ගාමිණී දිසානායක කොටි බෝම්බෙයන් මැරුවේ එදා ආණ්ඩුවේ හා ප්‍රභාකරන්ගේ සම්බන්ධයක් තිබියදී බවට අලුත්ම සාක්ෂිය සෝල්හයිම්ගෙන්…

August 21, 2017 at 12:00 pm | lanka C news
ගාමිණී දිසානායක කොටි බෝම්බෙයන් මැරුවේ එදා ආණ්ඩුවේ හා ප්‍රභාකරන්ගේ සම්බන්ධයක් තිබියදී බවට අලුත්ම සාක්ෂිය සෝල්හයිම්ගෙන්…

94 ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයින් වූයේ අග්‍රාමාත්‍ය චන්ද්‍රිකා බණ්ඩාරනායකත් විපක්ෂ නායක ගාමිණී දිසානායකත්ය. එදා ගාමිණී දිසානායක ජනාධිපතිවරණයේ ජයග්‍රහණය කිරීමට අවශ්‍ය සටන ඉතා සාර්ථකව ඉදිරියට ගිය අතර 94 නොවැම්බරයේ කොළඹ තොටළඟ එජාපයේ රැස්වීම අමතමින් සිටි අවස්ථාවක ඝාතනය විය. ඒ ප්‍රභාකරන්ගේ නියෝගයක් මත කොටි ත්‍රස්තවාදී මරාගෙන මැරෙන බෝබ්බකරුවකු හරහා බෝම්බයක් පුපුරුවා ගාමිණී දිසානායක, ඔසී අබේගුණසේකර, වීරසිංහ මල්ලිමාරච්චි, ජී එම් ප්පේමචන්ද්‍ර ඇතුළු දේශපාලන නායකින් කිහිප දෙනෙකු මරා දැමිමෙනි.

මේ සම්බන්ධව එදා අගමැති චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ හිතවතෙකු මෙන්ම කොටි හිතවාදීයකු වූ එවකට රූපවාහිනි සංස්ථාවේ සභාපති ලෙස පත්කල සිටි වසන්ත රාජා සම්බන්ධ බවට රටපුරා ප්‍රචාරය විය. පසුව ඒ සියල්ලම යටපත් කෙරිනි. ගාමිණී දිසානායක පවුලේ උදවිය මේ සම්බන්ධව කොමිසමක් පත්කරන ලෙස ඉල්ලා සිටියත් ඔහුගේගේ පුතුන් පසුගිය රජයන්හි අමාත්‍ය ධූරයන් දැරුවත් එය ඉෂ්ට කර ගැනීමට අපොහොසත් විය.

මේ අතර චන්ද්‍රිකා අගමැති හා ප්‍රභාකරන් අතර ඉතා රහසිගතව සම්බන්ධයක් තිබු බව එකල ශ්‍රී ලංකාවේ නෝර්වේ තනාපති ලෙස කටයුතු කල එරික් සෝල්හයිම් පසුගිය සතියේදී ඉන්දියාවේදි ප්‍රකාශ කොට ඇත.

මේ අනුව එදා එක්සත් ජාතික පාක්ෂිකයින් මෙන්ම ගාමිණී දිසානායකට ආදරය කල මහවැලි ජනතාව ඇතුළු මෙරටේ සියලු දෙනාටම එදා ඔහු කොටි ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කිරීමේ සාධාරණ සැකයට එවකට ආණ්ඩුවේ සම්බන්ධයක් ඇති බව සත්‍යය යයි වටහා ගැනීමට එරික් සෝල්හයිම් ගේ ප්‍රකාශය ඉතා වැදගත් ය.

538 views
Main News