ගව ඝාතකාඝාරයක වලකට වැටී විෂ දුම ආග්‍රහනය වීමෙන් සිව් දෙනෙකු මිය යයි..

April 26, 2019 at 2:21 am | lanka C news
ගව ඝාතකාඝාරයක වලකට වැටී විෂ දුම ආග්‍රහනය වීමෙන් සිව් දෙනෙකු මිය යයි..

වව්නියාව තාණ්ඩිකුලම් ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගව ඝාතකාගාරයක අපද්‍රව්‍ය බැහැර කෙරෙන වලකට වැටී නගරසභා සේවකයින් සිව් දෙනෙකු මිය ගොස් ඇති බවට වව්නියාව පොලීසිය පවසයි.

අද දහවල් වව්නියාව නගර සභාවේ සේවකියින් පිරිසක් විසින් අදාල ගව ඝාතකාගාරයට ගොස් ඇත්තේ එහි අපද්‍රව්‍ය ඉවත් කිරීමටය එහිදී අපද්‍රව්‍ය බැහැර කෙරෙන වලේ ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීමට පෙර එක් නගර සභා සේවකයෙකු එම වලට ජලය දමා ඇති අතර එහිදී අදාල වලෙන් කිසියම් විෂ දුමක් ආග්‍රහනය වීම හේතුවෙන් එම සේවකයා අපද්‍රව්‍ය බැහැර කෙරෙන වලට පළමුව වැටී ඇති අතර පසු වලට වැටුනු සේවකයා ගොඩට ගැනීමට උත්සහ ගත් දෙවන සේවකයාද වැටී ඇති අතර ඔවුන් ගොඩට ගැනීමට උත්සහ ගත් අනෙක් සේවකයින් දෙදෙනාද වලට වැටී විෂ දුම ආග්‍රහනය වීමෙන් මිය ගොස් ඇති බවට වව්නියාව පොලීසිය සැක පල කොට සිටියි.

වව්නියාව නගරසභාවේ ටෙන්ඩර් කැඳවා ක්‍රියාත්මක කෙරෙන අදාල ගව ඝාතකාගාරය ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට අයිති බවටද ප්‍රදේශවාසීන් පවසති.

අපද්‍රව්‍ය වලට වැටුනු සේවකයින් එම අවස්ථාවේදීම ප්‍රදේශවාසීන් විසින් ගොඩට ගෙන වවුනියාව මහරෝහලට ඇතුලත් කිරීමට පියවර ගත්තද රෝහලට ඇතුලත් කරන විටත් නගරසභා සේවකයින් සිව් දෙනාම මිය ගොස් සිටි බවට සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකරන වව්නියාව පොලීසිය පවසයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

7,120 Viewers
Main News