ගාල්ල ක්‍රිකට් පිටිය ඉවත් කරන්නේ නෑ.. මාතරටත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියක් ගේනවා..
July 25, 2018 at 6:27 am | lanka C news
ගාල්ල ක්‍රීඩාංගණය ඉවත් කිරීමට නොව මාතර දිස්ත්‍රික්කයට එවැනිම ජාත්‍යන්තර ක්‍රීඩාංගනයක් ලබා දීම තම අරමුණ බව අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.
හෙතෙම මේ බව පැවසුවේ ගැටබරු ඇසල පෙරහැර සම්බන්ධයෙන් ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් සහ පෙරහැර කමිටුව සහභාගීත්වයෙන් ගැටබරු විහාරයේ පැවති සාකච්චාවකින් අනතුරුව මාධ්‍යවේදීන් අමතමිනි.
වැඩි දුරටත් අදහස් දැක්වූ හෙතෙම,
පසුගිය දවස්වල විශාල ආන්දෝලනයකට ලක්වුණු ගාළු ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත් කිරීම දේශපාලන ලෝකයේ දැඩි කතා බහට ලක්වුනා.ගාළු උරුමය සම්බන්ධයෙන් වගකීම දක්ෂිණ සංවර්ධන අමාත්‍යශයේ වගකීම තියෙන්නේ.අනවසර ඉදි කිරීම් සම්බන්ධයෙන් යම් යම් ගැටළු තියෙන්න පුළුවන්.මේ හැම ප්‍රශ්නයකම එලියට දන්නා කළින් ඒ සම්බන්ධයෙන් නිසි සොයාබැලීමක් සිදු කරලා ඒ ගැන රජය සහ මහජනතාව අපහසුතාවයට පත් නොවන අයුරින් ක්‍රියා කල යුතුයි.
ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත් කරන්න සුදානම් වෙනවා කියලා දැනගත්ත ගමන් මිනිස්සු කුපිත වුනා.සමහරු හිතන්න ගත්තා මේ මොන කොලමක්ද කියලා.
ඇත්තටම එතන ගාළු ක්‍රීඩාංගණය ඉවත් කිරීමක් නෙමෙයි තිබුනේ.ලෝක උරුම කොටුපවුරට හානිවෙන අන්දමේ යම් යම් අනවසර ඉදිකිරීම් ඇත්නම් ඒ ගොඩනැගිළි ඉවත් කරන්න තමයි සිදු කල යුතුව තිබුණේ.නමුත් මාධ්‍යයේ ප්‍රචාය ගියේ ගාළු ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත් කරන්න සුදානම් වෙනවා කියලා.මම මාධ්‍යට දොස් කියන්නේ නැහැ.සමහර වෙලාවට මාධ්‍යට ප්‍රකාශ නිකුත් කිරීමේදී දුර දිග නොබලා කටයුතු කිරීමෙන් තමයි මෙවැනි තත්වයක් ඇතිවෙන්නේ.
ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත් කරනවා කියලා අහුනමත් හිතට දැනෙන්නේ ලෞ පීඩනයක්.මමත් ක්‍රිකට් ලෝලියෙක්.මගේ හිතටත් ඒ වචනය ඇහුණාම හිතට අමුත්තක් දැනුනා. දැනට ගාල්ල ක්‍රීඩාංගනයේ මතබේදයට තුඩු දීපු පැවිලියන් එකේ දැනට පන්දාහක පිරිසක් සඳහා ආසන තිබෙනවා.උස පහත් කරණ පැවිලියන් එකක් ඉදි කිරීමට විවිධ යෝජනා ලැබී තියෙනවා.එක දින තරඟාවලි පැවැත්වීමේදී ක්‍රිකට් ලෝලීන්ට ලොකු ගැටලුවකට මුහුණ දෙන්න සිදුවෙනවා.උස් පහත් කරන පැවිලියන් එකක් හැදුවොත් තුන්දහසක වගේ සෙනගක් වගේ සෙනගක් තමයි යොමු කරන පුළුවන්.දැනට කෙත්තාරාමයේ හතලිස් දහසක සෙනගක් ඇතුළු කලත් බොහෝ ක්‍රිකට් ලෝලීන් ටිකට් එකක් ගන්න බැරිව පාරට වෙලා ඉන්නවා.සමහර මගේ යාලුවෝ මට කතා කරලා අහනවා ටිකක් එකක් අරන් දෙන්න පුළුවන් ද කියලා.ඒ ක්‍රීඩාංගන වල එවැනි තත්වයක් තියෙද්දී පන්දහසක් ඇතුළු කරන්න පුළුවන් පැවිලියන් එක වෙනස් කරලා තුන් දහසක් යොමු කරන්න පුළුවන් පැවිලියන් එකක් හදනවා කියන්නෙත් ක්‍රීඩා ලෝලීන්ට කරන අසාධාරණයක්.ඒ නිසා ක්‍රිකට් ලෝලීන්ටත් අපහසුතාවයක් ඇති නොවන අන්දමේ වැඩ පිල්වෙලක් ගැන අධ්‍යනය කරමින් සිටිනවා.මට ලෝක උරුමයත් ඕන.ක්‍රිකට් ක්රීඩාංගණයත් ඕන.රැවුලයි කැඳයි දෙකම බේරගන්න පුළුවන් විදියේ විසඳුමක් අපි හොයමු.
මගේ අරමුණ ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය වගේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය ක් මාතරට ගේන්න.ඒ සම්බන්ධයෙන් සුදුසු ඉඩම් කොටසක් සොයාගැනීම සඳහා මම මේ දවස්වල වෙහෙසෙනවා.
අපේ රටට විශාල කීර්තියත් ලැබුනා ක්‍රිකට් ක්‍රීඩාවෙන්.ක්‍රිකට් ඇතුළු සියලුම ක්‍රීඩා සදහා ශ්‍රී ලාංකිකයින් දක්ෂ බව ජාත්‍යන්තරයට ගෙනියන්න පුළුවන් එවැනි ක්‍රීඩා දියුණු කිරීමෙන්.ඒ සඳහා හැකි සෑම දායකත්වයක් රනිල් වික්‍රමසිංහ මහතා ප්රමුඛ අපේ ආණ්ඩුවේ එක කාර්යයක්.
අපි ටාගට් එකක් ගන්න ඕන 2020 වෙනවිට අත්පන්දු,පාපන්දු ඇතුළු අපේ රටේ සියළු ක්‍රීඩා තරඟ සදහා ජාත්‍යන්තර ජයග්‍රහණ ලබාගන්න.ඒ සඳහා සියළු දායකත්වය ලබා දෙන්න ක්‍රීඩා අමාත්‍යංශයට සහය දෙන්න දක්ෂිණ සංවර්ධන අමාත්‍යවරයා විදියට මම කටයුත් කිරීමට සුදානම් යැයි පැවසීය.
– ප්‍රියංකර ගමගේ
Redde katha natuwa hambanthota ground eka araksha karapan
Matarata denna kalin.
MR gen pali gannawa kiyala mun raten paligannawa ne.
යකෝ .. හම්බන්තොට ක්‍රිකට් ගෑහුව නෙවී ගෑස්සුව. බෝලෙ හුලගෙ යන ග්‍රවුන්ඩ් එකක් ගහත හෑකිද ක්‍රිකට්.. මිනිහෙක් එන්නෙ නෑති කෑලයක් මෑද ග්‍රවුන්ඩ් එකක් හදල.
රනිල් හදන්න ගියෙ පොලොන්නරුවේ වරායක්.
අපෝ මේගොල්ලන්ගේ මාර ටාගට්. හරි පිලිවෙලකට, ප්රතිපත්තියකට වැඩ කරන කට්ටියනෙ.
දකුණේ හීනමාන කාරයෙක්
Wajira Abeywardene maha jana kreedanganyaka gana kiya wanawa. Me nona mahattaya wena kathawak kiyanawa. Faizer Mustapa thawath ekak kiyanawa?
2020 වෙනවිට අත්පන්දු,පාපන්දු ඇතුළු අපේ රටේ සියළු ක්‍රීඩා තරඟ සදහා ජාත්‍යන්තර ජයග්‍රහණ ලබාගන්නලු හදන්නෙ. යමපාලනේ ආවට පස්සෙ හොඳට තිබ්බු ක්‍රිකටුත් නෑත්තට නෑති උනා.