ගාමන්ට් දෙකක 136කට කොරෝනා.. 700ක් නිරෝධායනයේ..

January 21, 2021 at 12:40 pm | lanka C news
ගාමන්ට් දෙකක 136කට කොරෝනා.. 700ක් නිරෝධායනයේ..

වතුපිටිවල හා මාතලේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලා දෙකක සේවක සේවිකාවන් 136 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

ඒ හේතුවෙන් එම කම්හල් දෙකම ඊයේ දිනයේ වසා දැමීමට කටයුතු කර තිබේ.

එම කම්හල් දෙකේ සේවය කළ සේවක සේවිකාවන් 700කට ආසන්න පිරිසක් නිරෝධායන සඳහා යොමුකර ඇත.

ඊට අමතරව ආසාදිත පිරිසගේ නිවෙස්වල අයද නිරෝධායනයට යොමු කර සිටී.

ආසාදිතයන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට ඇතුළත් කර තිබේ.

11,269 views

2 Comments to “ගාමන්ට් දෙකක 136කට කොරෝනා.. 700ක් නිරෝධායනයේ..”

  1. Uthpala says:

    Mahanuwara kingswood vidyalaye A/l lamayek possitive nisa eke Al section ekai teacher la quarantine kiynwa. E gana dannawada

  2. " කොරෝනා මාධ්‍ය ප්‍රකාශක "😪😢 says:

    කොරෝනා වෛරසයක් හැටියට….
    රට වටේටම පැතිරෙව්වේ…
    සැලුට් ගහන කාකි ඇඳුමේ බල..
    බිඳිල ගිය නිසා යි..!
    ” කොරෝනා මාධ්‍ය ප්‍රකාශක “

Main News