ග්ලයිෆෝසෙට් පිළිබද ව්ද්‍යාත්මක තීන්දුවක් අවශ්‍යයි..

July 28, 2017 at 6:32 am | lanka C news
ග්ලයිෆෝසෙට් පිළිබද ව්ද්‍යාත්මක තීන්දුවක් අවශ්‍යයි..

“ධාර්මික ගොව්තැනක් – නිරෝගී ජනතාවක් – වස ව්ෂ නැති රටක්” යන තේමාව යටතේ ව්ද්වත් කථිකාවක් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ව්නි.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා “පසුගිය රජය සමයේ ලෝක සෞඛ්‍ය සංව්ධානය උතුරුමැද පළාතේ වකුගඩු රෝගය පිළිබද පර්යේෂණයක් සිදු කළා. ඇමරිකාවේ පදිංචි මහාචාර්ය සරත් ගුණතිලක මහතාත් එම කණ්ඩායමට ඇතුළත් වුනා. එම සමීක්ෂණ වාර්තාව ඇමරිකාවේ ව්ද්‍යා සම්මානයට පවා පාත්‍ර වුනා. මහාචාර්ය සරත් ගුණතිලක මහතා ප්‍රකාශ කළා ග්ලයිෆොසෙට් භාව්තයට ඉඩ ලබා නොදෙන ලෙස. තවත් මෙි පිළිබද පර්යේෂණ කළ යුතු බවත්, ඔහු ප්‍රකාශ කළා. සෞඛ්‍ය ගැටළු හදුනා ගත යුතුයි. අනතුරක් තිඛෙනවා නම් භාව්තය නතර කළ යුතුයි. 2 ඒ කාණ්ඩයේ පිළිකා ඇතිවීමට ග්ලයිෆෝසෙට් පාදක ව්ය හැකි බවට ලෝක සෞඛ්‍ය සංව්ධානය අනතුරු අඟවනවා. එම නිසා ග්ලයිෆෝසෙට් භාව්තය නතර කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංව්ධානය ද දැනුම් දී තිඛෙනවා.

ග්ලයිෆෝසෙට් භාව්තය සෞඛ්‍යයට ද අහිතකරයි. ග්ලයිෆෝසෙට් ආනයනයට තහනමක් පනවා ඇත්තේ සැකයක් තිඛෙන නිසයි. ග්ලයිෆෝසෙට් තේ කර්මාන්තයේ ව්ශාලතම වතුයාය සදහා අවශ්‍ය බව ප්‍රකාශ කරනවා. මෙම වල් නාශකය අපේ දිස්ත්‍රික්කයේ කුඩා තේ වතු හිමියන් භාව්තා කරන්නේ නැහැ. ව්ද්‍යානුකූලව තහවුරු කළ යුතුයි. මහා පරිමාණ වතුයාය වලට පමණක් මෙවැනි ප්‍රශ්ණයක් මොකද?, ග්ලයිෆෝසෙට් භාව්තය නීති විරෝධිීව සිදුවන බව කියනවා. නමුත් අපි නීති රීති පැනවුව ද, දුම් බොන අය තව කොතරම් ඉන්නවා ද?, අපේ ලේකම්වරයෙකුගේ හෘද සැත්කමක් සිදු කරන ව්ට පෙණහැල්ල කලු පාටට තිබුනා. මෙයට ව්ද්‍යාත්මක තීන්දුවක් ගනිමු. පර්යේෂණ කර සෞඛ්‍ය දෙස බලා අනාගත තීන්දු තීරණ ගනිමු.”

– ප‍්‍රසන්න අධිකාරී

47 views