ගවයෙක් කකුල් බැඳ උඩුයටිකුරුව හිංසාකාරීව අරන් යද්දි අත්අඩංගුවට.

September 23, 2022 at 2:10 am | lanka C news
ගවයෙක් කකුල් බැඳ උඩුයටිකුරුව හිංසාකාරීව අරන් යද්දි අත්අඩංගුවට.

යාපනය වඩුක්කොඩ්ඩෙයි පොලිස් වසමේ අරාලි ප්‍රදේශයේදී ත්‍රී රෝද රථයකින් බලපත්‍ර නොමැතිව ගවයෙකු උඩුයටිකුරු වන සේ බැඳ හිංසාකාරීව ප්‍රවාහනය කරමින් සිට අයෙකු අත්අඩංගුවට ගත් බවට පොලීසිය පවසයි.

අරාලි නාවන්තුරෙයි මාර්ගයේ අදාල ත්‍රී රෝද රථය ධාවනය වන බවට වඩුක්කොඩ්ඩෙයි පොලීසියට ලැබුනු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් ක්‍රියාත්මක වී අදාල ත්‍රි රෝද රථය නවතා පරික්ෂා කිරීමේදී කිසිදු බලපත්‍රයක් නොමැතිව ගවයෙකු ඉතා හිංසාකාරීව පාද බැද ප්‍රවාහනය කිරීම හේතුවෙන් එහි රියදුරු සහ ත්‍රී රෝද රථයද සමගින් අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් පියවර ගනු ලැබීය.

අදාල ගවයා ඝාතනය කිරීම සඳහා රැගෙන යනු ඇතැයි පොලීසිය සැක පල කරන අතර සැකකරු නාවන්තුරෙයි ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි වියේ පසුවූවෙකි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

14,305 views

One Comment to “ගවයෙක් කකුල් බැඳ උඩුයටිකුරුව හිංසාකාරීව අරන් යද්දි අත්අඩංගුවට.”

  1. MD says:

    පොලීසිය බරපතල වරදක් කර ඇත.ඔවුන් දෙවියන් සේ යදින සතෙක් නිසා තමා ඵහෙම ප්‍රවාහනය කරන්න ඇත්තෙ.පොලීසිය අනවශ්‍ය දේවල් කිරීමෙන් වැලකී ඔවුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය නොකර කටයුතු කරන ඵක වැදගත් වෙයි.ඵයාල නිතර ජිනීවා කොමසාරිස්වරිය මුණ ගැහෙන්න යනවා.

Leave a Comment

Main News