ගල් පර්වතයක් ගැලවී කොළඹ පාර වැසී යයි.. තවත් ගල් ගැලවෙන ලකුණු..

September 24, 2020 at 8:05 am | lanka C news
ගල් පර්වතයක් ගැලවී කොළඹ පාර වැසී යයි.. තවත් ගල් ගැලවෙන ලකුණු..

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන රම්පාදෙණිය ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයට විශාල ගල් පර්වතයක් පෙරලිම නිසා එම මාර්ගයේ ගමනා ගමන කටයුතු (24) දින උදැසන 7 සිට ඇණ හිට ඇත.

තවත් ගල් පර්වත කිහිපයක් ප්‍රධාන මාර්ගයට ගැලවි ඒමේ අවධානම නිසා ප්‍රධාන මාර්ගයට ගලැවි වැටි ඇති ගල් පර්වතය ඉන් ඉවත් කරන තෙක් එම මාර්ගයේ ගමන් ගන්නා වාහන ගිනිගත්හේන දියගල , නෝටන්බ්‍රිජ් , ලක්ෂපාන ,කළුගල මාර්ගය භාවිතා කරන ලෙස ගිනිගත්හේන පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

– හැටන් රංජිත් රාජපක්ෂ

53,649 views
Main News