ගාල්ල ක‍්‍රිකට් පිටිය ඉවත් කරන්නැයි කිසිදු නිර්දේශයක් අප කර නෑ..- යුනෙස්කෝ සංවිධානය කියයි..

July 23, 2018 at 10:40 am | lanka C news
ගාල්ල ක‍්‍රිකට් පිටිය ඉවත් කරන්නැයි කිසිදු නිර්දේශයක් අප කර නෑ..- යුනෙස්කෝ සංවිධානය කියයි..

ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රීකට් ක‍්‍රීඩංගණය ඉවත් කරන ලෙස කිසිදු නිර්දේශයක් තම සංවිධානය විසින් ඉදිරිපත් කර නැති බව යුනෙස්කෝ සංවිධානය සදහන් කරයි.

යුනෙස්කෝ සංවිධානයේ ශ‍්‍රී ලංකාවේ මහ ලේකම් ලාල්ල රණවීර මහතා සදහන් කරන්නේ එම ක‍්‍රීඩාංගණය තුල ඉදිකර ඇති මහින්ද රාජපක්‍ෂ ක‍්‍රීඩංගණය, ඊට දෙපසින් ඇති ක‍්‍රීඩා මණ්ඩප ද්විත්වය පමණක් ඉවත් කල යුතු යයි යුනෙස්කෝව විසින් නිර්දේශ කර ඇති බවයි.

එමෙන්ම ක‍්‍රීඩංගනය තල ඉදිකර ඇති වෙලද සැල් මෙන්ම පුහුණුවීම් කරන ස්ථානද ඉවත් කල යුතු යයි සදහන්ය.

ඒ අනුව 2019 දෙසැම්බර් 01 දිනට පෙර මෙම තත්වය නිවැරදි නොකලහොත් ගාළු කොටුව ලෝක උරුම ලයිස්තුවෙන් ඉවත් වීමේ අවදානමක් ඇති බවද ඔහු වැඩි දුරටත් කියා සිටී.

61 views
Main News