ගව පට්ටියකට පැමිණි යෝධ කිඹුලන් දෙදෙනෙකු අල්ලයි..

June 10, 2019 at 5:30 pm | lanka C news
ගව පට්ටියකට පැමිණි යෝධ කිඹුලන් දෙදෙනෙකු අල්ලයි..

මුලතිව්හි කේපාපිලව් ප්‍රදේශයේ පිහිටි යුද මුදා කඳවුර ආසන්නයේ ගව පටිටියකට පැමිණි විශාල කිඹුලෙකු සහ තවත් කිඹුලෙකු අල්ලාගත් බවට මුලතිව් යුද හමුදා නිලධාරීන් පැවසූහ.

කේපාපිලව්හි පිහිටි ගව පට්ටියක් ආසන්නයේ සිටි ගවයින් දෙදෙනෙකු පිටුපස මෙම කිඹුලන් දෙදෙනා පන්නාගෙන පැමිණ ඇති අතර පසුව ඒ බව ප්‍රදේශවාසීන් විසින් යුද හමුදාවටද දැනුම් දී අදාල කිඹුලන් දෙදෙනා අල්ලා ඇත.

එක් කිඹුලෙකු දිගින් අඩි 12.5 ක් හා අනෙක් කිඹුලා අඩි 9ක පමණ දිගින් යුක්ත වෙයි.

අනතුරුව ඒ බව යුද හමුදාව විසින් මුලතිව් වනජීවි නිලධාරීන් වෙතට දැනුම් දීමෙන් පසුව අදාල ස්ථානයට පැමිණි වනජීවි නිලධාරීන් විසින් අදාල කිඹුලන් දෙදෙනා අල්ලා මුලතිව් වවුනිකුලම් ජලපෝෂක ප්‍රදේශයකට රැගෙන ගොස් මුදා හැරීමට පියවර ගන්නා ලදි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

24,691 Viewers

2 Comments to “ගව පට්ටියකට පැමිණි යෝධ කිඹුලන් දෙදෙනෙකු අල්ලයි..”

  1. කුඩා දරුවා says:

    පුදුමාකාර සබ්බුවක් නොවැ දීලා තියෙන්නෙ..
    බීෆ් කන්ට ආව මෝඩකම කියලා කිඹුලන්ට හිතෙන්ට ඇති .. 😉

    • ජසයා says:

      කිඹුලො දෙන්නා හිස්බුලුලා සහ සාලි. උෟරු මස් කන්නැති හින්දා බීෆ් කන්න හිතන්න අැති. ගව පට්ටිය තමයි, ක්‍රිස්තියානි පල්ලි ටික.

Main News