ගල් මුල් මැද ධම්මික පැණිය තවත් ඉදිරියට.. ජ’පුර සරසවියෙනුත් පර්යේණ වාර්තාවක්.. ඇසුරුම්කර බෙදා හැරීම සූදානම් කෙරේ..
December 29, 2020 at 10:25 pm | lanka C news
කොරෝනා මර්ධනය සදහා තමන් විසින් හදුන්වා දුන් ඖෂධය ගැන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් පර්යේෂණයක් සිදු කර ඇති බව කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා සදහන් කරයි.
නමුත් පර්යේෂකයන්ගේ ඉල්ලීම මත දැනට එම වාර්තා ප්‍රසිද්ද නොකරන බවද ඒ මහතා කියා සිටියේ එකී පර්යේෂණ වාර්තාවද පෙන්වමිනි.
තම ඖෂධයට බටහිර වෛද්‍යවරුන් හා සෞඛ්‍ය නිලධාරීන් අකමැති බවක් පෙනෙන්නට ඇතැයිද ඔහු පැවසීය.
ඔහු මේ බව සදහන් කරන ලද්දේ තම නිවසේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මෙකා හොරෙක්..
කරුනාකර හේතු දක්වන්න. Evidence Please.
මුගෙ පැණි බීපු 5කට කොරෝනා.. ඒ එවිඩන්ස් මදිද තොට
ඔය හැදුනා කියන අය කියනවා ඒ අය හරියට අනුමත වාර ගාන බිවෙි නැ කියලා හැදුනේ ඒකයි නැතුව බෙහෙතේ වරද් නෙමෙි. ඒ පවුලෙම හරියට බිපු අයට හැදිලා නෑ
ටික දවසක් චූන් කරල චූන් කරල ආයෙත් චූන් කඩන්න එපා කාලි දෙයියෝ
මුන්ට දැන් ධම්මික පැණිය අර කොටි වලිගේ අල්ලගත්තා වගේ..අතඇරගන්න බැරැව ඉන්නේ.
හිනා කාලා පණ යනවා ඕයි.
කෙසේ වෙතත් ඉංග්‍රීසි බෙහෙත් වලට වඩා අපේ හෙළ වෙදකමේ ධම්මික මහතා සොයාගත් බෙහෙත අපට හොදයි ….කෙසේ නමුත් සිරුරට අහිතකරත් නැහැනෙ …….අපේ මිනිස්සුන්ට අපේ වටිනාකම තෙරෙන්නෑ. සුද්දන්ට දත නියවලා නේ පුරුදු .ඔබ වැනි මිනිසුන් අද සමාජයේ ඉතා විරලයි….ඇත්තට ම ඇත්ත කතා කරන්න බය වෙන්න ඕන නෑ ….එය කවදා හරි ජය ගනියි .. තෙරුවන් සරණයි
යකෝ ඇගට අහිතකර නැති උනාට කොරෝනා හොද වෙන්නෙ නැත්තම් වැඩක් තියේ ද? මොලේ කලදක් නැද්ද?
ඉතිං බං ඔය ටෙස්ටි කොරන්ට එන්නත් ගහපු අයටත් ආපහු හැදුනේ සමහරැ මලේ
අවිලක් නැ අපි ආහාර අතරේකයක් ලෙස ගන්නමි. අනුමතවෙලා තියෙන්නෙත් එහෙමනේ
නැවත හැදුනම මොකද හලෝ ! දැනටම කීදෙනෙක්ට සුව වෙලා තියෙනවද ?මේ බෙහෙත නිකන් හරි… ඔබටත් බොන්න සිතේවා ! ලැබේවා ! කියල ප්‍රාර්ථනා කරනවා !!! එන්නත් වලින් බෙිරෙන්නෙත් 90%
දේශිය දේ අගය කරන්න පුලුවන් වගේම දේශපාලනික ඇසින් හැම ප්‍රශ්නයක් ම නොබලන රටක් බිහිවේවා !!!!!
පැනිය බිව්වට ඇගට ඇගුණක් නෑලු.. ඒකනෙ අපේ උන් නිකන් බය වෙලා.. මමත් දෙනව කෝවිඩ් වලට කෙසෙල් ජාතියක්.. සීනි කෙසෙල් කියල.. ඒව කෑව කියල ඇගට අගුණයක් නෑ.. හැබැයි කෝවිඩ් හොද වෙන්නෙ නෑ.. බය නැතුව කෙසෙල් කන්ඩ..අගුණ නෑනෙ….🤣🤣😂😂
ඇයි බං අර ගවමුත්රා හරිගියේ නැතෙයි
ඔය පැණිය එනකොට බයියෝ එක්කො මැරිලා නැත්නම් කොරෝනා හැදිල ඉබේම හොඳ වෙලා. රෙස්පට් ස. 😀 😀 😀
Anyone noticed the Kali’s photo on the label. It’s KALI brand 🤣
අද පල් වාක්‍ය දාන එවුන්
හෙට හෙළුවෙන් පැනියම බොයි