ගාලගෝටියක් මැද පුංචි ඡන්ද පනත සමම්ත වෙයි..
August 25, 2017 at 12:40 pm | lanka C news
පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් වූ පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය.
ඒ සදහා ඡන්ද 120ක් පක්ෂව ලැබී ඇති අතර 44 දෙනෙක් ඡන්දය ප්රකාශ කිරීමෙන් වැළකී සිට ඇත.
මෙම පනත් කෙටුම්පත සම්මත කරන ලද්දේ කාරක සභා අවස්ථාවේදීද සංශෝධන ඉදිරිත් කිරීමෙන් පසුවයි.
මෙම පනත සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී ඇති වූ උණුසුම් තත්වයන් නිසා පාර්ලිමේන්තුව කල් තබන්නටද සිදු විය.
සමෘද්ධි, සංවර්ධන සහකාර, ග්රාම නිලධාරී නිලධාරීන්ට පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් විය නොහැකි බවට වන වගන්තිය සම්බන්ධයෙන් ඒකාබද්ද විපක්ෂය විරෝධය පල කල අතර ඊට වෙනම ඡන්ද විමසීමක්ද ඉල්ලීය.
එහිදී ඒකාබද්ද විපක්ෂයේ මන්ත්රීන් හැර එජාප, ජවිපෙ ඇතුළු කණ්ඩායම් විරුද්දව ඡන්දය භාවිත කලේය.