ගාල්ලේ ශ‍්‍රීලනිප මැයි රැලියට පාක්ෂිකයින් ලෙස සිසුන් ගෙනත් මාට්ටුයි.. එජාපයෙන් පරීක්‍ෂණ අරඹයි..

October 6, 2016 at 9:20 am | lanka C news
ගාල්ලේ ශ‍්‍රීලනිප මැයි රැලියට පාක්ෂිකයින් ලෙස සිසුන් ගෙනත් මාට්ටුයි.. එජාපයෙන් පරීක්‍ෂණ අරඹයි..

පසුගිය මැයි දිනය වෙනුවෙන් ශ්‍රීලංකා නිදහස් පක්ෂ රැලි දෙකක් පවත්වනු ලැබු අතර කිරුලපන රැලිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවත්වූ අතර රජයේ පාර්ශවයේ රැලිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ගාල්ල සමනල පාලම අසළ පැවත්වුනි.

ගාල්ල පැවති මැයි දින රැලියට සහභාගි කරවීම සඳහා ශ්‍රීලංකා නිදහස් පාක්ෂිකයින් ලෙස පෙන්වමින් ජර්මන් තාක්ෂණ විද්‍යාලය සිසුන් සහභාගි කරවා ඇති අතර මේ සඳහා එම විද්‍යාලය අයත් නිපුණතා සoවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය විසින් ඒ සඳහා ප්‍රවාහන හා සියලු වියදම් දරා ඇත.

මේ සම්බන්ධයෙන් මේ වනවිට අමාත්‍යාංශ මට්ටමේ පරික්ෂණයක් පවත්වන ලෙස නිපුණතා සoවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍ය රoගේ බණ්ඩාර විසින් උපදෙස් අමාත්‍යාංශයේ නිලධාරින් වෙත ලබාදී ඇතත් මේ වන තෙක් එම වාර්තාව තමන් වෙත ලබාදීමට අවශ්‍ය කටයුතු අදාළ නිලධාරින් විසින් පියවර ගෙන නොමැති බවත් මෙය යට ගැසිම සම්බන්ධයෙන් එහි පිටුපස ඉන්නා පුද්ගලයින් ගැන ඉදිරියේදි හෙලිකරන බවත් ඔහු සඳහන් කොට ඇති බව වාර්තා වේ.

මෙම අමාත්‍යාංශය භාර කැබිනට් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පත්කල මන්ත්‍රී මහින්ද සමරසිoහ වන අතර එක්සත් ජාතික පක්ෂ පුත්තලම් දිස්ත්‍රික් මන්ත්‍රී රoගේ බණ්ඩාර එම අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍යවරයායි.

27 views