ග්ලයිපොසේට් කුණුගොඩ ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දුගේ කරට..

April 27, 2018 at 12:00 pm | lanka C news
ග්ලයිපොසේට් කුණුගොඩ ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දුගේ කරට..

දැඩි විවාදයට බඳුන් වී ඇති ග්ලයිපොසේට් වල් නාශකයේ තහනම ඉවත් කළ යුතුයැයි කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක සහ වැවිලි කර්මාන්ත ඇමති නවීන් දිසානායක ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව අනුව පත්කළ විද්වත් කමිටුව අද කැඳවා ඇත.

එම කැඳවීම කර ඇත්තේ ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතාය.

මෙහි විශේෂත්වය වන්නේ එම කමිටුවට පත් කළ යුතු පුද්ගලයන් ගැන සෞඛ්‍ය, කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යංශ ඔස්සේ කැඳවීම් කර ඇත්තේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයකු ද වන ලංකාවේ ප්‍රමුඛතම කෘෂි රසායන සමාගමක හිටපු අධ්‍යක්ෂකවරයකු ලබා දුන් ලැයිස්තුවකට අනුව වීමයි.

ග්ලයිපොසේට් ගැන පර්යේෂණ කළ හෝ එහි සෞඛ්‍ය අවදානම ගැන අදහස් පල කළ කිසිදු වෛද්‍යවරයෙක්, පර්යේෂකයෙක්, විද්‍යාඥයෙක් මෙම රැස්වීමට කැඳවා නැත.

මේ අතර නවීන් දිසානායක ඇමතිවරයාගේ බිරිඳගේ සමීප හිතවතියක වන වෛද්‍ය ශාන්ති මෙන්ඩිස් මහත්මිය ස්විට්සර්ලන්තයේ සිට මෙම රැස්වීමට ගෙන්වා ගෙන ඇති අතර මීට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානය සිදු කළ ශ්‍රී ලංකාවේ වකුගඩු රෝග පිලිබඳ පර්යේෂණයේ ප්‍රතිපල වෙනස් කිරීම සහ දත්ත සැඟවීම ගැන ඇයට චෝදනා එල්ල වී ඇත.

40 views

5 Comments to “ග්ලයිපොසේට් කුණුගොඩ ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දුගේ කරට..”

  1. Love nature says:

    ග්ලයිපොසේට්‌ පිළිකාකාරකයක්‌ විය හැකි ය

    ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුබද්ධ පිළිකා සම්බන්ධ විශේෂිත ආයතනය වන, ප්‍රංශයේ පිහිටා ඇති පිළිකා පර්යේෂණ පිළිබඳ ජාත්‍යන්තර ඒජන්සිය (International Agency for Research on Cancer – ICAR) ග්ලයිපොසේට්‌ සම්බන්ධව ප්‍රකාශ කළේ එය පිළිකාකාරකයක්‌ විය හැකි බව ය. එ තීරණය ගන්නා ලද්දේ මේ පිළිබඳ විශේෂඥයන් 17ක ගෙන් යුක්‌ත කණ්‌ඩායමක්‌ විසින් ඕගනෝපොස්‌පේට පළිබෝධනාශක පහක්‌ සම්බන්ධව සිදු කරන ලද ඇගැයීමක ප්‍රතිඵලයක්‌ ලෙස ය.

  2. Love nature says:

    ‘ග්ලයිපොසේට්’ වූ කලී, මාරාන්තික නිදන්ගත වකුගඩු රෝගය ඇති වීමට හේතුකාරකයක් ලෙස, පර්යේෂණ මගින් හඳුනා ගත් රසායනික වල් නාශකයකි. ඒ බව ලංකාවේ රජරට විශ්වවිද්‍යාලය කළ පර්යේෂණ මගින් මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය කළ පර්යේෂණ මගින් ද අනාවරණය විය. පසුව ලෝක ‍ෙසෟඛ්‍ය සංවිධානය මගින් එය ‘පිළිකාකාරකයක්’ ලෙස ද හඳුනා ගැනුණි. මාරාන්තික වකුගඩු රෝගය වූ කලී, දැනට ලංකාවේ තිබෙන ඉතා බරපතලම සෞඛ්‍ය ප‍්‍රශ්නය ද වෙයි. පර්යේෂකයන් පවසන අන්දමට, ඉන් දිනකට 13ක් මියයන්නෝ ය! දැනට රට පුරා සිටින රෝගීන් සංඛ්‍යාව 78,000කට අධික ය. උතුරු මැද පළාතෙන් ඇරඹුණු රෝගය දැන්, දකුණේ, හම්බන්තොට දිස්ත‍්‍රික්කයට අයත් බඳගිරිය, අගුණකොලපැලැස්ස ආදී ප‍්‍රදේශවලට ද පැතිර ගොසිනි.

  3. SUNIMAL says:

    හෙමින් හෙමින් රෝගීන් බවට පත්කරමින් අන්තිමට ඇඟට නොදැනී මරාදමන තවත් මාරාන්තික රසකාරකයක්‌ රටට හා ජනතාවට ගෙන්න යන සිරිසේනගේ යමපාලනය පන්නා දමමු

  4. Saman Adikari says:

    Austin Fernando is not suitable for sectary to President ?
    He is politically closed to politics of UNP mind-set .We lost confidence of Austin by his deeds in past and present working pattern of management .
    Hope he will leave gracefully soon !@#$

  5. ගල් පොසේට් says:

    පාර්ලිමේන්තුවේ ඉන්නේ ගල් කාරයෝ තමා. අපි දන්නවා ගල් කැපීම ප්ලොෂ් කිරීම ලෞ කරු මාන්තයක් කියලා. අනාගත පරපුර ගල් කපලා අඹන්න බැහ යක්කුනේ. ගල් පොසේට් රතනයාට පොවා පල්ලා. රට කනවා. අනාගත පරපුර මරණවා.. කෝ මේ රාජාලියෝ …..අලි යෝ….කෙතේ අලි…..නවද?

Main News