ගල උඩ සටන ඇරඹෙයි.. තනි ආණ්ඩුවකට දෙපැත්තෙන්ම මෙහෙයුම්..

July 22, 2017 at 11:20 am | lanka C news
ගල උඩ සටන ඇරඹෙයි.. තනි ආණ්ඩුවකට දෙපැත්තෙන්ම මෙහෙයුම්..

ලබන ජනවාරි මාසය වන විට එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් පිහිටුවා ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇති බව සිරිකොත ආරංචි මාර්ග සඳහන් කරයි.මේ සඳහා එක්සත් ජාතික පක්ෂයේ ජේ‍යෂ්ඨ ඇමැති පිරිසක් මැදිහත්ව ක්‍රියා කරමින් සිටින බව වාර්තා වේ. මේ සාකච්ඡා ආරම්භ වී තිබෙන්නේ ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලනිප ඇමැති, නියෝජ්‍ය ඇමැතිවරුන් කණ්ඩායමක් විපක්ෂයේ අසුන් ගන්නා බවට ප්‍රසිද්ධියේ කෙරෙන ප්‍රකාශත් සමඟය.

පාර්ලිමේන්තුවේ දැනට පවතින මන්ත්‍රිවරුන්ගේ සංයුතියට අනුව එජාප ආණ්ඩුවක් පිහිටුවීමට වැඩි හැකියාවක් තිබුණද එජාපයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්ව සිටින මන්ත්‍රි කණ්ඩායම යළි පක්ෂයට එක් කරගෙන ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවා ගැනීම ප්‍රධාන අරමුණ වී අති බව පැවැසේ.

පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රිවරු 106 දෙනකුද එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රිවරු 95 දෙනකුද, දෙමළ ජාතික සන්ධානයට මන්ත්‍රිවරු 16 දෙනකුද, ජනතා විමුක්ති පෙරමුණට මන්ත්‍රිවරු 6 දෙනකු හා ඊපීඩීපී සංවිධානයට එක් මන්ත්‍රිවරයකුද වශයෙන් මන්ත්‍රිවරු 224 දෙනකු නියෝජනය කෙරේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත්‍රිවරුන්ගෙන් 51ක් සිටින්නේ ඒකාබද්ධ විපක්ෂයේය. කතානායකවරයා සමඟ මන්ත්‍රි සංඛ්‍යාව 225 සපිරේ.

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරු 16 දෙනාගේ සහයෝගය එක්සත් ජාතික පක්ෂයට දැනටමත් ලබා දෙන බැවින් ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට එජාපයට හැකියාවක් පවතින බව එජාපයේ ජේ‍යෂ්ඨ ඇමැතිවරු පෙන්වා දෙති.

එජාපයෙන් සන්ධානයට එක්ව සිටින මන්ත්‍රිවරු සමඟ සාකච්ඡා කිහිපයක්ම පවත්වා ඇති බවත් ඇතැම් මන්ත්‍රිවරු යළි එජාපයට එක්වීම තරයේම ප්‍රතික්ෂේප කර ඇති බවද දැනගන්නට ඇත.

මන්ත්‍රිවරු පිරිසක්, යළි පක්ෂයට එක්වීම සම්බන්ධයෙන් නැවත සලකා බැලිය යුතුව ඇතැයි පවසා ඇති බවත් තවත් පිරිසක් ඉදිරියේදී තීරණය දැනුම් දෙන බවටත් පවසා ඇතැයි දැනගන්නට ඇත.

රජය කෙරෙහි ජනතාවගේ බරපතළ අප්‍රසාදයක් හටගෙන ඇති බැවින් එජාප රජයක් පිහිටුවීමේදී ජනතා ප්‍රසාදය ගොඩනංවා ගැනීමට ක්‍රියා කිරීම වඩා වැදගත්වන බැවින් ඒ සඳහා පුළුල් සංවාදයක් ඇතිකර වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බව යෝජනා වී ඇති බවද පැවැසේ.

මේ අතර ශ්‍රී ලනිපයද තනි ආණ්ඩුවක් පිහිටුවීමට තීරණය කර ඒ සඳහා සාකච්ඡා පවත්වමින් සිටින බව එම පක්ෂයට සම්බන්ධ ආරංචි සඳහන් කරයි.

– Mawbima

15 views

9 Comments to “ගල උඩ සටන ඇරඹෙයි.. තනි ආණ්ඩුවකට දෙපැත්තෙන්ම මෙහෙයුම්..”

  1. Karu says:

    ඕන් විධායක ජනාදිපති කමේ බලතල පෙන්නන්න ආපු දෙවෙනි අවස්තාව.
    පළමුවැනි වාරය ශිෂ්‍යා පහැර ගන්න ගිය අවස්තාව. රාජිතයා කියන පල් හොරා මිනී මරුවා කුදලා ගෙන ඒම.
    අනෙක පන ඇතිව අගමති කෙනෙක් හා ඇමති මංඩලයක් පත් කිරීම.
    ඔය දෙකම පත්තරෙන් දැක්කාම ටක් ගාල කරනවා.
    කරුමෙ මේ පත්තර කාරයො ඕව දාන්නෙ නති එකනෙව !

  2. Chapa says:

    mahindage Bucket naethinam My3 nidahas paksha anduwak pihitawanawa isthirai,

  3. Nayana says:

    ඒකාබද්ධ විපක්ෂයේ පොදු තීරණවලට පිටින් යමින් හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ කටයුතු කිරීම නිසා අනෙකුත් මන්ත්‍රීවරුන්ගෙන් ඔහුට දැඩි විරෝධයක් එල්ල වී තිබේ.විශේෂයෙන් ම ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා නොකරමින් තනි තීන්දු ගැනීම මේ වන විට අර්බුදයක් දක්වා තීව්රය වී ඇත.

  4. love nature says:

    නව ව්‍යවස්‌ථාවක්‌ තුළින් සිරිසේන – රනිල් ආණ්‌ඩුව රටත් ජාතියත් පෝරකයට ගෙනයැමට සූදානම් වෙනවා

  5. love nature says:

    ටෝය්යන් සිතුවේ රනිල් සිරිසේන බලේට ආවම මේ රටසුඛ්ත මුදිත මොක්පුරයක් වනු ඇතයිද,
    රනිල් සිරිසේනට ලොව වටින් මුදල් ගලා එනු ඇතියිද සිතුවේය .එහෙත් එසේ නොවීය.
    ටොය්යෝ නොදන්නා දේ නම් රනිල් සිරිසේන බලේට ආවේ කොහොමද ?
    බලේට ගෙනාපු අය බලේට ගෙන අවේ ඇයි කියා ?
    රනිල් සිරිසේනට බලේට එන්නට මගපාදා තමන්ගෙ ඉල්ලීම් දිනාගැනිමට උදව් කරන්නට කියා ,
    මුදලින් ස්වයංපෝෂිත වූ දෙමළ ඩයස්පෝරාව විසින්
    රට රටවල නායකයන්ගේ ඉල්ලා තිබිණි.
    ඩයස්පෝරාව විසින් ඒ රටවල නායකයන්ගේ චන්ද ව්‍යාපාර කරන්න මුදල් ලබා දෙයි .
    ඒ මුදල් ලබා දෙන ඔවුන්ගේ ඉල්ලීම් වන්නේ, ශ්‍රිලංකාවේ දෙමල ජනතාවට ,
    වෙනම පාලනයක් ඇතිකර දීමට උදුව් කරන ලෙසටය
    ඒ ඉල්ලීම් වෙනුවෙන් පෙනී සිටි ඇමරිකාව, බ්‍රිතාන්‍ය ඇතුළු යුරෝපේ සමහර නායකයෝ
    මහින්ද එලවා මෛත්‍රී රනිල් බලේට ගෙන වැඩ සටහනට හැකි අයුරින් දායක විය.
    ඉන්පසුව ඔවුන්ගේ එකම වුවමනාව රනිල් මෛත්‍රී පාලනයෙන් ඩයස්පෝරාවේ ඉල්ලීම් දිනා දීමට හැකි අයුරින් සහය දීමයි.දෙමළ ඩයස්පෝරාවේ ඉල්ලීම් ඉටු වෙනතුරු මේ ආණ්ඩුව රැකගැනීමට අවශ්‍ය වුවත් ඩයස්පෝරාවේ සම්බන්දකම් ඇති ලෝක නායකයන්, මේ රට දයුණු කිරීමට අද උදවු නොකරති.
    රනිල් සිරිසේනට රට සංවර්දනය කිරීමට ඔවුන්ට රටේ යමක් කිරීමට විසාල වශයෙන් හෝ සුළුවෙන් හෝ මුදල් ආධාර ලබා නොදේ. ඩයස්පෝරාවේ ඉල්ලීම් ලබා ගන්නාතුරු මේ ආණ්ඩුව බලේ සිටියයුතුයි ඔවුන්,
    මේ ආණ්ඩුව කොතරම් නරක එකක් වුවත්, මේ ආණ්ඩුව හොද එකක් බව සමහර ලෝක නායකයෝ පවසනු ඇත. රනිල් සිරිසේනගේ ඔළුව අතගා සමහර නායකයන්, මොවුන් දෙපල යොදාගෙන ඔවුන් ලවා දෙමල බෙදුම්වාදීන්ට වෙනම පාලනයක් ලබාදී ,අපිටම ටොක්ක අනිනු ඇත.

  6. Saradiel says:

    2015 පෙබරවාරියේ දී රුපියල් 132ක් වූ ඇමරිකන් ඩොලරය දැන් රුපියල් 154කට කිට්ටු වී තිබේ. ආර්ථිකය ගෙවුම් ශේෂ හි`ගයකට මුහුණපා තිබේ. ආර්ථික වශයෙන් ද රට ඇත්තේ අමාරු අඩියක ය.

  7. Premasiri says:

    MONA SATANDA?
    RATA WANASUNATH DENNAGE PAWATHMA THIYENNE EKATA HITIYOTH PAMANAI.
    MUNDENNATA ONI RAJA KARANNA WITHRAI.
    KISIMA DAKMAK NAHA.

  8. ඇටම් බොම් says:

    පවු රටේ මිනිස්සු…….
    කුණුටික කළමනාකරණය කරගන්න බැරි හොරු ටිකක් පත් කරගෙන දුක් විදිනවා.

  9. padasira says:

    සාධාරණ අයිතීන් පතා සාමකාමී උද්ඝෝෂණ වල යෙදුන කම්කරුවන්, ගොවීන්, භික්‌ෂූන්, සරසවි සිසුන්, රාජ්‍ය සේවකයන් ඇතුළු සියලු බලවේගයන් එජාප ආණ්‌ඩුවේ රාජ්‍ය සහ නිල නොවන කණ්‌ඩායම් යොදා මර්දනය කරන ලදී. කැලණි සරසවියට කඩා වැදුණු ආණ්‌ඩුවේ මැරවරයන් සිසුන්ට නිරතුරුව පහර දෙනු ලැබීය. එසේ 1978 මාර්තු 16 වැනිදා කැලණි සරසවියට පැමිණ එජාපයේ සමවාදී ශිෂ්‍ය සංගමයට සහාය දුන් මැරයකු වූ ක්‍රිස්‌ටෝපල් ජයතිලක ප්‍රතිප්‍රහාර වලින් ජීවිතක්‌ෂයට පත්විය. මෙහි චෝදනාව එල්ල වූයේ බද්දේගම සමිත හිමියන්ටය. නඩුව අවසානයේදී සමිත හිමි නිදහස්‌ විය. කැලණියේ 1978 මාර්තු 19 වැනිදා පැවති ක්‍රිස්‌ටෝපල්ගේ අවමඟුල් උත්සවයටද ජනාධිපති ජයවර්ධන සහභාගි විය

Main News