ගවයින් සොරකම් කොට මස් කරමින් සිටියදී ගම්වාසීන් අල්ලා පොලීසියට භාර දෙයි…

January 28, 2020 at 8:02 am | lanka C news
ගවයින් සොරකම් කොට මස් කරමින් සිටියදී ගම්වාසීන් අල්ලා පොලීසියට භාර දෙයි…

යාපනය පුන්කුඩතිව් ප්‍රදේශයේ ගව පට්ටිවලින් ගවයින් සොරාගෙන මරා මස් කොට විකුණු පුද්ගලයෙකු ගම්වාසීන් විසින් අල්ලා කයිට්ස් පොලීසියට භාර දී ඇත.

පුන්කුඩතිව් ප්‍රදේශයේ දිගු කලක් තිස්සේ ගව පට්ටි වලින් ගවයින් අතරුදහන් වීම පිළිබඳව හිමිකරුවන්ට දැඩි ගැටලුකාරී තත්වයක් ඇති තිබූ අතර පසුව ප්‍රදේශයේ ග්‍රාමසේවක මහතා ඇතුලු වේලනෙයි ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකුගේද සහය ඇතිව සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන පොලීසිය භාර දීමට පියවර ගෙන ඇත.

අදාල සැකකරු ගව පට්ටියකින් ගවයෙකු සොරකම් කොට මරා මස් කරමින් සිටියදීම ගම්වාසීන් විසින් අල්ලා පොලීසියට භාර දී ඇති අතර අදාල සැකකරු අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගැනීමට පියවර ගෙන ඇති බවටද පරික්ෂණ සිදු කරන කයිට්ස් පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

60 views

One Comment to “ගවයින් සොරකම් කොට මස් කරමින් සිටියදී ගම්වාසීන් අල්ලා පොලීසියට භාර දෙයි…”

  1. Alapaluwa says:

    මේ වැනි මිනිසුන් කවදා හදන්නද? මුන්ට අන්සතු ජිවිතයක් නැතිකිරීම බොහොම සුළුදෙයක් මට සිතෙනවිදියට මෙතරම් දියුණු යුගයක මෙවැනි කකුල්දෙකේ තිරිසනුන් අවශ්‍ය නැත කියායි.

Main News