ගහන්න අත්පුඩියක්.. ඩයලොග් වෙතින් සුපිරි වගකීමක්.. ජාලය බිද වැටීමට නිසා ලක්ෂ 110ක සියළු පාරිභෝගියන්ට වන්දි ගෙවයි..
September 22, 2017 at 12:13 am | lanka C news
පෙරේදා දිනයේ සිය සන්නිවේදන සම්බන්ධතාවයන් බිද වැටීම හේතුවෙන් අපහසුතාවයට පත් ලක්ෂ 110 ඉක්මවු සියළු පාරිභෝගිකයන්ට වන්දි ගෙවීමට ඩයලොග් ආයතනය කටයුතු කර ඇත.
නිවේදනයක් නිකුත් කරමින් සමාගම පවසන්නේ එදින තුලදී දිනය තම ජාලයෙන් ලබාගත් සියළු දේශීය-විදේශීය දුරකතන ඇමතුම්, SMS හා රෝමිං සේවාවන් සදහා වූ සියළු ගාස්තු කපා හරින බවයි.
තම පද්ධතියේ ඇති වූ දෝෂය නිසා ඇති වූ අපහසුතාවයට සමාගම සිය කණගාටුවද පල කරයි.
වගකිවයුතු සමාගමක් ලෙස මේ ආකාරයෙන් කටයුතු කිරීම ඉතා ප්රශංසා කටයුතු වන අතර එය මෙවන් තත්වයන්හිදී මග හැර යන සියළු සමාගම්වලට ඉහල ආදර්ශයක්ද වෙයි.