ගව ගාලේ අපද‍්‍රව්‍ය වලට වැටී කුඩා දරුවෙකු මිය යයි..

July 1, 2021 at 2:18 am | lanka C news
ගව ගාලේ අපද‍්‍රව්‍ය වලට වැටී කුඩා දරුවෙකු මිය යයි..

තම ගෙවත්තේ කපා තිබු කුඩා වලකට වැටි අවු 2 ½ වයසැති පිරිමි දරුවෙකු ජිවිතක්ෂයට පත් වි ඇති බව මස්කෙලිය පොලිසිය පැවසිය.

මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ මස්කෙලිය බ්‍රවුන්ස්වික් අක්කර 50 කොටසේ පදිංචි ජයදුන්දරම් සුලක්ෂන් නැමති දරුවෙකි.

නිවසේ සිටි තම දරුවා නොසිටි බවත්, පසුව දරුවා  සොයන අවස්තාවේ තම නිවසට ඉදිරියෙන් වු ගව පට්ටියේ අපද්‍රව්‍ය බැහැර කිරිම සදහා කපා ඇති කුඩා වලක දරුවා වැටි සිටි බවත්, පසුව වැටි සිටි දරුවාව ගොඩගෙන මස්කෙලිය ප්‍රාදේශිය රෝහල වෙත රැගෙන යන අවස්තාවේ දරුවා මිය ගිය බව දරුවාගේ පියා විසින් මස්කෙලිය පොලිසිය වෙත ප්‍රකාශයක් ලබා දි ඇත.

මිය ගිය දරුවාගේ සිරුර මස්කෙලිය මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මස්කෙලිය පොලිසිය පරික්ෂණ පවත්වයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

13,360 views

3 Comments to “ගව ගාලේ අපද‍්‍රව්‍ය වලට වැටී කුඩා දරුවෙකු මිය යයි..”

  1. සැළසුම් කාබනික says:

    සුපිරි කාර් රථයට යටවෙලාත් ජීවිත නැතිවෙනවා..වී ගොවිතැන අඩපන කිරීමට, මී උණ ගැන කියන්නේත් ඒ නිසා…

    • says:

      සැළසුම් කාබනික, මැටිටෝ, දරුවෙක් ගේ ජීවිතයක් නැති වෙලා තියෙන්නේ. හුස්ම ගන්න මනුස්සයෙක් වගේ හිතපන්. බල්ලොත් ඔයිට වැඩිය කළගුණ දන්නවා.

  2. Ms.commonsense says:

    Should properly investigate this incident can be a murder case 🤔

Main News