ගාල්ලේ ඉඩම් අන්ද්‍රා ප්‍රාන්තයට.. හම්බන්තොට වරාය චීනයට.. වයඹ ඉඩම්, ත‍්‍රිමලේ තෙල් ටැංකි ඉන්දියාවට.. ඉල්ලන ඕනම රටකට කල් බදු ක්‍රමයට අපි ඉඩම් දෙනවා..- අගමැති

April 3, 2017 at 12:18 am | lanka C news
ගාල්ලේ ඉඩම් අන්ද්‍රා ප්‍රාන්තයට.. හම්බන්තොට වරාය චීනයට.. වයඹ ඉඩම්, ත‍්‍රිමලේ තෙල් ටැංකි ඉන්දියාවට.. ඉල්ලන  ඕනම රටකට කල් බදු ක්‍රමයට අපි ඉඩම් දෙනවා..- අගමැති

අපේ රටේ ඉඩම් චීනයට පමණක් නොව ඉන්දියාවට දෙන බවත්, ඕනම රටක් කල් බදු ක්‍රමයට ඉඩම් ඉල්ලනවා නම් දෙන්න ලැහැස්ති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය රූපවාහිනි නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියේය,

මෙහිදී රටේ ආණ්ඩුව මෙන්ම ජනතාව සතු ඉඩම් මෙසේ විදේශීය රටවලට ලබාදීම හරහා ආයෝජන බලාපොරොත්තු වන බව ප්‍රකාශ කලත් මෙම ආණ්ඩුවේ අඩක් ගෙවීත් මේ වන තෙක් ආයෝජන සඳහා ලබා දුන් කුලියාපිටියේ වොක්ස්වගන් කර්මාන්තශාලාව ඉදිකිරීමේ ඉඩම පවා පසුව හෙලිවූයේ එය වෙනත් පුද්ගලයෙකුට ලබා දුන් බවකි.

එම ඉඩමේ ජර්මන් වොක්ස්වගන් සමාගමේ කිසිම ආයෝජනයක් නොකරන බවට එම සමාගමේ ප්‍රකාශකයකු පසුව පැවසූහ.

මෙම ආණ්ඩුව පසුගිය රජයන් සංවර්ධනයට ගත් ණය බිල්ලෙක් ජනතාවට පෙන්නා රජයේ මෙන්ම ජනතාව සතු වටිනා ඉඩම් ඇතුළු රාජ්‍ය සම්පත් කුණු කොල්ලයට විකුණා දැමීමක් ක්‍රියාත්මක වෙන බවට මේ වනවිටත් විපක්‍ෂය මෙන්ම සමාජයේ බෝහෝ ක්‍ෂෙත‍්‍රවලින් විවේචන එල්ල වෙමින් ඇත.

62 views

25 Comments to “ගාල්ලේ ඉඩම් අන්ද්‍රා ප්‍රාන්තයට.. හම්බන්තොට වරාය චීනයට.. වයඹ ඉඩම්, ත‍්‍රිමලේ තෙල් ටැංකි ඉන්දියාවට.. ඉල්ලන ඕනම රටකට කල් බදු ක්‍රමයට අපි ඉඩම් දෙනවා..- අගමැති”

  1. Yahapala says:

    ube ammage idam da meewa…? Bloody rascal, you are not allowed to do this.

Main News