ගව හා අශ්ව කරත්ත ප‍්‍රවාහන සේවා ඇරඹේ.. ඉහල ඉල්ලුමක්…

June 27, 2022 at 10:43 am | lanka C news
ගව හා අශ්ව කරත්ත ප‍්‍රවාහන සේවා ඇරඹේ.. ඉහල ඉල්ලුමක්…

පවතින දැඩි ඉන්ධන හිගය හේතුවෙන් අඩාල වී ඇති ගමනාගමනයට විසඳුමක් වශයෙන් යාපනය දිස්ත්‍රීක්කයේ අශ්ව සහ ගව කරත්ත ප්‍රවාහන සේවය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.

අතීතයේ සිට ජනතාව කරත්තය අනුසාරයෙන් සිය ගමනාගමන කටයුතු සපුරාගත් අතර තාක්ෂණික දියුණුවත් සමගින් යාන වාහන ආගමනයෙන් කරත්ත ප්‍රවාහනය අඩුවී ගියහ.

කෙසේ වෙතත් වත්මන් වාතාවරනය හමුවේ බොහෝ දෙනෙකු ප්‍රවාහන කටයුතු වෙනුවෙන් විකල්ප විසඳුම් සෙවීමට සිදුව ඇති හෙයින් එහිදී කරත්ත ප්‍රවාහනය නැවතත් කරලියට පැමිණ ඇත.

යාපනය දිස්ත්‍රීක්කයේ මේ වන විට නගර ප්‍රවාහනය වෙනුවෙන් අශ්වයින් යොදාගෙන කරත්ත සේවය ක්‍රියාත්මක කිරීමට ඇතැම් පිරිස් පියවර ගෙන ඇති අතර ඉදිරියේදී මෙම සේවාවට ඉහල ඉල්ලුමක් හිමිවෙනු ඇති බවටද එහි හිමිකරුවන් වැඩිදුරටත් පවසති.

එමෙන්ම ඉදිරියේදී උතුරු පලාතේ බොහෝ ප්‍රදේශයන්හි ගවයින් යොදා මෙලෙස කරත්ත සේවය යලි ක්‍රියාතමක වනු ඇතැයිද උතුරේ ජනතාව වැඩිදුරටත් පවසා සිටිති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

85,718 views

24 Comments to “ගව හා අශ්ව කරත්ත ප‍්‍රවාහන සේවා ඇරඹේ.. ඉහල ඉල්ලුමක්…”

  1. සෙරෙප්පු සුප්. says:

    ධාවන තත්වයේ ඇති කරත්ත හිමියන්ට අනගි අවස්ථාවක්!!!
    පළපුරුදු ගවයින් 225 ක් මුලින්ම ඉල්ලුම් කරන්නන් මත ලබා දීමට දියවන්නා සමූහ ගොවිපොල තීරනය කර ඇත​.හරකුන්ගේ ස්වභාවය පහත පරිදි වේ.
    1.අනුන් ලවා බර ඇද්දවීමට පුහුණු වී ඇත​.
    2.ඉදිරි වර්‍ෂ ගණනාවකට සෑහෙන පරිදි බඩ පුරවාගෙන ඇති බැවින් ආහාර වියදම බින්දුවය.​3.එහෙත් කෑමට යමක් දුටු විට හොරා කන්නට පුරුදු වී ඇති හෙයින් ප්‍රවේශමෙන් පාලනය කර ගැන්මට කරත්ත හිමියා වග බලා ගත යුතුය​.
    4.කෑම ඉල්ලා සිටියහොත් බර ප්‍රමාණයෙන් %10 ක් පමණ ලබා දී කාරිය කරවා ගැන්මට පුළුවන​.
    5.මේ ගව විශේෂයට දිව දෙකක් ඇති බැවින් අසලට යාමෙන් වැලකිය යුතුය​.
    මොවුන් ස්පාඤ්ඤ,බයිසන්,ජර්සි,ප්‍රිෂියන්,තොරටි,මූරා යන ඉහල පෙලේ එළ,මී ගවයින් කණ්ඩායම්වලින් තෝරා ගත් සුවිශේෂී ගවයින් බව දියවන්නා සමූහ ගොවිපොල නිර්දේශ කරයි.2022 එළ​,මී ගවලේඛණයේද මොවුන් ලියාපදිංචි කර ඇත​.

  2. Nancy says:

    Parliment eke inna harak tika bandala karaththa set ekak dammanam ungen yam sewayak wenawa.

  3. SKF says:

    යාපනේ ජෙප්පො නෑ කියලා ඔප්පු වෙනවා.

    උන් වගා කරණවා.
    ඉස්කෝලෙ යනවා.
    රස්සා කරණවා.
    අස්ප කරත්තෙන් ගමන් කරණවා.

  4. විද්‍යාත්මකවremu says:

    අන්න මිනිස්සු බොරු ෂෝක් නෑ බොරු උගත්කම් නෑ ජයවේවා

Main News