ගාල්ලේ පොහොට්ටු බල මණ්ඩය චන්දිම වීරක්කොඩි පන්නා දමයි.. මහින්දට-බැසිල්ට ප‍්‍රසිද්ධියේ වැද සමාව ගන්නැයි දන්වති..

July 10, 2019 at 9:20 am | lanka C news
ගාල්ලේ පොහොට්ටු බල මණ්ඩය චන්දිම වීරක්කොඩි පන්නා දමයි.. මහින්දට-බැසිල්ට ප‍්‍රසිද්ධියේ වැද සමාව ගන්නැයි දන්වති..

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ති‍්‍රක් බලමණ්ඩල රැස්වීම පැවතියේ ඉකුත් සති අන්තයේය. රංජිත් ද සොයිසා, දොස්තර රමේෂ් පතිරණ, මොහාන් පී ද සිල්වා යන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ ප‍්‍රධානත්වයෙන් මෙකී රැස්වීම පැවැත්විණි.

ගාල්ල දිස්ති‍්‍රක්යේ හිටපු පළාත් සභා මන්තී‍්‍රවරු, පළාත් පාළන ප‍්‍රධානීන් ඇතුළු පොහොට්ටුවේ කි‍්‍රයාකාරීන් පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.

පොහොට්ටුවට එක්වූ ගාල්ල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර හා හිටපු ඇමැති චන්දිම වීරක්කොඩිට මෙකී රැස්වීම සඳහා ආරාධනා කොට තිබුණේ නැත. චන්දිම මෙකී රැස්වීමට සම්බන්ධවීම සඳහා දැඩි උත්සාහයක් ගත්තේය. එහෙත් චන්දිමගේ එම උත්සාහය සාර්ථක වූයේ නැත. බලමණ්ඩල රැස්වීම සඳහා ආරාධනා පත‍්‍ර යවා තිබුණේ පොහොට්ටුවේ ගාල්ල දිස්ති‍්‍රක් නායක දොස්තර රමේෂ් පතිරණ හා නියෝජ්‍ය නායක මොහාන් පී ද සිල්වා යන මන්තී‍්‍රවරුන්ගේ අත්සනිනි. බලමණ්ඩල රැස්වීම සඳහා සම්බන්ධ වන ලෙස ඩලස් අලහප්පෙරුම මන්තී‍්‍රවරයාට ද. රමේෂ් ආරාධනා කළේය. ඩලස් ඒ සඳහා කැමැත්ත පළ කළේය. මේ අතර චන්දිම වීරක්කොඩි මන්තී‍්‍රවරයා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හමුවී බලමණ්ඩල රැස්වීමට තමන්ට ආරාධනා නොකිරීම ගැන පැමිණිලි කළේය. විපක්ෂ නායකවරයා ඩලස් අලහප්පෙරුම මන්තී‍්‍රවරයාට දුරකථනයෙන් කථා කළේය. ගාල්ලේ රැස්වීමට චන්දිම වීරක්කොඩි මන්තී‍්‍රවරයාත් එක්ක යන්න මහින්ද රාජපක්ෂ ඩලස්ට කීවේය. පසුව චන්දිම ඩලස්ට ද කථා කළේය. බලමණ්ඩල

රැස්වීම පැවැත්වීමට නියමිතව තිබූ දිනට පෙරදින ඩලස් රමේෂ්ට කථා කළේය. මට රැස්වීමට එන්න වෙන්නේ නැහැ. මාතර තරුණ සංවිධාන පිහිටුවීමේ රැස්වීම් මාලාවක් තියෙනවා ඩලස් රමේෂ්ට කීවේය. ඩලස් බලමණ්ඩල රැස්වීමට සම්බන්ධ නොවන බව චන්දිමට ද ආරංචි වී තිබිණි. චන්දිම ද සටන අත්හැරියේ නැත. ඔහු බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයා හමුවී මේ ගැන කීවේය.

රමේෂ්ගේ ප‍්‍රතිචාරය.

මේ ගැන සොයා බලන ලෙස බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරාට පැවරුවේය. බලමණ්ඩල රැස්වීම සඳහා සම්බන්ධවීමට චන්දිම වීරක්කොඩි මන්තී‍්‍රවරයා වලිකන බව ඒ වනවිට ගාල්ල දිස්ති‍්‍රක්කයේ පළාත් පාලන ප‍්‍රධානීන්ටද ආරංචි වී තිබුණේය. රේණුක පෙරේරා පොහොට්ටුවේ ගාල්ලේ නායකයා වන දොස්තර රමේෂ් පතිරණ මන්තී‍්‍රවරයාට දුරකථනයෙන් මේ ගැන කථා කොට ඇසුවේය. චන්දිම ගැන මට පුද්ගලික ප‍්‍රශ්නයක් නැහැ. නමුත් ඔහු පසුගිය කාලයේ අපේ පක්ෂයේ අයට නොයෙකුත් හිරිහැර කළා. හබරාදුවේ පැවති පොහොට්ටුවේ

රැස්විවීම සංවිධානය කිරීමේ දී චන්දිම කළ බාදාවන් ගැන ද රමේෂ් කීවේය. ඒ විතරක් නොව චන්දිම සමග එකට සම්බන්ධ වී දේශපාලන කටයුතු නොකිරීමට බලමණ්ඩල රැස්වීමේ දී තීන්දුවක් ගෙන තියෙනවා. ඒ තීන්දුවට පිටින් මට කටයුතු කරන්න බැහැ. චන්දිමට ඕන නම් ආරාධනා කරන්න ඒ ගැන මට ප‍්‍රශ්නයක් නැහැ. නමුත් විරෝධතාවයක් ආවොත් මට චන්දිමගේ පැත්ත ගන්න බැහැ. මට ගන්න වෙන්නේ මිනිසුන්ගේ පැත්ත රමේෂ් කීවේය. රමේෂ් පතිරණ මන්තී‍්‍රවරයා කියූ කථාවත් සමග චන්දිමගේ අවසන් උත්සාහයද ව්‍යර්ත වී ගියේය. පසුව චන්දිම වීරක්කොඩි මන්තී‍්‍රවරයා බලමණ්ඩල රැස්විමේ දී වන දේ ගැන දැන ගැනීම සඳහා තම පුද්ගලික හිතවතකු සම්බන්ධ කිරීමට කටයුතු කළේය. ඔහු රැස්වීමට පැමිණ තිබුණේ අනාරාධිතවය. ඔහු ගැන සැක සිතී පොහොට්ටුවේ කි‍්‍රයාකාරිකයකු මොහුගෙන් ප‍්‍රශ්න කළේය. මහත්තයා කොහොන්ද ආවේ යැයි පෙහොට්ටුවේ කි‍්‍රයාකාරිකයා ඇසුවේය. අක්මීමන ප‍්‍රාදේශීය සභාවේ මන්තී‍්‍රවරයකු තමයි එන්න කීවේ මොහු කීවේය. මම එන්න කීවේ නැහැ මොහු චන්දිමගේ ගොලයෙක් ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරයා පොහොට්ටුවේ කි‍්‍රයාකාරිකයාට කීවේය. පසුව ඔහු රැසවීමෙන් ඉවත් කිරීමට කටයුතු කළේය. චන්දිම වීරක්කොඩි මන්තී‍්‍රවරයා පොහොට්ටුවේ සාමාජිකත්වය ලබා ගත්තද ඔහු පොහොට්ටුවට වැද්දා ගැනීමට තවමත් ගාල්ලේ පොහොට්ටුවේ ඇත්තන් කැමති නැත.

චන්දිම බැරිවෙලාවත් රැස්වීමට පැමිණියා නම් ඔහුට විරෝධය දැක්වීමටද පිරිසක් සූදානමින් සිටියහ. ගාල්ලේ පැවැත්වෙන පොහොට්ටුවේ රැස්වීමකදී මහින්ද හා බැසිල් මහත්වරුන්ට වැඳලා ප‍්‍රසිද්ධියේ සමාවගෙන කරපු පව් කමාකරගතහොත් චන්දිම ගැන සලකා බලන්න පුළුවන් රැස්වීමෙන් පසු පොහොට්ටුවේ කි‍්‍රයාකාරීන් චන්දිම ගැන එසේ කීවේය.

– divaina

65,104 Viewers

17 Comments to “ගාල්ලේ පොහොට්ටු බල මණ්ඩය චන්දිම වීරක්කොඩි පන්නා දමයි.. මහින්දට-බැසිල්ට ප‍්‍රසිද්ධියේ වැද සමාව ගන්නැයි දන්වති..”

  1. Ariyathilaka says:

    භාෂාව හසුරවා ඇති ආකාරය ප්‍රශස්ත ය.

    • ගාලු වැසියා says:

      චන්දිමයා ඔහොම හිටියට හොරෙන් හොරෙන් UNP එකත් එක්ක ඩීල් දානවා. ගාල්ලේ ජනතාවට ඒක දැනිලද කොහෙද.

  2. gunapala says:

    Niyama pawul wadaya + dictatorship.

  3. පොරමෝලා says:

    ඒ උනාට හකීම් , පවුසිලාට පොහොට්ටු ආණ්ඩුවෙ ඇමතිකම් දේවි

  4. Nana says:

    අනේ මුන්ගෙ අම්මගෙ ප්‍රජාතන්ත්‍රවාදය… වහල්ලු

  5. asela says:

    Pohottuwa please do remember that you have not won an election yet and nothing is still not certain whether you will win or not. hence you should behave in a descent manner without getting the leading supporters on the wrong side

  6. somapala says:

    මෙන්න මු වගේ “පාගා පප්පෝ ” තමි පොහොට්ටුවේ ලොක්කෝ වෙලා ඉන්නේ..හොර බැසිල මේ වගේ උන් තමි බුරන්න තියන ඉන්නේ. . මෙඅ වගේ හොරුත් එක්කද රට හදන්නේ හිටන්නේ..මුන් දැන් වෙව්ලනවා හොර කන්න විදිහක් නැතිව…මුන්ට චන්දෙ දෙන වහල් හතිකරයක් තම ඉන්න වනේ රටේ..

  7. Saliya says:

    Time has come to end the selfish & policyless politics in the sake of our motherland. Chandima should realise his mistakes first & apologies.

  8. මොවුන් චන්දය දිනා තම බල කඳවුර අතැර ආණ්ඩුවට කරණම ගැසුවේ හිටි පිනුම්, බඩපිණුම් සමග කස්තිරම්ද පෙන්වමිනි.
    නමුත් පබ ජනපති සමග හතරගාතේ දමා බිමට දෙරි ගැසූ පසු හීන් නුලෙන් පොහොට්ටුව වෙත බඩ ගාන ලද්දෙකි.
    සුබ අනාගතයක් ඇති , දෑ හිතකාමී , ජනහිතකාමී බල මුළුවක් වන “පෝහෝට්ටුව” මෙවැනි විනය පද්දතියක් රැකීම වටනේය.
    ඔලු ගෙඩි නොවටනේමය,
    ජය ධරණී!

  9. Nuwan says:

    චන්දිම ඔයා දැන් Retired වෙන්න. මොකද මමත් ගිය චන්දෙදි ඔයාට චන්දෙ දුන්න. ඒත් ඔයා චන්දෙන් පස්සේ සිරාගේ කටු ලෙවකන්න ගියානේ, අපිට ඕව හොදට මතක තියෙනවා. මහින්ද කිව්වත් ඔයාට මේ පාර චන්දෙ දෙන්නේ නැතෝ. නඩුවක් කියාගෙන ගෙදරට වෙලා ඉන්න.

  10. MD says:

    Rajapaksha……Rajapaksha…….obalage paminima ikman karanna.muntika rata ugas karanawa.minissu modaya karala salli deela badu deela alla ganna hadanne.

  11. sama says:

    Forget the past and unite, these people should understand the importance of that. And if they do`nt it`s the duty of the leaders to explain that at the earliest

  12. Goviya says:

    පවුලේ ප්‍රශ්නයක්. ‌දෙමස්සිනාලනෙ.

  13. පසුගිය 2015 අගෝස්තු 17 දින පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී වෘත්තීය පුහුණු අධිකාරියේ නිදහස් සේවක සංගමය බැහැල වැඩ කළේ චන්දිම වීරක්කොඩි මහත්තය දිනවන්න. ඡන්දේ එන විට යහපාලන ආණ්ඩුවේ දින 100 වැඩ සටහන යටතේ වෘත්තීය පුහුණු ඇමති වෙලා හිටියේ පියසේන ගමගේ මහත්තයා. ඒ වන විට වෘත්තීය පුහුණු අධිකාරියේ හොරු කණ්ඩායමක් පොදු සේවක සංගමය කියල සංගමයක් හදාගෙන අධිකාරියේ ලොකු තනතුරකට හොර පාරෙන් ආපු පට්ට හොරෙක් එක්ක පියසේන ගමගේ මහත්තයට සෙට් වෙලා නිදහස් සේවක සංගමයට පහර ගසමින් හිටියේ. ඒ කේන්තියටත් එක්ක පියසේන ගමගේටත් රිදෙන්න නිදහස් සේවක සංගමය චන්දිම වීරක්කොඩිට වැඩ කළා. ඡන්දෙන් චන්දිම ගාල්ලේ එකට ඇවිත් යහපාලනේට සෙට් වුණාම නිදහස් සේවක සංගමය චන්දිම පස්සෙන් ගියේ නැහැ. නමුත් චන්දිම වෘත්තීය පුහුණු ඇමති වුණාම නිදහස් සේවක සංගමයට සලකාවි කියල හිතුවා. නමුත් චන්දිම, වෘත්තීය පුහුණු ඇමති වෙලා සෙට් වුණේ අර පට්ට හොරාත් එක්ක පොදු සේවක සංගමයට. ඒකට හරියන්න පුද්ගලික ලේකම්, අධිකාරියේ උප සභාපති වෙලා නිදහස් සේවක සංගමයට පහර ගැහුවා. නිදහස් සේවක සංගමයේ ලේකම් තුමිය ඇතුළු පිරිසක් පොහොට්ටුවේ කියල එහෙට මෙහෙට මාරු කලා. නමුත් අද පොදු සේවක සංගමයේ සෙට් එකක් දාලා, අර පට්ට හොරාම පොහොට්ටුවේ වෘත්තීය සමිතියක් හදල. දැන් චන්දිමත් පොදු සේවකේ උනුත් පට්ට හොරාත් පොහොට්ටුවේ. එහෙම කෙලෙහි ගුණ නොදන්න කෙනෙක් චන්දිම වීරක්කොඩි කියන්නේ. රමේෂ් පතිරණල එහෙම කරපු එක හරි.

  14. Amarabandu says:

    wadinna hamuduruwoda

  15. analyst says:

    deshapaalana paksha badaa gena natana gon minissu
    oya kavuruth ekayi

Main News