ගව ඝාතනය වැඩි වීමට එරෙහිව විරෝධතා පාගමනක්…
May 22, 2018 at 2:03 am | lanka C news
දිනෙන් දින උතුරේ ගව ඝාතනය වැඩි වෙමින් පැවතියද බලධාරීන් එයට එරෙහිව කිසිදු පියවරක් නොගැනීමෙන් සත්ව හිංසාවන්ද උතුරේ වැඩිවීම නිසා වහාම ගව ඝාතනය නවත්වන ලෙස ඉල්ලා (21) යාපනය ඡාවකච්චේරි ප්‍රදේශයේදී විරෝධතා පාගමනක් සංවිධානය කොට තිබුණී.
චාවකච්ඡේරි මන්සන්ධියේ සිට සිවසේනා නැමති සංවිධානයක් මගින් මෙම විරෝධතා පාගමන චාවකච්චේරි ප්‍රාදේශීය ලේකම් කාර්යලාය දක්වා පැවත්වුණි.
විරෝධතා පාගමනේ නිරත වූවන් කියා සිටියේ ,
‘වසරේ එක් දිනක ගවයා වෙනුවෙන්ම වෙන් කොට ඇති අතරම ආගමක් විසින් දේවත්වයෙන් සලකන ගවයාට වර්ථමානයේ ඉතා කනගාටුදායක අවස්ථාවක් එලඹ ඇති අතරම සත්ව හිංසනයද දැඩි ලෙසින් ව්‍යාප්ත වුවත් කිසිදු නීතියක් ක්‍රියාත්මක නොවීම සියල්ලන්ටම අවාසනාවන්ත ඉරණමකට මුහුණ පෑමට සිදුව ඇති බවටයි.
එමෙන්ම ගව ඝාතනය වෙනුවෙන් ලබා දෙන බලපත්‍ර සියල්ලක්ම අවලංගු කොට උතුරේ ගව ඝාතනය සම්පූරණයෙන් නැවත්වීමට බලධාරීන් කටයුතු කරන ලෙසට ඉල්ලා අද උදෑසන යාපනය චාවකච්චේරි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට නගරසභා වෙතට විරෝධතා කරුවන් විසින් සන්දේශයක්ද භාර දීමට පියවර ගන්නා ලදි.
ගව ඝාතනය පිටු දකිමු. මුළු ලංකාවේම ගව ඝාතනය තහනම් කරනු
https://www.youtube.com/watch?v=xUOd0n0tYXo