ගව ඝාතනය තහනම්.. යෝජනා කැබිනෙට්ටුවේ සම්මතයි..

September 29, 2020 at 12:02 pm | lanka C news
ගව ඝාතනය තහනම්.. යෝජනා කැබිනෙට්ටුවේ සම්මතයි..

මෙරට තුළ ගව ඝාතනය තහනම් කිරීම සඳහා වන යෝජනාවක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

අදාළ යෝජනාවට කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව මෙය නීති කෙටුම්පත් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීමෙන් පසුව නීතියක් බවට පත් වෙයි.

මීට පෙර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම විසින් ද ඒකමතිකව මෙම යෝජනාව සම්මත කරන ලදී.

37,021 views

26 Comments to “ගව ඝාතනය තහනම්.. යෝජනා කැබිනෙට්ටුවේ සම්මතයි..”

  1. Hudson says:

    Who is going to get the meat contract.? Aus, Nz beef will be 1500 bucks may be Indian sick cows are cheaper.

    • වයි දිස් කොලවෙරි says:

      fresh fruits, veg , grains and dairy products are healthier.

    • sam says:

      At last, sanity has prevailed. Sometimes have to take tough action for the greater good. There is not going to be massive malnourishment because of the ban on local beef. There is also some medical research pointing to that red meat is bad for long-term health. Of course, the Government has to have a plan to help people who have been financially affected with some help to find alternate income.

  2. Amila says:

    paw aney, thambi tika kanna nathuwa marei

  3. Love nature says:

    ඔබ තුමාට පිං බුදු සසුන බැබලේවා

    • aniwa says:

      අනිව මචෝ
      චටාස් ! කාලකන්නි මදුරුවෝ
      ගොයම් මැස්සෝ ඒ මදිවට එළවලු කොටුවෙත් නානාප්‍රකාර කෘමි සත්තු, ගැහුවා බේත් කෙලවෙලාම යන්ට
      එන ගමන් පණු අමාරුවටත් බේත් ගත්තා ඕන්.
      මේ එක නෙවෙයි දැන් හරක් මැරුවම විතරෙයි ප්‍රාණඝාත සම්පුර්න වෙන්නේ ?
      දන්නේ නැති හින්දයි ඇහුවේ.
      මම සිංහල බෞද්ධ හොඳේ.

  4. Love nature says:

    ලංකාව යටත් විජිතයක් වීමට පෙර සතුන්ට අභය දානය දුන් ස්ථානයක් වූ බව සිංහළ රජුන් 180 ක් පාලනය කල 2500 වසරක සම්පුර්ණ ලිඛිත ඉතිහාසය පුරා ලියවී ඇත. එහෙත් බටහිර විදේශීය ආක්‍රමණයෙන් සහ මුසල්මානුවන් ලංකාවට පැමිණි පසු මේ ක්‍රමය වෙනස් වූයේ, බලහත්කාරයෙන් මෙන්ම ආගමික යයි කියා සතුන් ඝාතනය කරන කරුණු හේතුවෙනි. යුදෙව් සහ මෝහමදික ආගම් හෙවත් ඒබ්‍රහමික ආගම් වල වල සතුන් මැරීම කලයුතු දෙයක් ලෙස ඇති ඉගැන්වීම්, බොදු හැදියාව සහ සභ්‍යත්වය සමඟ ගැටේ. මෙත්තාව හෙවත් මෛත්‍රිය සෑම සත්වයෙකුටම දැක්වීම බුදු දහමේ එක්තරා වැදගත් කොටසකි.

    • ආගමික ශබ්ද දූෂණය එපා !!! says:

      180 ක් රජ දරුවන්ගේ වැඩිමනක් රජ උනේ එක්කෝ තම පියා මැරීමෙනි , නැතහොත් තම සොහොයුරා මැරීමෙනි. එහෙමත් නැතිනම් තමන්ගේ එකාව බලයෙන් පහ කිරීමට කුමන්ත්‍රණය කිරීමෙනි. බොරු නෙවෙයි . ඒක තමා ඇත්ත. තමන්ගේ උන්ට අභය දානය දීලා නෑ..

      • Dish ay says:

        Perfect reply. Mahalokuwata kiyavanava Eth minisunta thirisan vage salakala thiyenne. Modayo tika. Rajapakshala monava kivvath harak vage oluwa wananava.

  5. Love nature says:

    ඉතිහාසයෙන් බිදක්

    කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල රජු :- මේ රජු, ඉතා පැහැදිළිව ශිලා ලේඛන හයක් ලියා ඇත්තේය. ඒ ළිපිවල පැහැදිළිවම බෞද්ධ හෝ අබෞද්ධ, වෙළඳ, දේශීය හෝ සංචාරක කිසිම පුද්ගලයෙක් සතුන් නොමැරිය යුතු යයි කියා ඇත. එවැනි ඉතා උසස් මෛත්‍රිය කුළු ගැන්වෙන ආකාරයේ ලියැවිළි වලට එරෙහිව යන්නේ මුග්ධයෙක් පමණි. එහෙත් සතුන් මැරීම සහ මධ්‍යපාන භාවිතය නීතිගත වන්නේ, ලංකාව විදේශීය ආක්‍රමණ වලට නතු වීමෙනි.

    • ආගමික ශබ්ද දූෂණය එපා !!! says:

      ලෝකේ සත්තු නොමරන රටක් නෑ. එහෙම උනා ඒ රටේ මිනිස්සුන්ට වැඩියෙන් ඉන්නෙ සත්තු . බුදුහාමුදුරුවටත් තිබ්බා රාජ රාජ මහාමාත්‍යවරුන් සමඟ කන්ටෑක්ට් . කොතනකවත් බුදුහාමුදුරුවෝ ඒ රජ ඇමති දරුවන්ට වදාරා නෑ ඒ රට රාජ්‍යවල සත්ව ඝාතන නවත්වන්න කියලා.. මෝඩ ගොන්පාට් බහුජ්ජයෝ තමා දැන් ඉන්නේ. පීකර් දමාගෙන ජවුසන් නටන කන්ට නැතිකමට සාසනේට භාරකරපු දුශ්ශීලයන්ටම ගැලැපෙනවා.

  6. සමන් says:

    සාධු සාධු සාධූ… බොහෝම ලොකු පිංකමක්. මේ රජය පත්කරන්න චන්දෙ දීපු සැමත් මේ පිංකමේ දායකයන් වෙනව එක්තරා විදියකට.

  7. Love nature says:

    “සෑම සත්වයෙක්ම මරණයට සහ දඬුවමට බිය වේ. සියල්ලන් තමන්ගේ ජීවිතයට ප්‍රිය වේ. තමා ගේ ජීවිතයට ඇති ප්‍රියතාවය උදාහරණයකට ගෙන, සත්ව හිංසාවෙන් මිදී ජීවත් වන්න” -ධම්මපදය.

  8. sinhale le says:

    ඝාතකයන් මේ අහිංසක කිරි මවගේ ගෙල අඩක් සිඳ වැගිරෙන උණු රුහිරු දෙස කෑදර බැල්මක් හෙලන හැටි.මේ ගවදෙන මරණ වේදනාවෙන් කොපමණ කාලයක් අඩක් නිරුද්දවූ ප්‍රානයෙන් දුක් විඳින්න ඇත්ද? මේ ගවදෙනගේ උණු ලේ අමු අමුවේ පානය කිරීමෙන් උත්තරීතර බවක් ඇතිවන බව පවසන්නේ කව්රුන්ද? මේ ගවදෙන්ගේ මන්ෂයන් අහරට ගෙන සතුටු වන්නන් කෙරෙහි මේ අහිංසක ගවදෙනගේ ශාපය රඳා නොපවතීද? සිතන්න මොහොතකට කිසියම් පුද්ගලයෙක් මේ අයුරින් ඔබේ ගෙලෙහි අඩක් සිඳ දැමුවොත් ඔබට ඒ පුද්ගලයා කෙරෙහි ඇතිවන්නේ කුමන සිතුවිල්ලක්ද? එවන් වූ සිතුවිලි දාමයක් මේ තිරිසන් සත්වයා තුලද ඇතිවන බව කිව නොහැකිද?

  9. Justin says:

    Our fundamental rights are being violated.

  10. Sena says:

    Now no need be scared about 225 in parliament. They are safe.