ගව රංචුවක් දුම්රියකට යටවී එතැනම මිය යයි…

July 23, 2020 at 2:02 am | lanka C news
ගව රංචුවක් දුම්රියකට යටවී එතැනම මිය යයි…

යාපනය මිරුසවිල් ප්‍රදේශයේදී නගරාන්තර සීග්‍රගාමී දුම්රියක ගව රංචුවක් ගැටීමෙන් ගවයින් 17 දෙනෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇති බවට චාවකච්චේරි පොලීසිය පවසයි.

කොළඹ සිට යාපනය දක්වා ධාවනය වූ නගරාන්තර සීග්‍රගාමී දුම්රිය මිරුසවිල් ප්‍රදේශයේදී ධාවනය වන අවස්ථාවේදී පැවති අයහපත් කාලගුණය හේතුවෙන් රේල් මාර්ගයේ ගවයින් රංචුවක් නිදා සිටියදී දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදු වූ බවට මිරුසවිල් ප්‍රදේශවාසීන් පවසා සිටියහ.

දුම්රියේ ගවයින් ගැටෙන අවස්ථාවේදී විශාල පිරිසක් එහි සිටි බවටත් තුවාල සිදු වූ ගවයින් හිස්ලූ අත දිවීම හේතුවෙන් තුවාල ලත් ගවයින් ප්‍රමාණය අනාවරණය වී නොමැති අතර මිය ගිය ගවයින්ගේ සිරුරු චාවකච්චේරි ප්‍රාදේශීය සභාව විසින් සොයාගෙන ඇත.

කෙසේ වෙතත් මිය ගිය ගවයින්ගේ ඇතම් හිමිකරුවන් විසින් ගවයින් කිහිප දෙනෙකු රැගෙන ගොස් ඇති අතර ඉතිරි වූ ගවයින් චාවකච්චේරි ප්‍රාදේශීය සභාව විසින් අවසන් කටයුතු සිදු කිරීමට රැගෙන ගොස් ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,225 views
Main News