ගාල්ලේ සමස්ත ප්රථිපලය අවසන් කර අතුරු මැතිවණයක් ඕනෑ..- ඒකාබද්දයේ ගාලූ මන්ත්රී කියයි…
May 12, 2017 at 6:48 pm | lanka C news
ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්රී ධුරය සම්බන්ධයෙන් ලබා දී ඇති අභියාචනාධිකරණ තීන්දුව මත ගාල්ලේ සන්ධාන ලැයිස්තුව අවලංගු කරන්නැයි නඩු දමා පලක් නැති බවත් කල යුත්තේ ගාල්ල දිස්ත්රික්කයේ සම්පූර්ණ මැතිවරණ ප්රතිඵලයම අවලංගු කර යලි ඡන්දයක් පැවැත්වීම බවත් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ගාලූ දිස්ත්රික් මන්ත්රී නිතීඥ මොහාන් පී. සිල්වා මහතා පවසයි.
‘සන්ධාන නාම යෝජනා ලැයිස්තුව පමණක් නෙවෙයි එහෙනම් ගාල්ල දිස්ත්රික්කය සදහා නැවත මැතිවරණයක් තියන්න ඕන. ඒකට අපි කැමතියි.එවිට ආණ්ඩුවේ තත්ත්වය බලාගන්නත් පුළුවන්’ යයිද ඔහු සදහන් කරයි.