෙයක්.2050 වන විට සම්පූර්ණයෙන් ඒ තත්ත්වයට ගැනීම.ලෝකයේ සෑම රටක්ම ඒ ඉලක්කය කරා යන්න කටයුතු කරනවා.මේවයින් පාඩං ඉගෙනගෙනවත් අපි ඒ ඉලක්කයට ගමන් කලයුතුයි.

  6. අමා says:

    ලයිට් නැත්නම් කොච්චර ජොලිද මෙයා රෑට

  7. බන්ඩා says:

    සභාපතියා මොටද ඉන්නෙ ඌ පත් කලේ කවුද?

    • Ravana parapura says:

      ඉක්මනින් MCC කළු තරුව පායයි ..මේවා බැසිල්ගේ මගඩි වැඩ …සියල්ල ඉන්දියාව .චිනේ ,ඇමරිකාවට විකුණා ,බදු දී පොහොට්‍ටුවේ හොරු රටන් පිටවී යයි .එතෙක් මෝඩයෝ වගේ බලා සිටපියව් ..අපේ රටේ මිනිස්සු ගැන ඇත්තේ කලකිරීමක් ,සියලු දෙනාම එක්වී රට බේරා ගනිව් ,,අවස්ථාවාදී දේශපාලුවන්ට කඩේ ගියා ඇති මිනිසුනේ ..ඇස් ඇරපියව් ..මේ සිංහල මව්බිම රැකගනිව්

  8. Athula says:

    අදික නය බර ගසා කෑම . ගත්තනයත් ගාසා කාල දැන් dollar නැහැ dollar තියෙන්නේ පවුලේ අයගෙ පිටරට ගිණුම් වල , රට වලපල්ලටම යනතුරු මේ විනාශය අත් විඳින තුරු ජනතාව බහුතරයක් එදා අනුර පෙන්වා දුන් විපත්ති පිළිගත්තේ නැහැ ලපේ පුංචි අම්ම රතු අලි කිය කිය අවලාද නගමින් පල්හොරුන්ට දකින දකින තැන් වල වැඳ වැඳ සරණ ගියා දැන් රටට අබසරණයි…

  9. Gamarala says:

    MCC ට පාර කපනවා වගේ?

  10. 0.00069 BIYYO says:

    ලගදීම MCC කළු තරුව පායයි එවිට මුළු රටම ඇමරිකාවේ කොළණියක් වේවි , රටටම විදුලිය වෙනුවට වහල් භාවයේ ආලෝකය ලැබේවි ‘
    පොහොට්ටුව ජනතාව රවට්ටනවා ..බැසිල් අපේ රට ඇමරිකාවට විකුනනවා ,,බලාගෙන සිටපල්ලා …නිවටයෝ වගේ ,උබලට සිතන්න මොළයක් නැද්ද ?
    මිනිසුනේ ,පාලකයෝ කරන්නේ රටට විනාශයක් නම් ඔවුන්ව නෙරපා රට බේරාගනිව් …ජනතාව පත් කල පාලකයෝ නෙරපා දැමීමට රටේ ජනතාවට පුළුවන් මේක සිංහල අපේ එකම මාතෘ භුමිය බොලව්