ගසක දෙබලක සිර වූ කදුකර කොටියෙකු පැය තුනක මෙහෙයුමකින් පසු මුදා ගැනේ..

April 19, 2020 at 2:06 am | lanka C news
ගසක දෙබලක සිර වූ කදුකර කොටියෙකු පැය තුනක මෙහෙයුමකින් පසු මුදා ගැනේ..

මන්දකට හසු වි පලාවිත් ගසක් මැද දෙබලක සිර වි සිටි කදුකර කොටියෙකු පැය තුනක මෙහෙයුමකින් පසු මුදා ගැනිමට රණ්දෙණිගල පශු වෛද්‍යය රෝහලේ වෛද්‍යවරුන් සහ නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ නිලධාරින් (18) දින සමත්විය.

මස්කෙලිය පොලිස් වසමට අයත් ගාඩ්මොර් තේ වත්තේ තම්බතැන්න කොටසේ උස් ගසක අඩි 20 ක් පමණ ඉහලින් කොටියා මන්ද සහිතව ගසේ දෙබලේ (17) දින රාත්‍රියේ සිර වි ඇත.

ගාඩ්මොර් තේ වත්තේ එලවළු වගා භුමියක වල් ඌරන් දඩයම් කිරිමට අටවා තිබු උගුලකට කදුකර කොටියා (17) දින රාත්‍රි හසු වි ඇති අතර, එම උගුල කඩාගෙන කොටියා දිවවිත් තේ වත්තේ ගසක නැග ඇත්තේ උගුල ගලවා ගැනිම සදහාය .

ගසක් මැද සිර වි සිටි කදුකර කොටියා සම්බන්ධයෙන් එම වතු යායේ වතු අධිකාරිවරයා විසින් නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ නිලධාරින්ට දැනුම් දිමෙන් පසු කොටියා බේරා ගැනිමේ මෙහෙයුම් දියත් කෙරිණ.

ගසේ දෙබලක සිර වි සිටි කදුකර කොටියා නිර්වින්දනය කිරිම සදහා එන්නත් කිහිපයක් ලබා දිමෙන් පසුව කොටියා නිර්වින්දනය විමෙන් පසු වනජිවි නිලධාරින් ගසට නැග මන්ද ගලවා කොටියා පහලට රැගෙන ප්‍රතිකාර ලබාදිමෙන් පසු කොටියා වැඩිදුර ප්‍රතිකාර සදහා උඩවලව පශුවෛද්‍යය රෝහල වෙත රැගෙන යන ලදි.

ශ්‍රි පාද රක්ෂිතයේ සැරිසැරු කදුකර කොටියා වයස අවුරුදු 4 ක් පමණ වයසකින් යුක්ත බවත්, කොටියා අඩි 4 ක්  පමණ දිගකින් යුක්ත බව නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

230 views

3 Comments to “ගසක දෙබලක සිර වූ කදුකර කොටියෙකු පැය තුනක මෙහෙයුමකින් පසු මුදා ගැනේ..”

  1. Udara says:

    කොටියා මුදා ගත්තට පස්සේ මැරුනා
    ලෙඩා මළත් බඩ සුද්දයි ජාතියේ මුදා ගැනීමක්

  2. Train almeda says:

    අපේ මිනිසුන් දිවියා සහ කොටියා නොහදුනති..මේ දිවියෙකි …කොටියා යනු දුබුරු පාට ශරිරයේ සුදු පාටට ඉරි ඇති සතෙකි

Main News