ගවයින් ප‍්‍රවාහන ලොරියක් පෙරලෙයි.. ගවයින් තොගයක් මියයයි..

September 1, 2017 at 4:40 pm | lanka C news
ගවයින් ප‍්‍රවාහන ලොරියක් පෙරලෙයි.. ගවයින් තොගයක් මියයයි..

එරාවුර් ප‍්‍රදේශයේ සිට අකුරණ ප‍්‍රදේශය දක්වා ගවයින් ප‍්‍රවාහනය කළ ලොරි රථයක් නාඋල – කොහොලන්වල යුධ හමුදා කදවුර ආසන්යේ දී පෙරළි ඇතැයි මහවෙල පොලිසිය කියයි.

සිද්ධියෙන් පසු ප‍්‍රදේශයේ විශාල පිරිසක් එම ස්ථානයට රැස්වී සිටි අතර ඔවුන් කියා සිටියේ ලොරි රථය තුළ ගවයන් 20 ක් පමණ මියගොස් ඇති බවත්ය.

උදාසන වන විට ලොරි රථයේ ගමන්ගත් කිසිවෙකුත් එම ස්ථානයේ නොසිටි අතර ලොරි රථය ඉවත් කිරීම සදහා පොලිසිය ඇතුළු මහජනතාව දැඩි පරිශ‍්‍රමයක් දරනු දක්නට ලැබිනි.

ලොරි රථය විවෘත කිරිමට නොහැකි වීම හේතුවෙන් ඇතුලත සිටින ගවයින් මිය යෑමේ අවදානමක් පවතින බව එම ස්ථානයේ රැස්ව සිටි පිරිස් සදහන් කළේය.

මෙලෙස ප‍්‍රවාහනය කළ ගවයින් සදහා බලපත‍්‍ර ලබාදී ඇති බවත් ඒ අතර ප‍්‍රවාහනය සදහා ද බලපත‍්‍ර පවතින බව මහවෙල පොලිස්ථානයේ නිළධාරියෙකු සදහන් කළේය.

කෙසේ වෙතත් හිංසාකාරී අන්දමින් ප‍්‍රමාණය ඉක්මවා ගවයින් ප‍්‍රවාහනය කළේද යන්න පිළිබදව මහවෙල පොලිසිය පරික්ෂණ පවත්වති.

– ඉන්දික අරුණ කුමාර

59 views
Main News