ගවයින් හා එළුවන් තොගයක් රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට..

July 28, 2018 at 2:02 am | lanka C news
ගවයින් හා එළුවන් තොගයක් රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට..

බලපත්‍ර නොමැතිව අනවසරයෙන් ගවයින් 20 දෙනෙකු වව්නියාව ඉරනෙයි ඉලිප්පුකුලම් ප්‍රදේශයේදී ප්‍රවාහනය කළ ලොරි රථයක් සැකකරුවන් දෙදෙනෙකු සමඟ අත්අඩංගුවට ගත් බවට ඊච්චන්කුලම් පොලීසිය කියා සිටියේය.

වවුනියාව විශේෂ කාර්ය බළකා නිළධාරීන් විසින්  වවුනියාව ඊච්චන්කුලම ප්‍රදේශයේ කළ වැටලිමකදි මෙම ගවයින් 20 දෙනෙකු මස් පිණිස ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු  සහ ලොරි රථය අත්අඩංගුවට ගෙන ඇති බව ඊච්චන්කුලම පොලිසිය පැවසීය.

අත්අඩංගුවට ගත් ලොරි රථය තුළ ගැබිනි එළදෙනුන් ඇතුළු එළ ගවයින් හා මී ගවයින් සිට ඇත.

ඊච්චන්කුලම් පොලිසිය පැවසූවේ අත්අඩංගුවට ගැනීම සිදුකළ ලොරි රථය තුළ පැවති අධික තෙරපීම හේතුවෙන් ලොරි රථය තුළදීම ගවයෙකු ජිවිතක්ෂයට පත්ව සිටි බවටයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

34 views

One Comment to “ගවයින් හා එළුවන් තොගයක් රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට..”

  1. ගිරවා says:

    මක්කම යන මුස්ලිම් බැතිමතුන් අල්ලාහ් වෙනුවෙන් බෙල්ලකපා බිලිදීමට වෙන්නැති ගෙනියන්නේ ? අහෝ අසරණ ගවයන්
    ගවඝාතනය සහ සතුන් මැරීම අපේ රටේ සම්පුර්ණයෙන් තහනම් කරණු
    මිනිසුනේ සතුන්ගේ මළ කුණු බුදිම නතරකරනු

Main News