ගානියාගෙන් ඈත්ව ඉන්නැයි ජනපති ස්විස් තානාපතිට කියයි.. ගානියා බොරු කියු බවට සාක්‍ෂි දෙන්න තමන් සූදානම් බව ස්විස් තානාපති කියයි..

December 21, 2019 at 3:25 am | lanka C news
ගානියාගෙන් ඈත්ව ඉන්නැයි ජනපති ස්විස් තානාපතිට කියයි.. ගානියා බොරු කියු බවට සාක්‍ෂි දෙන්න තමන් සූදානම් බව ස්විස් තානාපති කියයි..

තමා පැහැරගැනීමට ලක්වූයේ යැයි ස්විස් තානාපති නිලධාරිනි ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් යන අය කළ කතාන්දරය බොරුවක් යැයි කොළඹ ස්විස් තානාපතිවරයාට දැනුම්දුන් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. එම මුසාබස් පැවසීම ගැන සාක්ෂිද ලබාදීමට තානාපතිවරයා පවා සූදානම් යැයිද ජනාධිපතිවරයා පවසා තිබේ.

ශ්‍රී ලංකාවේ සිටින විදේශීය මාධ්‍ය ආයතන නියෝජිතවරුන් හමුවේ අදහස් දක්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී මේ බව පැවසුවේය.

ස්විස් තානාපති නිලධාරිනිය මුසාවක් පැවසූ බව සැකයකින් තොරව සනාථ වී ඇති බවද, මෙම නිලධාරිනිය සමඟ ගනුදෙනු දුරස්ථව පවත්වාගෙන යන්නැයි තානාපතිවරයාට පැවසූ බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

ඇය මුසාවක් පැවසූ නමුත් තානාපතිවරයාගේ ඉල්ලීම මත විශේෂ වරප්‍රසාද අපේක්ෂා කර සිටි බවත්, ඇයගේ අරමුණ කුමක්ද යන්න සොයාගන්නා තුරු විමර්ශන දිගින් දිගටම කෙරීගෙන යන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

” පසුගිය රජය යටතේ මාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කිහිප වතාවක් කැඳවා එහි යාමට සිදුවූ අවස්ථාවලදීත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රශ්න කළ අවස්ථාවේදීත්, එම නිලධාරීන් වෙනත් කිසිවෙකුටත් අප සමඟ ඒමට ඉඩදුන්නේ නැහැ. එය සාමාන්‍ය ක්‍රමවේදයයි.“

“ නමුත් මේ සිදුවීමේදී, නිලධාරිනියගේ නීතිඥවරයාට ඇය සමඟ සිටීමට අවසර දී තිබෙනවා. තානාපතිවරයාගේ ඉල්ලීම අනුව එය ඇයට දුන් විශේෂ වරප්‍රසාදයක්. ඒ අනුව ඇයට අවශ්‍ය පහසුකම් සපයා දී තිබෙවා” යැයිද ජනාධිපතිවරයා පැවසීය.

– lankadeepa

71,889 Viewers

13 Comments to “ගානියාගෙන් ඈත්ව ඉන්නැයි ජනපති ස්විස් තානාපතිට කියයි.. ගානියා බොරු කියු බවට සාක්‍ෂි දෙන්න තමන් සූදානම් බව ස්විස් තානාපති කියයි..”

  1. Karu says:

    ගලේ පහරගත් ස්විස් කාරයා දැන් ටියුන් එක වෙනස් කරනවා. අපි කැමතියි තලතා,අකිල,අජිත් පෙරේරා හා සජිත් දැන් මොකද කියන්නෙ කියල දැනගන්න.කතාකළේ නම් නියම ජාත්‍යන්තර නීතිවේදීන් වගෙ.

    • ගමේ එකා says:

      යහ පාලනෙයි ගෝඨා පාලනයෙයි වෙනස පේනවා නෙ. සුද්දො කියන්ටත කලිසම් ගලවල නැමුන එවුන්නෙ යහපාලනෙ හිටියෙ.. කලින් ඔහොම උනානම් මොකක් වෙයිද කියල කවුරු හරි කීවානම්?

  2. Rohan says:

    Very diplomatic president

  3. Prashan Premaratne says:

    ඔවුන්ට විශේෂ වරප්‍රසාද දෙන්න එපා. එතකොට අපේරට ක්‍රමවේදය හෑල්ලු වෙනවා .

    • MD says:

      ඔවි.ඵයාලම තමයි අපිට තව දෙයකදි ඔය වරපුසාද වලින් පහර ගහන්නෙ.

    • ඩපයා says:

      අපේ ජනාධිපතිතුමා ඌරගේ මාළු ඌරාගේ පිටේම තියලා කපනවා. හම්පඩ ගෙරි සුද්දා ගොන් තකතිරුවෙක් බව මොළේ කළඳක් හරි තියෙන ඕනෑම කෙනෙකුට දැනටමත් තහවරුවෙලා ඉවරයී.

  4. ස්විස්ටර්ලන්ත බලවත් රාජ්‍ය , නිශාන්ත සිල්වා සඟවා ගැනීම,ඉන්පසු ගානියා ගෑනියා සඟවා ගැනීම.
    ජනයනි අපේ රට බිලිගනීමට බටහිර බලවතුන්ගේ උනන්දුව වඩාත් බරපතලව තේරුම් ගනිමු.
    එළබෙන මැතිවරණයේදී පසුගිය වරටත් වඩා උනන්දු වී චන්ද පොලට ගොස් 2/3 කේ බලයක්ම
    ලබාදී ජනපතිතුමන්,අගමැතිතුමන් ප්‍රමුක නව රජයේ දෑත් වඩාත් සක්තිමත් කරමු.
    මේ අපගේත් අප දේශයේත් ආරක්ෂාවේ අන්තිම නිමේෂයයි.

  5. Sugathapala says:

    The way the President handled the situation is very admirable indeed. Them American vassals Swiss proved themselves as the dumbest humans on the planet.

  6. සිරියාවතී says:

    සජිත් මැතිතුමාගෙ හොඳ වෙලාවට ගෝටාභය මැතිතුමා චන්දෙට ඉස්සෙල්ලා එතුමත් එක්ක මාධ්‍ය සාකච්චාවට නොගියෙ .. ගියානම් ගෝටාභය මැතිතුමා දෙන උත්තරවලට සජිත් මැතිතුමාගෙ මුක පූට්ටු වෙලා ලැබිච්ච ඡන්ද ටිකත් නැතුව යනවා …

    • Rata Wenuwen says:

      එහේම කියන්න එපා සිරියාවතියේ, ඇයිබන් පෑඩ් සාජියාගෙ අශිරී අදොමුකෙන් කතා කරපුවා

  7. Gini says:

    If they are guilty, it is a very serious in salt for our sovereignty. They should leave Srilanken and apologise.

  8. Swiss Guard says:

    Sri Lanka should think about pardoning Sriyalalata Francis, if Swiss govt. agree to hand over Nishantha Silva Candappa back to Sri Lanka.

  9. සුද්දන්ගෙ කටු කන ලාංකික බලු කුක්කන්ට, කික්කියන්ට මරු පාඩම… මෝඩ ද්‍රෝහී‍යනි, අවසානයේදී තමා ලෙව කෑ කට්ට උගුරේ හිර්වී පන අදින විට, කටු විසි කළ මාස්ටර් තමන්ගේ සුනඛයාව පාවා දී බේරෙන බව හොදින් තේරුම් ගනිල්ලා…

Main News