ග්‍රෙනේඩ් ආරම්භ කලේ ටිකිරි බණ්ඩාරගේ හමුදාවයි..

November 24, 2021 at 3:25 am | lanka C news
ග්‍රෙනේඩ් ආරම්භ කලේ ටිකිරි බණ්ඩාරගේ හමුදාවයි..

ලක් ශිල්ප’ විද්‍යුත් අලෙවිකරණ වෙබ් අඩවිය එළි දැක්වීමත් සමඟම නිර්මාණය වන ‘ලක් ශිල්ප’ ඩිජිටල් වේදිකාව මෙරට හස්ත කර්මාන්ත ශිල්පීන්ට ජාත්‍යන්තර වෙළෙඳපොළ ජය ගැනීමට මඟ පෙන්වනු ඇතැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ පැවති ජාතික ශිල්ප සභාව, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ද සහයෝගය ඇතිව නිර්මාණය කළ www.lakshilpa.com වෙබ් අඩවිය එළිදැක්වීමේ උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් අදහස් දැක් වූ ඒ මහතා එසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද සඳහන් කළේය.

“සම්ප්‍රදායික, නිර්මාණාත්මක කර්මාන්තයක යෙදී සිටින අපේ ප්‍රජාව බලගැන්වීම සඳහා අද තබනු ලැබූ ඉදිරි පියවර සම්බන්ධයෙන් ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ජාතික ශිල්ප සභාවට අපේ සුබාශිංසන ප්‍රථම කොටම පුද කරනවා. අපේ ඉතිහාස කතාව තුළ අපටම ආවේණික වූ කලාවන් සහ කර්මාන්තයන් රැසක් අපට හමුවෙනවා. මම ළඟදි දුටුවා වීඩියෝ පටයක්. එහි දැක්වෙනවා, කැනඩාවේ හෝ යුරෝපා රටක විදේශිකයෙක්, තවත් විදේශිකයකුට ලංකාවෙන් රැගෙන ගිය පැරණි කඩුවක තිබෙන කැටයම් පිළිබඳ වර්ණනා කරන ආකාරය. ‘ඒ කඩුවෙන් මැරුම් කෑවත් කමක් නැහැ’ කියා අයෙකුට හිතෙන අන්දමේ මවිතය දනවන කැටයම් එහි තිබුණා. තමන්ගේ සුරත, දෑත යොදාගනිමින් අපේ පැරැන්නන් ඉතා ඉවසීමෙන්, සංයමයකින් භාවනාවක යෙදෙන ආකාරයට තමයි මේ කලා කෘති අපේ ප්‍රජාවට දායාද කළේ.

‘ජාතික ශිල්ප සභාවක උවමනාව’

අපේ මුතුන් මිත්තන් කඩු පමණක් නොවෙයි බොහෝ අවි ආයුධ නිපදවූයේ ඊට කැටයම් කලාවත් අන්තර්ගත කරමිනුයි. ඒ බව බොහෝ දෙනෙකු දන්නේ නැහැ. පෘතුගීසීන්ගේ පැරණි පොත්වල තිබෙනවා, ‘ටිකිරි බණ්ඩාර කුමාරයා කරපු සටනේදී සිංහල හමුදාව ‘ග්‍රෙනේදා’ යන නමින් යුක්ත ආයුධයක් පාවිච්චි කළා’ කියා. ‘එහි සවි කළ වෙඩි බෙහෙත් තැවරූ නුලකට ගිනි තබා එම ආයුධය අප දෙසට විසි කළාම, වෙඩි බෙහෙත් සහ යකඩ කැට පිරී තිබෙන එය පුපුරා යන්නේ අපේ සෙබළුන් බොහෝදෙනකු යකඩ කැට වැදී තුවාල වීමෙනුයි’ කියා එම පොත්වල ආයුධයේ ස්වාභාවය සඳහන් කරමින් ලියා තිබෙනවා. ‘ග්‍රෙනේඩ් එකේ’ ආරම්භය තමයි එදා අපේ මුතුන් මිත්තන් එලෙස සනිටුහන් කළේ. අවාසනාවට අපේ රටේ දරුවන්ට බොහෝ වෙලාවට උගන්වන්නේ අපේ රටේ ඉතිහාසයට වඩා වෙනත් රටවල ඉතිහාසයයි. අපේ ඉතිහාස කතාව තුළ තිබෙන මහා නිෂ්පාදන හැකියාව, නිර්මාණාත්මක කලා හැකියාව අපේ පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන යාම සිදුවන්නේ ඉතා සෙමින්. එම අඩුපාඩුව නිවැරදි කරන්නයි ජාතික ශිල්ප සභාව වැනි ආයතන පිහිටුවා තිබෙන්නේ. එමගින් එක්තරා සුළු පිරිසක්ට සීමා වූ මේ කලාව, දැනුම අපේ සමාජයේ පුළුල් පිරිසක් අතරට රැගෙන යාමට පුළුවන්.

‘නිර්මාණය හා බැඳුණු කතාව’

අද ලෝකය වෙනස් දේවල් සොයමින් සිටිනවා. අද යුරෝපයේ බොහෝ තරුණ තරුණියන් නිර්මාංශ ආහාර සොයනවා. සතුන්ගේ හම් භාවිතා නොකර සෑදූ බෑග් සහ පාවහන් සොයනවා. ඒ වගේම කාබනික ආහාර නිපදවනවා. අද යුරෝපා වෙළෙඳපොළේ වැඩියෙන්ම අලෙවි වන්නේ භාණ්ඩයට වඩා භාණ්ඩය සමග තිබෙන කතාවයි. මට යුරෝපා වෙළෙඳපොළේ බොහොම ප්‍රබලව නිෂ්පාදන අලෙවි කරන මහතකු පැවැසුවා, ‘හොඳ ස්ටෝරි එකක් තිබෙනවා නම් මට ගල් කැටයක් වුවත් විකුණාගන්න පුළුවන්’ කියා. අපේ මේ නිර්මාණ හැම එකක් සමගම බැඳුණු හොඳ කතාවක් තිබෙනවා. ඒ කතාව සමහරවිට තවත් කෙනෙකුගේ ඇසට කඳුළු උනන තරම් සංවේදී කතාවක් විය හැකියි. ඒ කතාවයි, නිර්මාණයයි එකට එකතු කරලා දුන්නා ම තමයි ඒ නිර්මාණයට දැනට නැති වටිනාකමක් ලැබෙන්නේ. නිදසුනක් ලෙස ‘මේක ආබාධිත රණවිරුවෙක් බොහෝ දුෂ්කරතා මැද දීර්ඝ කාලයක් මහන්සි වෙලා හැදුවේ’ යන කතාව යම් නිර්මාණයක් පිළිබඳව අපට අසන්නට ලැබුණොත් අපේ හිත කියනවා ‘මේක කීය හරි දීලා ගනින්’ කියා. මේ හැම නිර්මාණයක් සමඟම බැඳුණු කතාව, අපට නිවැරදිව පෙළගස්සවා, සමාජගත කර ගැනීමට පුළුවන් වුණොත් අපේ මේ අත්කම් නිර්මාණකරුවා මීට වඩා ඉහළට ඔසවා තැබීම ඉතාම පහසුයි.

දේශීය කුඩා කර්මාන්තකරුවා ඉහළට ඔසවා තැබීමේ අවශ්‍යතාව හොඳින් දැකපු නිසා තමයි අතිගරු ජනාධිපතිතුමන් කර්මාන්ත කැබිනට් අමාත්‍යාංශය යටතේ ම රාජ්‍ය අමාත්‍යාංශ තුනක් දේශීය ඇඟලුම් නිෂ්පාදන ආශ්‍රිත කර්මාන්ත, මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත හා වේවැල්, පිත්තල, මැටි, ලී බඩු ආශ්‍රිත කර්මාන්ත වෙනුවෙන් පිහිටුවනු ලැබුවේ. වේවැල්, පිත්තල, මැටි, ලී බඩු ඇතුළු ග්‍රාමීය කර්මාන්ත ක්ෂේත්‍රය තමයි ප්‍රසන්න රණවීර මැතිතුමාට පැවරුණේ. මුල් කාලයේ එම අමාත්‍යාංශයේ නාමකරණයට පවා ආපු උසුළු විසුළුවලට උපේක්ෂා සහගතව මුහුණ දෙමින්, එසේ උසුළු විසුළු කරපු අයට එසේ කිරීම වරදක් යන හැඟීම ඇති කරවමින්, තමන්ට පැවරුණු වගකීම ඉතාම කාර්යක්ෂමව ඉටු කිරීමට එතුමා කැප වුණා. කොවිඩ් වසංගතය හේතුවෙන් අපේ සැලසුම් ඒ විදිහටම ක්‍රියාත්මක කිරීමට බැරි වුණත් යම්තාක් දුරකට ඒ තත්ත්වය පාලනය කර ගනිමින් අපි ඉදිරියට යමින් සිටිනවා. නමුත් විපක්ෂයේ උද්ඝෝෂණ තව තුන හතරක් ආවොත් සමහර විට මේ තත්ත්වය වෙනස් වීමට පුළුවන්.

අද අපි විදේශ විනිමය උපයා ගැනීමේ අර්බුදයක සිටිනවා. දැන් තමයි සංචාරක ව්‍යාපාරය හිමින් හිමින් පණ ගහගෙන එන්නෙ. හස්ත කර්මාන්තයත් සංචාරක ව්‍යාපාරය සමග ගැට ගැසුණු කර්මාන්තයක්. අපේ හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිර්මාණ වැඩි මිලක් ගෙවා ලබාගන්නේ සංචාරකයන් විසිනුයි. සංචාරක ව්‍යාපාරය බලගන්වා ගැනීම මේ කර්මාන්තයට අදාළ අත්‍යවශ්‍ය කොන්දේසියක්. දැනට මේ රට හරිත කලාපයේ පවතින නිසයි සංචාරකයන් එන්නේ. නැවතත් රතු කලාපයට ගියොත් එය නතර වේවි. ඒ නිසා අපි හස්ත කර්මාන්ත ශිල්පීන් මෙසේ රැක ගන්නා ගමන් ම ඔවුන්ගේ ස්වාභාවික වෙළෙඳපොළ ශක්තිමත් කරන සංචාරක ව්‍යාපාරය ආරක්ෂා කර දීම වෙනුවෙනුත් කැප විය යුතුයි.

අද මේ ආරම්භ කරනු ලැබූ ඩිජිටල් වේදිකාව, අපේ හස්ත කර්මාන්ත ශිල්පීන්ට සිය නිර්මාණ ජාත්‍යන්තර වෙළඳපොළට රැගෙන යාමට මඟ පෙන්වා දෙනු ඇතැයි අපි විශ්වාස කරනවා. මේ වෙනුවෙන් යුහුසුළුව කැපවූ ප්‍රසන්න රණවීර රාජ්‍ය අමාත්‍යතුමන්, එම රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්තුමන්, ජාතික ශිල්ප සභාවේ සභාපතිතුමන් ඇතුළු සියලුදෙනාට මාගේ කෘතවේදිත්වය පුද කරනවා.”

ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ යන මහත්වරු ද මෙම උත්සවයට විශේෂ ආරාධිතයෝ ලෙස සහභාගී වී සිටියහ.

උත්සව සභාව පිළිගැනීම රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එම්. ඒ. බී. වී. බණ්ඩාරනායක මහතා විසින් සිදු කළ අතර අමාත්‍ය නාමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර යන මහත්වරු ද සභාව ඇමතූහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
කර්මාන්ත අමාත්‍යාංශය

58,273 views

19 Comments to “ග්‍රෙනේඩ් ආරම්භ කලේ ටිකිරි බණ්ඩාරගේ හමුදාවයි..”

  1. විදේශයන්හි සිටම මිලදී ගැනීමට පහසුකම් සපයන්න! says:

    ”වටිනා මැණික් යොදා නිර්මාණය වූ මුදු ,මාළ සහ රන් රිදී ආභරණයන්, ”කළු කුඩු තුනපහ වැනි උසස්තතවයේ ,කුළුබඩු වර්ගද , ”පිරිසිදු නොකරනලද ස්වාභාවික මුහුදු ලුණු”, ඇඳඇතිරිලි කොට්ට උර ,උසස්තතවයන් යුතු
    ‘ඩි ළුස් අයි” පාවහන් වර්ගද විදේශයන්හි සිටම මිලදී ගැනීමට පහසුකම් සපයන්න!

  2. අංකූරා says:

    ජයෙන් ජය !!.
    අපේ රටට අවශ්‍ය එවන් මාවතක්, මගපෙන්වීමක් !!!.

  3. 3% ට බය බයියා. says:

    එවැනි රටක් නිර්මාණය කිරිමට හැකි වන්නේ ජේවිපි එකට විතරයි .ලක් මවගේ ඇස් මස් ලේ විජාතිකයන්ට විකුණන කොට හොර දේශප්‍රේමී නඩයට කොමිස් මුදල් ලැබෙන නිසා නිහඬව ඉන්නවා.

    • සින්හලයා says:

      තමුන්නැහෙ ගෙ ඔලුව හොදනැහැ.චෙක් කරගන්නව

      • සින්හලයා says:

        රට ගොඩනැගිය හැක්කේ රාජපක්ෂලට පමණයි

        • නන්ද සීනි says:

          අන්න හරි ගෙරි සක්කිලි වහලෝ ඔහොම ම කියපං .
          අපි තමයි හොඳටම කරලා තියෙන්නෙ .
          මේ ගොඩ ගත්ත හරිය ම මදෑ.
          තෝ වගෙ වහල් හැත්ත ක් අපට වාසනාව යි

        • 3% ට බය බයියා. says:

          රාජපක්ෂ පවුල ගොඩ තමයි කියලා බුද්ධිමත් ජනතාව දන්නවා .

  4. Ravana Parapura says:

    ඇයි මිග් ප්‍රහාරක යානා වගෙම මැෂින් ගන් එකත් අපේ මුතුන් මිත්තො තමා හොයා ගත්තෙ. ඒ කාලෙ ඒවට කියල තියෙන්නෙ “මැසිනා ගනා”

    • කුඹුක්කණ් says:

      ගොනා උනාට කමක් නෑ අං දෙක ප්‍රදර්ශණය කරන්න එපා, වානර පරපුරේ කල්ලතෝනියො

      • රතුඑලියේ අතන says:

        උඹේ අහවල් එක පොඩ්ඩක් එලියට පැනල …. හෙමිහිට ලේමන්පෆ් එකක් කපන්

  5. Vipul says:

    The word grenade probably derived from the French word for pomegranate, because the bulbous shapes of early grenades resembled that fruit.

  6. 0.00069 BIYYO says:

    එවැනි රටක් නිර්මාණය කිරිමට හැකි වන්නේ ජේවිපි එකට විතරයි .ලක් මවගේ ඇස් මස් ලේ විජාතිකයන්ට විකුණන කොට හොර විමල් වගෙ දේශප්‍රේමී නඩයට කොමිස් මුදල් ලැබෙන නිසා නිහඬව ඉන්නවා.

  7. කිරිමල්දෙනිය​ says:

    කොකාකෝලා.. ගූගල්……. ඒවත් අපිනේ හොයා ගත්තේ.

    • කුඹුක්කණ් says:

      ගොනා උනාට කමක් නෑ අං දෙක ප්‍රදර්ශණය කරන්න එපා, කල්ලතෝනියො

      • කිරිමල්දෙනිය​ says:

        කොල්ලෝ ගියාට කමක් නැ පෙත්ත ගහන්න නම් එපා..
        බඩු බනිස් මතකනේ..
        ලෙමන් පෆ් සුවඳක් එනවා..

    • Pakanil says:

      Yes, කොකාකෝලා and diabetes are both from USA.

  8. ශ්‍රී ලංකාවේ වැවෙනා උසස්ම තත්වයේ කන්සා,.. says:

    ශ්‍රී ලංකාවේ වැවෙනා උසස්ම තත්වයේ කන්සා, කන්සා තෙල්, කන්සා ආලේපන අතුළු කන්සා නිෂ්පාදනයන් විදේශයන්හි සිට ම්ළදීගැනීමට පහසුකම් සපයන්න

  9. Alexsene says:

    වයාග්‍රා සොයා ගත්තෙත් ලංකාවේ අවුරුදු 18 පොඩි කොල්ලෙක් නේ?? ඒක experiment කරන්න ගිහිල්ල ඒකා මලා නේ. මරු සන්වේදි කතාව.

Leave a Comment

Main News