ග්ලයිපොසේට් ගෙන්වීමට දත කෑ නවීන්ට දිගම්බරන් හරස් වේ..

July 13, 2017 at 3:26 am | lanka C news
ග්ලයිපොසේට් ගෙන්වීමට දත කෑ නවීන්ට දිගම්බරන් හරස් වේ..

මෙරටට ගෙන්වීමට තහනම් කර ඇති ග්ලයිෆොසෙට්‌ කෘෂි රසායනය නැවත මෙරටට ගෙන්වා බෙදාහැරීමට වතුකරයට සම්බන්ධ රජයේ ප්‍රබල ඇමැතිවරයකු කටයුතු කරමින් සිටින බව කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන ඇමැති පලනි තිගාම්බරම් මහතා පැවසීය.

ග්ලයිෆොසෙට්‌ කෘෂි රසායනය වතුකරයේ බෙදාහැරීමේ සූදානමක්‌ ඇති බවත් එසේ වුවහොත් තමා දැඩි විරෝධය පළකරන බවත් හෙතෙම සඳහන් කළේය.

මේ පිළිබඳව තිගාම්බරම් ඇමැතිවරයා මෙසේ ද කීවේය.

‘ග්ලයිෆොසෙට්‌ වකුගඩු රෝගයට තුඩු දෙන රෝගකාරක පතුරුවා හරින කෘෂි රසායනයක්‌. ජනාධිපතිතුමා මේ රසායනය ලංකාවට ගෙන්වීම තහනම් කළා. එසේ තිබියදී රජයේම ඇමැතිවරයකු නැවත ග්ලයිෆොසෙට්‌ ගෙන්වීමට ක්‍රියා කරනවා නම් අපි එකහෙළා විරෝධය පළ කරනවා. මේක වතුකරයට බෙදාහරින බව ආරංචියි. මේවා වතුකරයට හෝ රටට අවශ්‍ය නැහැ. එය නැවත ගෙන ආවොත් අපි දැඩිව නැගී සිටිනවා’

– දිවයින

59 views

4 Comments to “ග්ලයිපොසේට් ගෙන්වීමට දත කෑ නවීන්ට දිගම්බරන් හරස් වේ..”

  1. poduminisa says:

    ඔබ මේ පිලිබද අධ්‍යයනය කර ප්‍රකාශ නිකුත් කරයිනම මිට වඩා වැදගත් වෙවි.වකුගඩු පිලිබද හා එ ආශ්‍රිත රොග පිලිබද දැනුමක් ලබා මේ පිලිබද අදහස්දැක්විම කරයි නම් එය රටට කරන යහපතක් වෙවි.

  2. NARAYANA says:

    It is son of MAHAWELI ROBBER, whom not care about poor people life

  3. praveen says:

    සිංහල දේශපාලුවෝ දිගම්බරන්ගෙන් ඉගෙන ගනිල්ලා. පිළිකාකාරකයක් උනත් කමක් නෑ සල්ලිනම් කියල අපේ උන් කියන්නේ. බලහල්ල ඒ මිනිහ උගේ ජාතියට ආදරෙයි..

  4. Lolla says:

    සක්කිලියෙක් ගිය දුරක්

Main News