ගල් පර්වතයක් කඩා නිධන් ගනිද්දී 04ක් අත්අඩංගුවේ..

June 29, 2019 at 5:30 pm | lanka C news
ගල් පර්වතයක් කඩා නිධන් ගනිද්දී 04ක් අත්අඩංගුවේ..

නෝටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් කිරිවන්එළිය  ටැප්ලෝගම ප්‍රදේශයේ ගල් පර්වතයක් කඩා නිධානයක් ගැනිමට උත්සහ කලේයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු සැකපිට ඊයේ (28) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.

ගිනිගත්හේන ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරුවන් දෙදෙනා ඊයේ රාත්‍රි එම ගල් පර්වතය පුපුරුවා හැර නිධානයක් ගොඩ ගැනිමට උත්සහ දරන බවට ප්‍රදේශවාසින් ලබා දුන් තොරතුරක් මත පොලිසිය විසින් එම ස්ථානයට ගොස් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්තාවේ නිධානය ගොඩ ගැනිමට උපයෝගි කරගත් උපකරණ රැසක් සහ පුජා භාණ්ඩ කිහිපයක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවේය.

– හැටන් රංජිත් රාජපක්ෂ

 

14 views
Main News