ගාල්ලේ සන්ධාන ලයිස්තුව අහෝසි කරනු..අපි නඩු යනවා..- එජාප මන්ත්රී විජේපාල
May 12, 2017 at 3:50 pm | lanka C news
ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්රී ධුරය නීති විරෝධී යයි අභියාචනාධිකරණය විසින් තීන්දු කිරීමත් සමග ගාල්ල දිස්ත්රික්කයේ සන්ධාන ලැයිස්තුව අහෝසි කරන ලෙස ඉල්ලමින් නීතිමය ක්රියාමාර්ග ගන්නේ යයි ගාල්ල එජාප මන්ත්රී විජේපාල හෙට්ටිආරච්චි පවසයි.
මේ ගැන ගාල්ලේ සෙසු එජාප අපේක්ෂකයන් සමගද සාකච්ඡ කළ බවද පවසන මන්ත්රීවරයා නීති උපදෙස්වලින් පසු ඉදිරි පියවර ගන්නා බවද සදහන් කරයි.
මැතිවරණ කොමිෂන් සභාවද මේ ගැන දැනුවත් කරන බවද පවසන ඔහු වැරදි තොරතුරු ඉදරිපත් කරමින් සකසා ඇති සන්ධාන ලැයිස්තුව අහෝසි කර සාධාරණය ඉටුකල යුතු බවද පවසයි.