ගව ඝාතන තහනමට විරෝධය.. තහනම නවතන්න රජය සමග සාකච්චා කරන්න යයි..

September 10, 2020 at 10:32 pm | lanka C news
ගව ඝාතන තහනමට විරෝධය.. තහනම නවතන්න රජය සමග සාකච්චා කරන්න යයි..

රජය විසින් මෙරට තුළ ගවයන් ඝාතනය තහනම් කිරීමට කටයුතු ආරම්භ කර තිබීම සම්බන්ධයෙන් විරෝධය දැක්වීමට ගව මස් ආශ්‍රිත කර්මාන්තයන්හි නියැලෙන්නන් විසින් සාකච්ඡා කරමින් සිටී.

මෙරට ප‍්‍රසිද්දම ගව මස් ව්‍යාපාරිකයෙකු මෙම සාකච්චා සදහා පෙරමුණ ගෙන ඇත.

මහා පරිමාණ ගව මස් සැපයුම්කරුවන් මෙන්ම ගවමස් කඩ ව්‍යාපාරිකයන්ද මේ සම්බන්ධයෙන් සිය විරෝධය පල කරයි.

එමෙන්ම කිරි ගව ගොවිපල හිමිකරුවන්ද සදහන් කර ඇත්තේ වියපත් වන ගවයන් මිය යන තෙක් රැක බලා ගැනීමට සිදුවීම තම කර්මාන්තයට අමතර වැය බරක් මෙන්ම අලාභයක් එක් වන බවකි.

ඊට අමතරව මෙරට පරිබෝජනයට අවශ්‍ය ගව මස් ආනයනය කලහොත් ඒ සදහා විශාල මුදල් ප‍්‍රමාණයක් විදේශයන්ට ඇදී යනු ඇති බවද ඔවුන්ගේ මතය වී ඇත.

එනිසා මේ සම්බන්දයෙන් රජයේ ප‍්‍රධානීන් හමු වී ඉක්මනින් සාකච්චා කිරීමට නියමිතව තිබේ.

77,659 views

47 Comments to “ගව ඝාතන තහනමට විරෝධය.. තහනම නවතන්න රජය සමග සාකච්චා කරන්න යයි..”

  1. abu Bakar says:

    1 ගව ඝාතනයක් = 1 vote of පොදුජන පෙරමුණේ කඩා වැටීමක්

  2. Kaduwela Siva says:

    හැම දෙයක්ම අනාගන්න එක තමයි කරන්නෙ. ගෝඨාභය මහතා රට දියුනුකරන විධිය හොයල බලද්දි මහින්ද මහතා වැඩකට නැති ආතල් දෙන්න හදනවා. පිරිමි ගවයන්ට මොකද කරන්නෙ. මැරෙන කල් බලාගන්නෙ කවුරුද. ඒ ව්යදම දරාගන්නෙ ආන්ඩුවද. දඩාවතේ යන් බල්ලො මදිවට අනාගත්යේදි හරකුනුත් එකතුවෙයි.මහපරිමාන සමාගම් වසුපැටවුන් කුඩාකාලයේදිම මසට විකුනනවා. ඒ ඔවුන්ට උන් නඩත්තු කිරිම පලදායි නොවන බැවිනි.
    ඉස්සර නම් කුඹුරු හාන්න, කොල මඩින්න, කරත බදින්න, සෙක්කුවෙ බදින්න පිරිමි හරකුන් යොදා ගත්තා. දැක් ආයෙත් කරත්ත යුගයට යන්නයි වෙන්නෙ.

    • Piyadasa says:

      උබල වගේ හිතන වුන් තමයි අම්මලවත් වයසටයනකොට බරක් කියල හිතන්නෙ. ශුවර් ඇන්ඩ් ශොට් උබත් ලබන ආත්මයෙ හරකෙක් තමා

      • Kaduwela Siva says:

        හොදට දැනගන්න මම මගේ දෙමාපියන් හොදින් රැකබලා ගන්නවා. ඒ ගැන මට හොද ආත්ම තෘප්තියක් තියෙනවා එසේම මා මස් ආහාරයට නොගන්න කෙනෙක් . මම කතා කලේ දුප්පත් කිරි ගොවින් ගනයි. කිරි ගොවින් ට පිරිමි හරකා විකිනිම හර වෙන දෙයක් කල නොහැකියි. වසු පැටවින් නඩත්තුවට ප්‍රමානවත් තෘණ ඇත්තේ නෑ . වැඩුනු පිරිමි සතා විකිනිමෙන් ලැබෙන මුදල ඔවුන්ට ආදායමක්. ඔය කියන් කවුරුවත් ගොවින් ගේ ප්‍රශ්ණ වලට විසදුම් දෙන්නෙ නෑ. මහපරිමාන කිරි සමාගම් පවා ඔවුන්ගේ වසු පැටවුන් මසට විකුනනවා ඒ හැර කල හැකි දෙයක් නෑ.එක්කො පිරිමි ගවයන් නඩත්තුව කවුරුන් හෝ බාර ගත යුතුයි නැත්නම් ඉන්දියාවෙ වගේ වෙන රටකට අපනයන කල යුතුයි එසේ නොකල හොත් දඩාවතේ යන හරකුන් පාරවල් වල් සිටිම සිදුවෙනවා.

  3. RED BULL says:

    ඉස්සරහින්ම ඉන්නෙ කිරි ඇල්ල නේද​?

  4. Anaconda says:

    Naa Gattha Neda ? …..Berakaarayoth Ahanawaaa Kehel Patta walinda Bera Hadanne kiyala …Heh

    • Sakunthala says:

      ඔබ තුමා සියයට සියයක් නිවැරදියි. ඒ මතයේම තමයි මාත් ඉන්නේ. ඔය සෝබනේට වැඩක් නැති කොමෙන්ට් දාන උන්ට ඕවා තේනෙන්නේ නෑ. ඒවා ගනන් ගතයුතු දේවල් නොවෙයි.

  5. Sakunthala says:

    මගේ කොමෙන්ට් එකෙන් ඊයේ මං පෙන්වලා දුන්නා ඔය ගව ඝාතන තහනම් කිරීමෙන් අහිංසක ගමේ අපේම සිංහලයින්ට වෙන හානිය හා අලාභය කොපමණද කියලා. මුසල්මානුවන්ට කිසිම හානියක් වෙන්නේ නෑ රටින් ගව මස් ආනයන කලාම​. ඔවුන් ඒවා මිලදී ගනීවි. නමුත් සියයට අසූවක් වන ගව පට්ටි වලින් යැපෙන සිංහල ජනතාවට සහ උවුන්ගේ පවුල් වලට ඉතින් අභ සරණම තමයි.

  6. Sakunthala says:

    සියයට අසූවක් වන ගව පට්ටි වලින් යැපෙන සිංහල ජනතාවට සහ උවුන්ගේ පවුල් වලට ඉතින් අභ සරණම තමයි.

  7. මා පැමිණි පසු ලොකෙම සත්ත්ව ගාතනය තහනම් මිට දියසෙන් නම් ඔහු…

  8. sinhale le says:

    මැදපෙරදිග ඉන්න සිංහලයන්ට බුදුපිළිමයක් ලග තබාගන්න තහනම් නම් ඇයි බෞද්ද රටක ගවයන් මැරීම තහනම් කරන්න ප්‍රමාද වන්නේ?

  9. Love nature says:

    උම්බෑ කිය කියා මරණ බයේ…..
    කිරි ටික මුලදි බොයි පස්සේ මරා කයි
    මිනිසා දරැණු ඇයි මේ එළදෙන අසයි…..
    කවදාදෝ මිනිසාගේ අනුකම්පා ඇතිවන්නේ…

  10. jayantha says:

    මමත් බෞද්ධයෙක්, එත් ගව මස් පමණක් තහනම් කිරීම බෞද්ධ ලක්ෂණයක් නෙවියි. ප්‍රාණ ඝාතනය අකුසල කර්මයක් තමයි එහෙමනම් කුකුල්ලු, එළුවෝ, මාළු, කරවල, හාල්මැස්සෝ, බිත්තර සහ එකී නොකී සියලුම සත්ව ඝාතන නතර කල යුතුයි. එහෙම නැතුව ගවයන් පමණක් තහනම් කිරීම තරම් විහිළුවක් තවත් නැහැ. අනික ගව මස් පමණක් තහනම් කිරීමෙන් වෙන්නේ එළුවන්/කුකුලන් වැඩිපුර ඇති කිරීමට සිදුවීමයි එයින් වන්නේ එක් හරකෙකුගේ මස් ප්‍රමාණය ලබා ගැනීම සදහා එළුවන් 15-20 මැරීමට සිදු වීමයි. එවිට ප්‍රාණ ඝාත ප්‍රමාණය 20 ගුණයකින් පමණ වැඩි වීමයි. අගමැති තුමා මෙම යෝජනාව සත්භාවයෙන් ගෙනාවත් එය ප්‍රායෝගික නැත.

Main News