ගව ඝාතනය තහනම් කිරීම මාසයකින් කල් දමයි..

September 10, 2020 at 11:24 am | lanka C news
ගව ඝාතනය තහනම් කිරීම මාසයකින් කල් දමයි..

මෙරට තුළ ගවයන් ඝාතනය තහනම් කිරීමේ තීරණය නීතිගත කිරීම තවත් මසකින් පමණ කල් දැමීමට රජය තීරණය කර තිබේ.

කැබිනට් ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේ දී මේ බව සඳහන් කළේය.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කරන ලද අතර එම යෝජනාව සම්මත වූ බවද ඇමැතිවරයා පැවසීය.

මෙම තහනම් කිරීම මාසයකින් කල් දමන ලද්දේ මේ සම්බන්ධයෙන් වෙනත් පාර්ශවවලට සාකච්ඡා කිරීමට අවශ්‍ය කාලය ලබා දීමට බවද ඔහු කියා සිටියේය.

40,612 views

43 Comments to “ගව ඝාතනය තහනම් කිරීම මාසයකින් කල් දමයි..”

  1. ආගම says:

    හින්දු ආගම අදහන ඉන්දියාවෙ දේවාල වදින දේසපාලුවන් ගුලි වෙදාල කියන ඔනදෙයක් කරනවා

  2. අතුලසෞදි says:

    මේක සිරිසේනයාගෙ කැබිනට් එකෙ තිබ්බ project එකක්.මහජන විරෝධය නිසා ඉල්ලා අස්කර ගත්තා . ආපහු ඒ මෝඩ project එක ගෙනල්ලා . කවුද රටට මේ වගෙ ලණු දෙන්නෙ?

  3. Love nature says:

    ගවයන් ඝාතනය

    ඇය කිරි සපයන්නීය. අම්මා නොමැතිව කිරි ඉල්ලා හඬන බිළිඳු පුතුට කිරි දෙන්නේ ඇය නොවේ ද ? තිරිසනකු වූ හෙයින් බිළිඳු පුතු ළඟට ගෙන සිප සැනසීමට ඇයට නොහැකි වූවා මිස බිලිඳුන්ට උස් මහත්වන්නට ඇය සිත් සේ කිරි දෙන්නීය . අපි අම්මාට අතිශයින් ආදරය කරන්නෙමු. එසේම ඒ කිරි අම්මාට ද එසේ නොකිරීමට හේතු කාරණාවක් නොමැත.

    සෑම සතෙකුගේම ජීවිතය එක සමාන බව සැබවි. බුදු රජාණන් වහන්සේ ධම්මපදයේ දක්වා වදාළ පරිදි සියල්ලෝම ජීවිතයට ප්‍රිය වන්නේ ය. මරණයට බිය වන්නේ ය. මම ද එසේමය. අහිංසක සිව්පාවන් ද එසේම ය. එසේ නම් අප ඔවුන්ට අනුකම්පා නොකළ යුත්තේ ද ?

    ගවයා මිනිසාට මහත් සම්පතක් උදා කර දෙයි. අනිකුත් සතුන් කෙරෙහි දයාව, අනුකම්පාව දක්වනු කෙසේ වුවද මේ සා අපේ ජීවිතයට සමීපවන ගවයා මරාගෙන තලු මරමින් රස විඳීමට තරම් අපි අකෘතඤ වී ඇත්තෙමු.
    මිහිතලය මත මිනිසාට යහතින් ජීවත් වන්නට නම් අවිහිංසාව පිළිබඳ උසස් මානුෂීය ගුණධර්මය මිනිසාගේ සිත් තුළ තැන්පත් විය යුතුය. මිනිසා රුදුරු උවහොත් මිහිතලය මතින් මානව සංහතිය වඳවී යන දිනය ඈතක නොවනු ඇත

  4. sinhale le says:

    තම ආගමට අනුව හජ් උත්සවයේදී ගවයන් ඝාතනය කර ආහාරයට ගැනීම අනිවාර්ය බව කුරානයේ පැහැදිලිව තිබෙනවාලු අසාද් සාලි කියනවා

    යකෝ මෙහෙමත් දෙවිකෙනෙක් ලෝකේ තියන්න හොදද ?

  5. Royter says:

    බලාපල්ලා හම්බයා කොච්චර බලවත්ද කියලා. සිංහලයාට තමන්ට ඕන නිති රීති හදාගන්න බෑ. දැන්වත් සිංහලයා රවටන්නේ නැතිව කිව්ව විදිහට හරක් මැරීම වහාම තහනම් කරන්න. දැන් බටහිර රටවල් හිටන් විරුද්දයි හරක් මැරීමට සහ හරක් මස්වලට (red meat). මෙ සැරේ දෙන්න එපා මුසල්මානුවන්ට සිංහල දේශපාලකයන්ගේ රෙද්ද අස්සේ රින්ගලා පරිපාලනය අතට ගන්න.

Main News