ගාල්ලේ පොලිස් ඇදිරි නීතිය ඉවතට.. 19ක් අත්අඩංගුවේ..

November 18, 2017 at 12:40 pm | lanka C news
ගාල්ලේ පොලිස් ඇදිරි නීතිය ඉවතට.. 19ක් අත්අඩංගුවේ..

ගාල්ල දිස්ත‍්‍රික්කයේ ග‍්‍රාම සේවා කොට්ඨාශ හයකට පනවන ලද ඇදිරි නීතිය අද පෙරවරු 09.00ට ඉවත් කල බව පොලීසිය පවසයි.

ඇතිවූ කලබලකාරී සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයින් 10 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් නිලධාරීන් 300ක පමණ පිරිසක් එම ප‍්‍රදේශයන්හි තව දුරටත් යොදවා සිටී.

ඊයේ රාත‍්‍රියේ ගිංතොට ප‍්‍රදේශයේ නිවාස හා වෙළදසැල් කිහිපයකට මුහුණු ආවරණය කරගෙන පැමිණි පිරිසක් විසින් පහර දීමත් සමග මෙම තත්වය ඇති විය.

55 views
Main News